(සුමතිපාල දීයගහගේ )
බහුදින ධීවර යාත්‍රාවකින් මුහුදු ගිය මාමා සහ බෑනා කෙනෙකු අතර මුහුද මැදදී ඇතිවූ ආරවුලක් දුර දිග ගොස් මාමා පිහියෙන් ඇනිම නිසා තුවාල ලැබු බෑණා කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළු කර ඇති අතර පිහියෙන් ඇනීම සිදු කළ බව කියන ධිවරයා අත්අඩංගුවට ගත් බව ගාල්ල
වරාය පොලිසිය පවසයි.
ධීවරයින් පස් දෙනෙකු රැගත් මෙම බහුදින යාත්‍රාව ගාලු වරායෙන් ඊයේ (28) සවස මුහුදු ගොස් සිටියදී ගාලු වරායේ සිටි නාවික සැතපුම් 14 ක් ඈත මුහුදේදී
මොවුන් දෙදෙනා අතර බහින් බස්විමක් ඇතිවී පසුව මාමා විසින් බෑනාගේ පපුවට පිහියෙන් ඇන ඇති බව මූලික පොලිස් පරික්ෂණවලදී
අනාවරණායවී ඇත.
පිහියා ඇනුම්කෑ ධීවරයා සහ සැකකරු යන දෙදෙනාම කුලීගොඩ පදිංචිකරුවන් බවද පොලිසිය පැවසිය.
පිහි ඇනුම සිදුවීමෙන් පසු බහුදින යාත්‍රාව ආපසු ගාලු වරාය වෙත පදවා ගෙනවිත් තුවාලකරු කරිපිටිය ශික්ෂණ රෝහලට ඇතුලුකර තිබේ.
ගාල්ල වරාය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පිහියා ඇනුමට සම්බන්ධ සැකකාර ධිවරයා අද (29) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd