හයිවේ මගීන්ට බඳපටි අනිවාර්යයි අධිවේගී මාර්ගවල සැහැල්ලු වාහනවල සියලුම මගීන්ට අගෝස්තු 1 වැනිදා සිට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කිරීමට රජය තීරණය කර ඇත. 01 July 2025
ඊශ්‍රායල අගමැති - ට්‍රම්ප් හමුවෙයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එළැඹෙන 7 වැනිදා ඇමෙරිකාවේ සංචාරයක නිරත වනු ඇති බවත් එහිදී ඇමෙරිකානු ජනාධිපති හමුවී ගාසා තීරය පිළිබඳව සාකච්ඡා කරනු ඇති බවත් ධවල මන්දිර ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 01 July 2025
පාස්කු විවාදය 9 වැනිදා පාස්කු ඉරැදින ප්‍රහාරය පිළිබද සභාව කල්තබන අවස්ථාවේ විවාදය ලබන 9 වැනිදා බදාදා පැවැත්වීමට නියමිතය. 01 July 2025
මත් ජාවාරමේ නියැලුණ එකම පවුලේ 3ක් ඇතුළු 7ක් අත්අඩංගුවට ඩුබායි රාජ්‍යයේ තැන තැන සඟවා මත්කුඩු ජාවාරම සිදුකළ පුද්ගලයකු සහ එකම පවුලේ සාමාජිකයන් තිදෙනෙක් ඇතුළු පුද්ගලයන් හත් දෙනකු රුපියල් ලක්ෂ 12 කට අධික වටිනා මත්ද්‍රව්‍ය සමග බණ්ඩාරගම- වෑවිට නිවසක දි අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. 01 July 2025
රජ පවුලට වසරකට රජයෙන් කෝටි 3552ක් රජ පවුලේ වියදමට බ්‍රිතාන්‍ය බදු ගෙවන්නන්ගේ මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 118.50 ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 3552 ක් පමණ) මුදලක් මෙම වසරේදීද බ්‍රිතාන්‍ය රජය ලබාදී ඇතැයි පසුගියදා රජ පවුල නිකුත් කළ වාර්ෂික මූල්‍ය වාර්තාවෙන් අනාවරණය විය. 01 July 2025
ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ ලාෆ් ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ජූලි) සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය. 01 July 2025
බස් ගාස්තු තීරණය ඉදිරි දින දෙකේදී ඉන්ධන මිල වැඩිවීම සමග බස් ගාස්තු සංශෝධනය වන අාකාරය ඉදිරි දින දෙකේදී තීරණය කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. 01 July 2025
පිහියකින් ඇන පුද්ගලයකු ඝාතනය කරලා එකට මත්පැන් පානය කර බඩට පිහියෙන් ඇන පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි . 01 July 2025
සහල් වෙළෙන්දෝ වෙළෙඳකටයුතුවලින් ඉවත්වෙති සම්බා සහ කීරි සම්බා සහල් පාලන මිල ඉක්මවා තමන්ට තොග වශයෙන් ලැබෙන පසුබිමක පාරිභෝගික අධිකාරිය විසින් වැටලීම් කිරීම හේතුවෙන් සහල් වෙළඳාමෙන් ඉවත්වීමට සිදුව ඇතැයි ව්‍යාපාරිකයෝ කියති. 01 July 2025
ශෂි වීරවංශට එරෙහි නඩුව විභාගයට දින දෙයි ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයෙකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් මස 11දින සිදු කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා අද(01) දින නියම කළේය. 01 July 2025
අද කාලගුණය බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 01 July 2025
පරාටේ නීතිය බලාත්මක වීමෙන් ව්‍යාපාරිකයන් කබලෙන් ලිපට පරාටේ නීතිය ජුනි 30 වැනි දා මැදියම් රැයෙන් බලාත්මක වීමෙන් ව්‍යවසායකයන්ගේ හා කර්මාන්තකරුවන්ගේ දේපල වෙන්දේසිය ඉතා වේගයෙන් ක්‍රියාත්මක කිරිමට අනුමැතිය හිමිවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 30 June 2025
මැතිසබේ විශේෂ රැස්වීමට දුර බැහැර මන්ත්‍රීලා නෑ පාර්ලිමේන්තුවේදී අද(30) පැවැති විශේෂ රැස්වීමට ඈත දුරබැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරුන් බහුතරයක් සහභාගී නොවීම විශේෂත්වයකි. 30 June 2025
යොහාන් සට් ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයට ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ නව උප සභාපතිවරයා ලෙස යොහාන් සට් මහතා පත්කර ඇත. එම පත්වීම අද(01) සිට බලපැවැත්වෙන බව ලෝක බැංකුව ප්‍රකාශ කළේය. 30 June 2025
ඩීසල් - පෙට්‍රල් - භූමිතෙල් මිල ඉහළට ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගතත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය. 30 June 2025
ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි හිටපු අමාත්‍යවරයෙක් සහ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වන ගාමිණී ලොකුගේ මහතා අද (30) රාත්‍රී අභාවප්‍රාප්ත විය. 30 June 2025
‘පරාටේ’ නීතිය බලගැන්වේ බැංකුවලට ඇප ලෙස පවරා තිබෙන දේපළ පවරාගැනීමේ බලය හිමිවන අත්හිටුවා තිබූ ‘පරාටේ’ නීතිය අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට නැවත බලාත්මක විය. 30 June 2025
