බිමල් ශ්‍යමන් ජයසිංහ
සිංහරාජ අඩවියේ සතුන් දඩයමේ ගිය පුද්ගලයෙක් විදේශීය රටක නිෂ්පාදිත බෝර දොලහ වර්ගයේ ගිනි අවියක් හා උණ්ඩ තුනක් සමඟ බදුරලිය ගොල්ලුන්න ප්‍රදේශයේ දී අද (5) අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය කියයි.
පෙදරේරු රැකියාවේ නිරත ගොල්ලුන්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
සතියකට දින දෙක තුනක් රාත්‍රී කාලයට ගිනි අවියත් රැගෙන සිංහරාජ අඩවියට ඇතුළු වී එහි සැරිසරන ගෝනුන්,ඌරන් මෙන්ම ඉත්තෑවන් මරා විකුණන බවට කලුතර දිසා අපරාධ එකකයට ලද තොරතුරක් අනුව අද (5) සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු දඩයමේ ගොස් පැමිණෙමින් සිටි බව ද පොලිස් නිලධාරියකු පැවසීය.
සැකකරු සතුව තිබු ගිනි අවියට බලපත්‍රයක් නොතිබු බව පවසන පොලිසිය එම ගිනි වෙනත් අපරාධ සඳහා යොදා ගෙන ඇද්ද යන්න පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේ නිසයි අර අහිංසක අලි දෙන්නවත් අල්ලන්න කියලා ඔය කට්ටිය පහුගිය දවස් ටිකේම කිව්වේ. සිංහරාජය ජාවාරම්කාරයින්ගේ තෝතැන්නක් බවට අද වන විට පත්වෙලා තියෙනවා. අර අලි දෙන්නගෙන් කරදර වැඩි හරියක්ම උනේ එවන් ජාවාරම් කරන අයටයි. මේ මුළු රටම දැන් අස්සක් මුල්ලක් නෑර ජාවාරම්කාරයින්ගේ සහ හොරුන්ගේ නිජ බිමක් වෙලා.