කෝටියක ඩොලර් ගෙනියන්න හැදූ කැසිනෝ ක්‍රීඩකයා අල්ලයි
රුපියල් එක් කෝටි තුන් ලක්ෂ අසූ පන් දහසක් (103,85,000) වටිනා ඇමෙරිකානු ඩොලර් තොගයක් තායිලන්තයේ බැංකොක් වෙත රැගෙන යෑමට තැත් කළ කැසිනෝ ක්‍රීඩකයෙකු උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා ප්‍රකාශ කළේය .