‘මාලිමාව’ පුංචි ආණ්ඩු 219ක බලය පිහිටුවයි ජාතික ජනබලවේගය පළාත් පාලන ආයතන 219 ක බලය පිහිටුවීමට අද (30) පස්වරුව වන විට සමත්ව සිටියේය. 30 June 2025
තෙත වීවලට අවම මිලක් ගොවීන්ට යළ කන්නයේ වී අළෙවි කිරීමේදී තෙත වී අළෙවි කිරීම අවස්ථාව දෙමින් තෙත් වීවලට අවම මිලක් නියම කළ බවත් ඒ අනුව තෙත නාඩු වී කිලෝවක් රුපියල් 102 කට, තෙත සම්බා වී කිලෝවක් රුපියල් 105 කට සහ තෙත කීරි සම්බා වී කිලෝවක් රුපියල් 112 කට මිලදීගත හැකි බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අද (30) පැවසීය. 30 June 2025
භික්ෂු විනය කතිකාවත ගැන ජනපතිගෙන් ප්‍රකාශයක් භික්ෂු විනය පිළිබඳ කතිකාවත සම්බන්ධයෙන් මහනායක ස්වාමින්වහන්සේලා පොදු සම්මුතියකට එළැඹෙන්නේ නම් එය ඉදිරියට ගෙන යාමට රජයට හැකියාව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 30 June 2025
අප්‍රිකාවේ තානාපති පුටුවට හිටපු ගුවන් ලොක්කෙක් එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) ආර්.ඒ.යූ.පී. රාජපක්ෂ මහතා දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමතිය හිමිවිය. 30 June 2025
ෂාරුක් ඛාන් එනවා ! බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් එලැඹෙන අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ඒ, අගෝස්තු 2 වන දින නිල වශයෙන් විවෘත කිරීමට නියමිත City of Dreams Sri Lanka ව්‍යාපෘතියෙහි සමාරම්භක උත්සවයට සහභාගී වීම සඳහාය. 30 June 2025
වී ගන්න කෝටි 650ක ණය බැංකුවලින් යළ කන්නයේ වී අස්වනු මිලදීගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිතිවලට සහනදායි පොලී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 6,500 ක් හෙවත් රුපියල් කෝටි 650 ක් වෙන්කර ඇති බව මුදල් අමාත්‍යංශය පැවසීය. 30 June 2025
උද්ධමනය තවත් ඉහළ යයි කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (30) පැවසීය. 30 June 2025
මැතිසබේ සුපිරි රථ දෙකක් විකුණයි: කෝටි අටක ආදායමක් පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ සුඛෝපභෝගී වාහන දෙකක් විකුණා රුපියල් අට කෝටි විසි නව ලක්ෂයකට වැඩි ආදායමක් උපයාගෙන ඇත. 30 June 2025
රාමඤ්ඤ මහා නිකායේ ජාතික උපසම්පදා මහෝත්සවයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වැනි ජාතික උපසම්පදා මහෝත්සවයේ සමාරම්භක උත්සවය අග්ග මහා පණ්ඩිත මකුලෑවේ ශ්‍රී විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් ගල්නෑව මහවැලි ක්‍රීඩාංගණයේදී අද ආරම්භ කෙරිණි. 30 June 2025
මාළුවාගේ හොට ඇනී ධීවරයා මරුට වාලච්චේන ධිවර වරායෙන් මුහුදු ගිය ධිවර යාත්‍රවක ධිවරයකු මුහුද මැදදි මසුන් අල්ලමින් සිටියදි දැලට හසුවු කොප්පරු මාලුවකු ගොඩ ගැනිමට උත්සහ දරණ අවස්ථාවේදි ධිවරයා මාලුවා මතට වැටි මාළුවාගේ උල සහිත හොට බඩේ ඇනිමෙන් මියගොස් තිබේ. 30 June 2025
ග්‍රාම නිලධාරීහු මානව හිමිකම් කොමිසමට යති ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව මගින් ග්‍රාම නිලධාරීන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බවට ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විමර්ශන මණ්ඩලයක් පත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය අද එම කොමිසමට නැවත වරක් පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 30 June 2025
අධ්‍යාපන සංවර්ධන නිලධාරිය නිරුවත් ඡායා සෙල්ලමක හිගුරක්ගොඩ කළාප අධයාපන කාර්යාලයට අනුයුක්තව රාජකාරී කරන නිළධාරියෙක් නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අදාල නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළදාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිය. 30 June 2025
හිරුණිකාගේ නඩුව 08 වැනිදාට කල් යයි වීදි නාට්‍යයක් කරමින්,මහජන පීඩාවන් සහ පොලිස් රාජකාරියට බාධා කළේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඇතුළු 15 දෙනාට එරෙහි විමර්ශනය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් දෙසැම්බර් මස 8 වැනි දින ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය කුරුඳුවත්ත පොලිසියට අද (30) නියෝග කළාය. 30 June 2025
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026