සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
පළාත් සභා මැතිවරණය ප්‍රමාද නොකර පවත්වන්නැයි විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතා පාර්ලිමේන්තුවේදී අද (6) රජයෙන් විශේෂ ඉල්ලීමක් කළේය.
විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් පැවැති සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ දීය.
විපක්ෂනායක සම්පන්දන් මහතා එහිදී මෙසේ ද කීය.
පළාත් සභා මැතිවරණ කලට වේලාවට පැවැත්වීමට නොහැකි වීම කණගාටුදායකයි. පළාත් සභාවලට උපරිම බලය දිය යුතුයි. පළාත් සභා මැතිවරණයට කලින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දෙනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැතිව අපට අනාගතයක් නැහැ.
මේ රට නොබෙදුණු එක්සත් රටක් විදියට ඉදිරියට ගෙන යාම අපේ අපේක්ෂාවයි, තවමත් අපට විශ්වාසනීය බලය බෙදාගැනීමේ ක්‍රමයක් ඇති කරන්න බැරිවුණා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ එයා කිව්ව නං අනිවාර්යයෙන් ඡන්දෙ තියනවා. එයත් දැන් අපේ රට පාලනය කරන එක්කෙනෙක් තමයි .
ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයෙක් සිටින බව මම අදයි දන්නේ. ගොඩක් සතුටුයි.
එක්සත් කියන්නේ බෙදිලා වෙන්වෙලා තියෙන ප්‍රදේශ කරලා හදන එකකට "united " ඇමෙරිකාවේ ප්‍රාන්ත වෙන වෙනම පාලනය වුනේ. ඒවා එකතු කරලා එක්සත් ජනපදය හැදුවා.. එංගලන්තේ රාජ්‍ය හතරක් එකතු කරලා එක්සත් රාජ්‍ය (UK) හැදුවා. අපිට එකතු කරන්න දෙයක් නෑ.. අපි ඒකීය රටක් මිසක් එක්සත් රටක් වෙන්න දෙයක් නෑ.. මේ පුංචි රටේ මොනවද බෙදා පාලනේ කරන්න තියෙන්නේ.. සුද්දගේ කාලෙත් අපි පාලනේ වුනේ ඒකීය රටක් විදියට. මුළු රටටම එක නීතියක්, එක කොඩියක්, එක ශ්‍රී ලාංකීය ජාතියක් විදිහට පෙළ ගැහෙන්න ඕනේ. මේ ප්‍රශ්නේ තියෙන්නේ උතුරටද ? එහෙනම් නුවර, සබරගමුව, දකුණ, උතුරු මැද, මේ හැම එකේම සංස්කෘතික වෙනස්කම් තියෙනවා එහෙම කියල ඒවා වෙනම පාලනේ කරන්න ඕනෙද? ජනතාව අදහන ආගම අනුව හෝ, වැඩියෙන් ඉන්න ජාතිය අනුව , රට කැලි වලට බෙදලා පාලනේ කරන්න කියලා තමා මෙයා කියන්නේ. එතකොට ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව වගේ අදහන ආගම හෝ ජාතිය අනුව වෙන් කරන්න ගියොත් කෑලිවත් ඉතුරු වෙන්නේ නෑ. මොකද ඒවායේ විවිධ ජාතීන් ජීවත් වෙනවා. හැබැයි, එක කොඩියක් යට, එක ජාතියක් විදියට, එක නීතියක් යටතේ.. මේ රට කවදාවත් යුද්දෙකින් පැරදිලා නෑ.. හැබැයි අපි ද්‍රෝහීන්ට අහු වුනා..