ටී.කේ.ජී.කපිල
වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
අවුරුදු 26 , අවුරුදු 31 සහ අවුරුදු 26 යන වයස්වල පසුවන මොවුන් , මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
ඔවුන් රැගෙන ආ ගමන් මලුවල රුපියල් 72,21,000 ක් වටිනා වල්ලපට්ටා කිලෝ ග්‍රෑම් 82 යි ග්‍රෑම් 550 ක් සඟවා ගෙන තිබියදී රේගු නිලධාරීන් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබුණි .
මෙම වල්ලපට්ටා ඩුබායිහී කර්මාන්තශාලාවල සුවද විළවුන් නිෂ්පාදනය සදහා යොදා ගන්නා බවට කරුණු අනාවරණය වී තිබේ .
සහකාර රේගු අධිකාරීවරුන් වන සිසිර මාර්ක් ඇන්ටනි සහ චමිදු සමරකෝන් යන මහත්වරුන් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් රංජිත් ළමාහේවා මහතාගේ උපදෙස් පරිදි , කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්.ජාබීර් මහතාගේ අධීක්ෂණය යටතේ , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන විපුල මිනුවන්පිටිය සහ ඕ.ජේ.ඔබේසේකර , රේගු අධිකාරී එස්.රවිකුමාරන් යන මහත්වරු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ දේවල් විකුනන්න. රකින්න නීති හදන්නකෝ ඔය දේවල් පිච්චුවා කියලා රට දියුණු වෙනවද ? මේවට පර්මිට් එකක් හදලා විධිමත්ව කරන්න නීතිය හදන්නකෝ
වල්ල පට්ටා සුවඳ විලවුන් සඳහා ගන්න වටිනා අමුද්‍රව්‍යයකි. මෙය නිසිලෙස කල්පනා කර රජය මැදිහත්වී ආදායම් මාර්ගයක් කලොත් විදේශ විනිමය. ලුසේනා.
මේ සෙල්ලම දැන් කොච්චර කාලෙක ඉඳන් අපි දකිනවද, අහනවද? දැන්, කංසා වගාව විධිමත් කරන වැඩ පිළිවෙලක් එන බව කිව්වා. ඉතාම හොඳයි. ඒ වගේ මෙච්චර වටිනා ශාඛයක් වවලා රටට ආදායම් උපයා ගන්න වැඩ පිළිවෙලක් හදන්න තරම් හිතෙන එක පුද්ගලයෙක්වත් නැද්ද ඔය අපෙන් නඩත්තුවෙන අය ඇතුලේ?
සුවඳ විලවුන් සඳහා යොදාගත හැකිනම් වල්ලපට්ටා වගාවක් පටන් ගන්න ව්‍යාපෘතියක් ආරම්භ කරන්න.