(මනෝප‍්‍රිය ගුණසේකර)
වලල්ලාවිට ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරල මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (5) වරෙන්තු නිකුත් කළේය.
වලල්ලාවිට ප‍්‍රාදේශීය සභා බලප්‍රදේශය තුළ පස් ප‍්‍රවාහනය කිරීම සඳහා බලපත‍්‍රයක් ලබාදිම සඳහා රුපියල් ලක්‍ෂ 10 ක අල්ලසක් ඉල්ලා ලබා ගන්නා ලදැයි ඔහුට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් විනිසුරුවරයා එලෙස නියම කළේය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුගේ නම අඩගැසු නමුත් ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට වරෙන්තු නිකුත් කළ විනිසුරුවරුයා ඔහුගේ ඇපකරුවන්ට නොතීසි නිතුත් කළේය.
මෙම නඩුව ලබන අගොස්තු 8 වැනිදා යළි කැඳවීමට ද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි. එක නිසා වෙන්නැති වරෙන්තු නිකුත් කරන්න ඇත්තේ.
දැන් පස් කපාගන්න අවසර දීමට ලක්‍ෂ 10 යි. පලා බබෙක් වුනහම මුළු වැයික්කියේම පස් කපා ගන්න ලක්‍ෂ 100 යි. ඊටත් ලොකු කෙනෙක් වුනහම වනාන්තරයක්ම කපා ගන්න…කීයද?