නව ජනාධිපති ලේකම් ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන උදය ආර් සෙනවිරත්න මහතා පත් කර තිබේ.
ඒ මහතා අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලිපිය ලබා ගත්තේය.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටි සෙනවිරත්න මහතා මීට මාස කිහිපයකට පෙර විශ්‍රාම ලැබීය.
ඊට පෙර අමාත්‍යංශ ගණනාවක ලේකම්, අතිරේක ලේකම් ඇතුළු තනතුරු ගණනක් හොබවා ඇති ඒ මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකි.
එම විශ්ව විද්‍යාලයේම ජන සන්නිවේදනය පිළිබඳ විද්‍යාපති උපාධිය ලබා ඇති ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් සංවර්ධන සන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සහ පළාත් පාලන අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලබාගෙන ඇත.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුතින් මෙම තනතුරට පත්වුණු මෙම නිලධාරියාට අපගේ සුබපැතුම් පිරිනමන අතර තමන් උපන් මාතෘභූමිය වෙනුවෙන් එහි උන්නතිය වෙනුවෙන් තම කශේරුකාව " බට පදුරු න්‍යාය නොහොත් උණ පඳුරු න්‍යාය " සමග පටලවා නොගෙන එඩිතරව නිර්භයව මෙන්ම අවංකව තම සේවය රට වෙනුවෙන් නිහතමානීව ලබාදේවි... යන බලාපොරොත්තුව සමග අප බලා සිටින්නෙමු.
හදවතින්ම සුබ පැතුම්!
නියමයි සර්