දයාරත්න ඇඹෝගම
සිංහල දේශපාලන නායකයන්ගේ නොන්ජල් කම, බල ලෝබය සහ අවස්ථාවාදී බව විජයකලා මහේෂ්වරන් වැනි අයගේ ප්‍රකාශවලින් පෙනී යන්නේ යැයි ගලබොඩඅත්තේ ඥානසාර හිමයෝ අනුරාධපුරයේදි පැවසුහ.
අනුරාධපුර ශ්‍රි මහා බෝධින් වහන්සේ අභියස අද (05) පස්වරුවේ පැවති ආගමික වතාවත් රැසකට ඒ හිමියෝ සහභාගි වුහ.
ශ්‍රි මහා බෝ සමිඳු ඉදිරිපිට වැලිමළුවේදි ඒ හිමියන්ට සෙත් පතමින් ස්වාමින් වහන්සේලා පිරිත් සජ්ජායනා කර පිරිත් නුල් ගැට ගසා ආශිර්වාද කළහ. අනතුරුව අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන් බැහැ දැක ඥානසාර හිමියෝ ආශිර්වාද ලබාගත්හ.
අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඥානසාර හිමියෝ මෙසේ ද කීහ.
‘‘විජයකලා මහේෂ්වරන්ලාගේ දේශපාලනය වටහා ගැනීම හරිම අපහසුයි. සමහර අවස්ථාවල විජයකලා මහේෂවරන් ඇතුලු දෙමළ සන්ධානයේ සුමන්තිරන්ලා, මාවෙයි සේනාධිරාජලා උද්ඝෝෂණය කරනවා උතුරේ හමුදා බලය,පොලිස් බලය අවම කරන්න කියලා. මේ ආරක්ෂක මුර කපොලු වැඩියි ඒවා ඉවත් කරන්න කියලා.
ඒ ආරක්ෂාව ඉවත් කිරිමෙන් පස්සේ දරුවෝ ලිංගික අපචාර වලට නැත්නම් දුෂණ වලට ගොදුරු වෙන කොට ආපහු විජයකලා මහේෂ්වරන් ඇතුලු මේ ද්‍රවිඩ සංධානයට අදාල ඒ කණ්ඩායම් ආපහු ආරක්ෂක අංශවලටම ඇගිල්ල දික් කරනවා.
මේ අයට දෙමළ නිසා ඇති වෙච්ච ප්‍රශ්නය මොකක්ද කියලා තමයි අපට අහන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ විජයකලා වාගේ උදවියගේ ප්‍රකාශ වලින් පේන්නේ මේ සිංහල දේශපාලන නායකයන්ගේ නොන්ජල් කම. වෙන මොකවත් නෙමේ ඒ අයගේ තියෙන බල ලෝබය සහ අවස්ථාවාදි බව. මේවායින් රටක එක නීතියක් නැති බව තමයි ගම්‍ය වෙන්නේ.
ව්‍යවස්ථාවේ අත තියලා බෙදුම්වාදයට ඉඩ දෙන්නේ නැහැ කියලා සපථ කරපු මන්ත්‍රිවරියක්,ආණ්ඩුවේ ඇමතිවරියක් එයාට මේ වාගේ ප්‍රකාශයක් කිරිමේ හැකියාවක් තියෙනවාද? ඒක පැත්තකින් තියමුකෝ වහාම රටේ නීතිය ක්‍රියාත්මක කරන්න කියන එක තමයි සමස්ථ රට වැසියාගේ බලාපොරොත්තුව. සරල ලෙස කියන්න තියෙන්නේ මෙච්චරයි විහිලු කොමඩි චිත්‍රපටි දැන් අපේ රටේ නැහැනේ. ගොඩාක් අඩුයි. ඒ නිසා ජනතාවට නොමිලේම විහිළු සපයන කණ්ඩායමක් දැන් ආණ්ඩුවේ සිටිනවා.‘




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ප්‍රකාශය අපි හෙළා දකිමු. ඇමතිවරියක් තබා ශ්‍රී ලාංකික කිසිදු පුරවැසියෙක් එසේ ප්‍රකාශ නොකළ යුතුය. ඒවගේම ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිට පිරිත් සජ්ජායනා කර පිරිත්නූල් ගැටගසා ආශීර්වාද ලබා ගෙන වෛරයෙන්, ක්‍රෝධයෙන් කතා කිරීම කවර ධර්මයක්ද? එකම මිනිස් වර්ගයකට එකම රටක සමාන අයිතිවාසිකම් ඇතිව සාමයෙන් ජීවත්විය හැකි ධර්මයක් ලොව නැතිද? යමෙක් කැපවිය යුත්තේ එවැනි ධර්මයකටයි. ආගමික ස්ථානයක් තිබිය යුත්තේ ඒ සඳහාය.
අව්ව තිබෙන වෙලාවට පිදුරු වේලා ගතයුතුයි නේද හාමුදුරුවනේ?
ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව !! ඔබ වහන්සේ නිසා තමා මේ ලෝකේ සිංහල ජාතියක් ඉන්නවා කියලා දන්නේ.
මේ අදහසට නම් එක පයින් එකඟයි අපේ හාමුදුරුවනේ
වර්ණකුලසූරිය මහතාගේ අදහස නිවැරදිය
ඔබ වහන්සේගේ කතාව මමත් සම්පූර්ණයෙන්ම අනුමත කරනවා..
"ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී" - විනය පිටකයට අනුව හිටියනම් පිරිත් නූල් බඳින්න ඕනෙ නැහැනෙ.
තමුන්නාන්සේට එයා කියපු කතාවේ ඇතුළත තේරුම් ගන්න බැරි වුණාට අපිට පුළුවන්. ඒ කියලා සුමානෙකින් අනුරාධපුරේ වුනේ මිනීමැරුමක්.. ඒකට මොකද කියන්නේ...? මට හිතාගන්න පුළුවන් ඔයාගේ ධර්මයේ දැනුම...
අන්න හරි Rap . ඔය හාමුදුරුවෝ මරණ තර්ජන චෝදනාවලට ලක්වෙච්ච චීවර දාරියෙක්. අනික මහනායක හාමුදුරුවරු කිව්වා නේද සිව්රු ඇරලා මිසක් එලියට දන්නා එපා කියල.කව්ද එයාට උඩමළුවට යන්ඩ දුන්නේ?