තරිඳු ජයවර්ධන
අලි මිනිස් ගැටුම විසඳීම සඳහා යෝජිත නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නැති බැවින් අලුතින් නිලධාරීන් සහ සේවකයන් 1019ක් බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇතැයි අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
යෝජිත වැඩසටහන කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට සඳහා දැනට අනුමත කාර්ය මණ්ඩලයට අමතරව මෙම පිරිස අවශ්‍ය බවට වනජීවී ඇමැති සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය ලැබීමෙන් පසු මෙම පිරිස බඳවා ගැනීම ආරම්භ කර තිබේ.
බඳවා ගැනීමට ඉල්ලා ඇති තතුරු ගණන මෙසේය.
සහකාර අධ්යක්ෂවරු 07
පශු වෛද්‍යවරු 20
වනසත්ත්ව අඩවි ආරක්ෂක 117
වනසත්ත්ව අඩවි සහකාර 234
වනසත්ත්ව නියාමක 234
සංවර්ධන නිලධාරීන් 19
රාජ්‍ය කළමනාකාර සහකාර 38
රියදුරන් 200
බර වාහන යන්ත්‍ර ක්‍රියාකරුවන් 150
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න රස්සා දෙන්න අවස්ථාව ඇමතිතුමාට. කමක් නෑ, ඔය ප්‍රශ්නෙ එහෙමවත් විසඳෙනවා නම්. වල් අලි නිසා අපිට නොදැනුනාට රටේ මිනිස්සු සැළකිය යුතු පිරිසක් දුක් විඳිනවා.
මිනිස්සුන්ගෙත් වැරැදි තියෙනවා. රජයේත් වැරැදි තියෙනවා. පාරේ හරකව දක්කගෙන යද්දී ගූගල් මැප් එකෙන් පෙන්නලා එහාට මෙහාට යන්න කියලා පෙන්නන්න බැහැනේ... ගෙවලා නැහැ කියලා මේවන විටත් වනාන්තර එළිපෙහෙළි කරනවා. එහෙව් එකේ තව කොහේ යන්නද? අලි මිනිස් ගැටුමෙන් වැඩියෙන්ම මැරෙන්නේ අලි.. ලාහුගල අලි 8කට මිනිසුන් 2යි. 2000 සිට 2012 දක්වා අලි 2269කට මිනිසුන් 773යි. එහෙමයි තියෙන්නේ. නැතුව මම හදලා කියනවා නෙමෙයි. හිතලා බලන්න කව්ද වැරැදි කියලා. මිනිස්සු පව්... ඒත්... ලංකාව දැන් ජනගහනය එක්ක වෙට්ටු දාන්න තරම් හොඳ මදි ... ඒකයි අනික් ප්‍රශ්නේ