( ටී.කේ.ජී.කපිල )
රුපියල් ලක්ෂ 28 ක් පමණ වටිනා රන් මාලයක් නීතිවිරෝධී ලෙස රැගෙන මෙරටට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු ගම්පහ , අකරවිට ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
ඔහු අද (29) අලුයම 1.45 ට සිංගප්පූරුවේ සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 349 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් ග්‍රෑම් 400 ක් බර මෙම මාලය සගවා ගෙන සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය පිළිබඳව ඇති වූ සැකය මත පරීක්ෂා කිරීමකදීය.
මෙම ව්‍යාපාරිකයා සහ ඔහු රැගෙන ආ රන් මාලය වැඩිදුර පරීක්ෂණ සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd