(ශිරාන් රණසිංහ)
තමාගේ මාසික වැටුප රුපියල් 69,000 කට සීමා වී ඇති නිසා වැටුප් වැඩිවීමක් අවශ්‍ය බව විගණකාධිපති හා ජාතික විගණන කොමිසමේ සභාපති ගාමිණි විජේසිංහ මහතා පවසයි.
මාසික දුරකථන බිල රුපියල් 32,000ක් යැයි ද නිල නිවාසයේ විදුලි බිල30,000 ක් යැයි ද ඒ මහතා පෙන්වා දෙයි.
මෙම ලැබෙන වැටුප් එම බිල්දෙක ගෙවීමට පමණක් ප්‍රමාණවත් යැයිද ගාමිණි විජේසිංහ මහතා පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125(2) ව්‍යස්ථාවට ප්‍රකාරව රජයේ ඒකාබද්ධ අරමුදලින් අරමුදලින් විගණකාධිපතිවරයාගේ වැටුප් ගෙවිය යුතුව ඇත.
විගණකාධිපතිවරයාගේ වැටුප් වැඩි කිරීමට අදාළව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ 27 වැනි යෝජනාව ලෙස තිබුණද එම යෝජනාව සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් 23 වැනිදා ඉවත් කර ගැනිණි.
මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී කතා කළද ඒ පිළිබඳව පක්ෂ නායක රැස්වීමේදී අදහස් දක්වන ලෙස සභානායක දැනුම් දුන්නේය.
පසුගිය මාස තුනේදී විගණකාධිපතිවරයාට හිමිවිය යුතුව තිබූ වැටුප් වර්ධකයද ලැබී නොතිබිණි.
වැටුප් බලාගෙන තමා කටයුතු නොකළ මුත් විගණකාධිපති ලෙස හා ජාතික විගණන කොමිසමේ සභාපති ලෙස හිමිවිය යුතු වැටුප් එම තනතුරට හිමිවිය යුතු බවද ඒ මහතා පැවැසීය.
විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන්ගේ , විනිසුරුන්ගේ මෙන්ම පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ වැටුප් හා දීමනා කිහිපයක්ම වැඩි කර ගත් බවත් ජාතික විගණන කොමිසම ස්ථාපිත කොට විශාල මෙහෙවරක් සිදුකළ විගණකාධිපතිවරයාගේ වැටුප් වැඩි කිරීමේ කිසිදු වරදක් නැති බව රජයේ විගණන නිලධාරීහු කියා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"විගණකාධිපති වැටුප් වැඩිවීමක් ඉල්ලන්නේ තමාට ලැබෙන වැටුප බිල්වලට ඉවර නිසා " කියන කතාව ඉතාම දුක්බර එකක්. මේ දුප්පත්, අසරණ රජයේ ඉහල ධුරයක් දරන මෙතුමා මාසික දුරකථන බිල සහ විදුලි බිල ගෙවන්නේ ඔබ අප වගේම බව මෙයින් ඉතාම පැහැදිලි වෙනවා ! මේ ක්‍රමය අපේ මැති ඇමතිවරුන්ටත් දායාද කර දෙන්න බැරිද ? ඔවුන් සිය "මාලිගාවල" රෑ දවල් නොබලා දල්වන විදුලි ආලෝකය, වායුසමන යන්ත්‍ර ආදිය අපේ විගණකාධිපති තුමා මෙන් සිය වැටුපෙන් ගෙවීම ආරම්භ කරොත්, රටට කොතරම් මුදලක් ඉතිරි කර ගැනීමට පුළුවන් නොවේද ?
ඇත්තෙන්ම අප , බදුගෙවන පුරවැසියන් හැටියට අවංකව තම සේවය ඉටුකරන රජයේ නිලදරුවකු මෙසේ "දියවන්නඔයේ අයගෙන් හිගමන් යැදිම " පිලිබදව කනගාටුවෙනවා. මෙම දේශපාලුවන් කෙසේ වස්ත්‍ර ඇගේ දවටාගෙන මහජනතාව ඉදිරියට යන්නේද යන්නත් ගැටලුවකි.?
ඔබතුමා පුද්ගලික අංශයේ රැකියාවකට යන්න ඔතනින් අස්වෙලා. ඔබතුමාට ඒකට අයිතිය සුදුසුකම් තියෙනවා, ඔය වගේ දහ ගුණයක වැටුපක් ලැබෙයි.
වැටුප් වැඩිවීම් නොදී මේ හදන්නේ ඔබතුමාගේ නොනැමෙන කොන්ද නමන්න. එත් අපිට විශ්වාසයි ඔබතුමා ඉතාම කෙලින් තීරණ ගන්න මහත්මයෙක් බව.
මෙතුමාගේ ප්‍රකාශය විගනනය කල යුතුයි.
32000ක දුරකථන හා 30000ක විදුලි බිලක් එන්න පුදුම පාරිභෝජනයක් ඇති. අනේ මන්ද එක අතකින් පාර්ලිමේනතුවේ ඉන්නඅයට පඩි වැඩි කරනව නම් මේ වගේ රටට වැඩක් කරන මනුස්සයෙකුගේ වැටුප අපිට බරක් නොවන විදියට වැඩි කරාට කමකුත් නෑ. ඒ මනුස්සයත් ජීවත් වෙන්න එපායැ. එහෙම නැත්තම් එයාගේ බිල්ටික රජයෙන් ගෙවල වැටුප එයාට භුක්ති විදින්න දුන්න නම් හරි.
නන්දලාල් මහතාගේ අදහසට මමත් එකග වේනවා. වෙලා තියෙන්නේ දෙසපලුවෝ අනිත් අයගේ පටිතද කරගන්න කියලා ඒ අය හැම වරධානයක්ම බූක්ති විදිනවා.
ඉතාම සාධාරන ඉල්ලීමක්. මෙවැනි රජයේ සේවකයන් හට ප්‍රමාණවත් වැටුප් ලබාදීම වැදගත්
එතුමාගේ වැටුප වහාම වැඩි කරන්න.
විශ්වාස කරන්න අමාරුයි මගේ පුතා වයස 24 පුද්ගලීක ආයතනයක කළමනාකරණ පුහුණුව ලබනවා ඔහුගේ වැටුපත් ඊට වැඩියි.
සුදුසුකම් අනුව එතුමා පුද්ගලික අයාතනයක රාජකාරිය කලානම් ඔය කියන බිල්දෙක ගෙවනෙක කජ්ජක් නොවේ. දුම්රිය රියදුරකු වූවානම්? පොඩි දෙයක්. අහෝ අපගේ රාජ්‍ය සේවය.
වැටුප් උද්ධමනය ස්වයංක්‍රීයව වෙනස්විය හැකි නූතන තාක්ෂණය මත රඳා පවතී