(අංජුල මහික වීරරත්න)
ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය අද (4) පස්වරුවේ අරලියගහ මන්දිරයට පැමිණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
රාජ්‍ය අමාත්‍යවරිය මෙසේ අරලියගහ මන්දිරයට පැමිණියේ කොළඹට පැමිණි වහාම තමා හමුවන්නැයි අග්‍රාමාත්‍යවරයා ඊයේ (3) කළ දැනුම් දීමකට අනුවය.
යාපනය වීරසිංහම් උත්සව ශාලාවේ පැවති උත්සවයකදී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරයා දීර්ඝ වශයෙන් කරුණු විමසා ඇති බව දැනගන්නට ඇත. කෙසේ වෙතත් මෙම හමුවේදී සකච්ජා වූ කරුණ පිළිබඳව මේ වන තුරු මාධ්‍යට ප්‍රකාශයක් නොකෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන බොරු හමුවීම් ද..
අහලා තියෙන විදිහටනම්, අපේ පුරාන රජවරු රටට ද්‍රෝහිවෙන ඕනෑම කෙනෙකුව හිසගසා දමනවා.
අගමැතිවරයා මැයට මොනම හේතුවක් නිසාවත් සමාව ලබා දුනහොත් ඔහු වහාම සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතුය නැතහොත් ඔහුව ධූරයෙන් පමණක් නොව දේශපාලනයෙන්ම එලවා දැමීමට ජනතාව පෙළගැසීම කිසිවෙකුට පාලනය කල නොහැක ඔහුත් ජනපතිවරයත් මෙය හොදින් අවබෝධ කර ගතයුතුව ඇත......
අගමැති කියන්න ඇති 2020 ත් මේ මෝඩ හැට දෙලක්ෂෙ ජන්දෙ අරන් බලයට එනකම් ටිකක් ඉවසල අර රවී කරුණානායක වගේ පැත්තකට වෙලා ඉන්න කියලා.ආවට පස්සෙ ඉතුරු ටික සම්පූර්ණ කරලා දෙන්නම් කියලා ..අපි නොදන්න විනය පරීක්ෂණ ..