(මනෝප්රිය ගුණසේකර)
සිය නීත්‍යානූකූල ආදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා දේපළ වල හිමිකරුව සිටින බවට චෝදනා ලැබ සිටින හිටපු වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමති රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය ලබන අගොස්තු 03 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (14) තීරණය කළේය.
මෙම නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී රෝහිත අබේගුණවර්ධන මහතාට පාර්ලිමෙන්තුවේ විශේෂ සැසිවාරයකට සහභාගීවීමට අවශ්‍ය බව පවසමින් නීතීඥ නිරෝෂණ සිරිවර්ධන මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.
2004 මාර්තු මස 31 වැනිදාත් 2006 මැයි මස 31 වැනිදාත් අතර කාලය තුළ සිය නීත්‍යානූකූල ආදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි මෙන්ම උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා වත්කම් වල හිමිකරුව සිටින ලදැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා ඇත.
මෙම නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී නීතීඥ නිරෝෂණ සිරිවර්ධන මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයාට පාර්ලිමෙන්තුවේ විශේෂ සැසිවාරයකට සහභාගීවීමට අවශ්‍ය හෙයින් නඩු විභාගය වෙනත් දිනයකට කල් තබන්නැයි ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගනිමින් අදාළ නියෝගය නිකුත් කළ විනිසුරුවරයා මෙම නඩුව ලබන අගොස්තු 03 වැනිදා දක්වා කල් තැබීමට නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් එස්.අයි. ජයසිංහ මහත්මිය සමඟ ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ සුදර්ශනද ද සිල්වා මහතා පෙනී සිටියේය.
විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා සහ නීතීඥ නිරෝෂන් සිරිවර්ධන මහතා ඇතුළු නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරලා කාලය සහ ශ්‍රමය නාස්ති කරන්න එපා.. පාර්ලිමන්ට් එකේ ඉන්නේ තනිකරම හොරු.. මේ අයට කවදාවත් නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ..
අගෝස්තු 3 වැනිදාත් සැසිවාරයක් තිබුණොත් වැඩේ හබක්...
එතකොට දෙපත් නයා කව්ද දන්නේ නැහැ.
ස්වාමීනී, මම කළුතරින් කෝචිචියෙන් බහින්න හදනකොට ඒ පෙට්ටියේ හිටිය කාන්තාවන් තමන්ගේ කරේ තිබුණු මාල, කනේ තිබුණු කරාබු, අත්වල තිබුණු වළලු සේරම ගලවලා තෑගි දුන්නා. මම ඒ සේරම අරගෙන සතුටෙන් ගෙදර අවා. මේක ආරංචි වුණු ගමේ රත්තරං බඩු කඩේ මුදලාලි ඒ රත්තරං බඩු සේරම අරගෙන සල්ලී දුන්නා ගණන් කරලා බලන කොට එතන රුපියල් කෝටි හතරක්ම තිබුණා. එහෙමයි මේ මුදල් ලැබුනේ. නැතුව ස්වාමීනී, අවුරුදු දහයක් ඇමැතිකම් කළාට සත පහක් හොරකම් කරලා නැහැ. පගාව ගත්තේ නැහැ. රාජය දේපළ අයුතු විදියට පරිහරණය කළේ නැහැ. මොකද ස්වාමීනි, අපේ නායකයෝ අපිට ආදර්ශයක් වෙන විදියට රට පාලනය කළේ. අපිත් ඒ ආදර්ශය අනුව තමයි කටයුතු කළේ...
වහාම නඩු අසා මෙයා කරන ලද සොරකම්වලට දඬුවම් දෙන්න.
සතේ පාල මහත්තයෝ, මගේ ඔලුවට ආපු අදහසම තමයි ඔබ ලියලා තියෙන්නේ. මටත් වඩා හොඳින් ඔබ එය ලියා තිබීම ගැන මගේ සතුට ප්‍රකාශ කරමි.
බමුණුඋන්නැහේ, ඔබ ඔය කියන කියුම කොහෙද තියෙන්නේ? කවුරු කවදා කොහේදී කියූ කීමක්ද? ඔබේ ඉංග්‍රීසි දැනුමත් අනිත් ඒවා ගැන තියන දැනුම වගේම බොහොම ඉහළ බව පේනවා! බමුණෝ කියන වර්ගය දැන් සංස්කෘත දන්නෙත් නැහැ. ආරච්චිලා කියන පැලැන්තියට දැන් වසමකුත් නැහැ. කතා කරලා වැඩක් නැහැ. මේ කොළමේ සම්පප්‍රලාප කෙළිමින් ඉඩ හසර නාස්ති කරන එක නරකයි, ලොකු උන්නැහේ !!!
ඇයි හලෝ ඔය කියමන වැරදිද? වැරදි නැත්නම් ෆිට් වෙනවා නම් කොහේ තිබුණාම නොතිබුණාම මොකද?
බමුණෝ, "ඩිස් ඇග්‍රී" කියලා යෙදුමකුත් ඉංගිරිසියේ නැහැ. ඒක තනි වචනයක්. අඩු ගනනේ තැපෑලෙන් වත් ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න. සංස්කෘත දන්නවා ඇතිනේ? ඒ හින්දා මේක ගැන නිකමට හිතන්න...
රොකී මහත්තයෝ, ඩිසැග්රී කියන වචනේ ඉංග්‍රීසියෙන් ලියලා බලන්න මොකක්ද සිංහලෙන් ලියවෙන්නේ කියලා? කොහොම වුණත් අලුත් උපහැරණයක් ඉගෙනගත්තානේ. ෆුල් කීව එක තමන්ට ෆිට් කරගත්ත එක තමයි හරහට හිටියේ ...