බිඟුන් මේනක ගමගේ
නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහනට තොරතුරු දුන්නේ යැයි කියන ශ්‍රාවක පිරිසකගේ දුරකථන ඇමතුම් විස්තර සොයාගෙන ඔවුන් කැඳවා ප්‍රශ්න කිරීමට කොල්ලුපිටිය පොලිසිය කටයුතු කර ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කරයි.
පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා මැදිහත් වූ සිදුවීමක් සම්බන්ධයෙන් විකාශය වූ මෙම වැඩසටහනින් පසුව ඇමැතිවරයා නෙත් එෆ්.එම් ආයතනයෙන් තොරතුරු විමසා ඇතැයි ද එහෙත් මූලාශ්‍ර හෙළි නොකිරීමේ පදනම මත එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට නෙත් එෆ්.එම් මාධ්‍ය ආයතනය කටයුතු කර ඇතැයි ද එම සංවිධානය කියයි.
එහෙත් ඉන් පසුව දුරකථන ඇමතුම් දත්ත ලබාගෙන ඒ ඔස්සේ නෙත් එෆ්.එම් ශ්‍රාවකයන් පිරිසක් කොල්ලුපිටිය පොලිසියට කැඳවා ඇතැයි චෝදනා කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම ඇමතුම් දත්ත ලබාගත් ආකාරය ප්‍රශ්නකාරී යැයි ද අවධාරණය කරයි.
ජනමාධ්‍යකට අදහස් ප්‍රකාශ කිරීම ප්‍රශ්න කිරීම මගින් මෙම සිදුවීමේදී පුරවැසියා සතු භාෂණයේ ප්‍රකාශනයේ ව්‍යවස්ථාපිත අයිතිය උල්ලංඝණය කර ඇතැයි ද මෙය පැහැදිලිවම මූලාශ්‍ර ආරක්ෂා කරගැනීමට මාධ්‍ය ආයතනයක් සතු අයිතිය උල්ලංඝණය කිරීමකැයි ද එහි සඳහන් වේ.
එම නිසා මේ ගැන පුළුල් පරීක්ෂණයක් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින්නේ යැයි ද එහි වැඩිදුරටත් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පොලීසිය සහ නීතිය නොදන්නා සමහර ඇමතිවරු ගිය දුර. ප්රවෘත්ති මුලාශ්‍ර ගැනත්, එම මුලාශ දුන් අය ගැනත් විමසීම ජනමාධ්‍ය නිදහස සහ මාධ්‍ය වලට කරන භයානක තර්ජනයක්. මේවා නොදන්නා පොලිස් නිලධාරීන් හා ඇමතිවරුන් සිටින එකම රට මේ රට වෙන්න ඇති. කොල්ලුපිටිය පොලීසිය කර තියෙන්නේ මහා දඩබ්බර නීති විරෝධී වැඩක්. මේ ඇමැතිවරයාටත්,අදාළ පොලිස් නිලධාරීන්ටත් විරුද්ධව රජය නිසි පියවර ගත යුතුයි.
ප්රවෘත්ති මුලාශ්‍ර හෝ ඒවා දුන් අය ගැන අධිකරණයකදී හෝ හෙළි නොකිරීමේ අයිතිය ජනමාධ්‍යකරුවා සතු සුවිශේෂී අයිතියක්. ඒ නිසා අධිකරණයක විනිසුරුවෙකු හෝ ඒ ගැන විමසන්නේ නැහැ. එවන් බලවත් අයත් නොවිමසන දේවල් කොල්ලුපිටිය පොලීසියත්, එක්තරා ඇමතිවරයෙකුත් විමසා තියෙනවා. අනේ රටකට ගිය කල.