
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසරේ ජූනි මාසය වනවිට විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් 143,037 ක් විදේශ ගත වී ඇති බවත් එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 5 ක පමණ ප්‍රතිශතයක පහළ යාමක් බවත් නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.
වසර ආරම්භයේ ජනවාරි මාසයේදී විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් 25,873 ක් විදේශ ගතවී ඇති අතර එය පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව විදේශ ගතවූ සංඛ්‍යාවේ ඉහළ යාමක් වූවේය.
කෙසේ නමුත් මෙම වසරේ පෙබරවාරි මාසයේ සිට විදේශ ගත වූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව පසුගිය වසරේ එම මාසවලට සාපේක්ෂව පහළ ගොස් ඇත.
මෙම වසරේ පෙබරවාරි මාසයේදී 22,271 ක, මාර්තු මාසයේදී 21,552ක, අප්‍රේල් මාසයේදී 22,011ක සහ මැයි මාසයේදී 27,142 ක ශ්‍රී ලාංකිකයන් පිරිසක් විදේශ රැකියා සඳහා විදේශ ගත වී තිබිණි.
පසුගිය වසරේ ජනවාරි මාසයේදී 25,149ක, පෙබරවරි මාසයේදී 25,737ක, මාර්තු මාසයේදී 24,158ක, අප්‍රේල් මාසයේදී 22,220 ක සහ මැයි මාසයේදී 28,201ක ශ්‍රී ලාංකිකයන් පිරිසක් විදේශ රැකියා සඳහා විදේශ ගතවී තිබුණේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙල ගැන පැහැදිලා දැන් යන්න හිතෙන රටක් නොවේ ඉන්න හිතෙන රටක් බවට පත් වෙන බවට මීට වඩා සාක්ෂි මොකටද?
රට යන එකේ කිසිම තේරුමක් නැහැ... අයිස් ව්‍යාපාරයෙන් ඊට වඩා දහ ගුණයක් හොයන්න පුළුවන් අවදානම දෙකෙන් එකම තත්වයක් තියෙන්නේ ඔන්න ඕකයි තත්වේ...