
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසරේ ජූනි මාසය වනවිට විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් 143,037 ක් විදේශ ගත වී ඇති බවත් එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 5 ක පමණ ප්‍රතිශතයක පහළ යාමක් බවත් නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.
වසර ආරම්භයේ ජනවාරි මාසයේදී විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් 25,873 ක් විදේශ ගතවී ඇති අතර එය පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව විදේශ ගතවූ සංඛ්‍යාවේ ඉහළ යාමක් වූවේය.
කෙසේ නමුත් මෙම වසරේ පෙබරවාරි මාසයේ සිට විදේශ ගත වූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව පසුගිය වසරේ එම මාසවලට සාපේක්ෂව පහළ ගොස් ඇත.
මෙම වසරේ පෙබරවාරි මාසයේදී 22,271 ක, මාර්තු මාසයේදී 21,552ක, අප්‍රේල් මාසයේදී 22,011ක සහ මැයි මාසයේදී 27,142 ක ශ්‍රී ලාංකිකයන් පිරිසක් විදේශ රැකියා සඳහා විදේශ ගත වී තිබිණි.
පසුගිය වසරේ ජනවාරි මාසයේදී 25,149ක, පෙබරවරි මාසයේදී 25,737ක, මාර්තු මාසයේදී 24,158ක, අප්‍රේල් මාසයේදී 22,220 ක සහ මැයි මාසයේදී 28,201ක ශ්‍රී ලාංකිකයන් පිරිසක් විදේශ රැකියා සඳහා විදේශ ගතවී තිබුණේය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉසුරු සොයා යන අය ටිකක් අඩු වෙලා
කපිල වසන්ත Monday, 27 October 2025 04:27 AM
අපේ ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙල ගැන පැහැදිලා දැන් යන්න හිතෙන රටක් නොවේ ඉන්න හිතෙන රටක් බවට පත් වෙන බවට මීට වඩා සාක්ෂි මොකටද?
janahitha Monday, 27 October 2025 09:42 AM
රට යන එකේ කිසිම තේරුමක් නැහැ... අයිස් ව්‍යාපාරයෙන් ඊට වඩා දහ ගුණයක් හොයන්න පුළුවන් අවදානම දෙකෙන් එකම තත්වයක් තියෙන්නේ ඔන්න ඕකයි තත්වේ...