ඩබ්ලිව්.ඒ. අසේල
උණ රෝගය සෑදී ප්‍රතිකාර සඳහා ගලහ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ වයස අවුරුදු එක හමාරක පිරිමි දරුවකු අද (28) රෝහල් වෛද්‍යවරුන්ගේ නොසැළකිල්ල හේතුවෙන් මිය යාම සම්බන්ධයෙන් උරණ වූ පිරිස් ගල් මුල් වලින් ප්‍රහාර එල්ල කර රෝහල ඉදිරිපිට විරෝධතාවයක් ඇරඹුහ.
මෙසේ මියගොස් ඇත්තේ ගලහ දෙල්තොටවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි සංකර් සජී නැමති පිරිමි දරුවෙකි.
මියගිය දරුවාගේ ඥාතීන් පවසන්නේ දරුවාට උණ සමඟ සෙම ගතියක් තිබූ බැවින් ප්‍රතිකාර සඳහා ගලහ ප්‍රාදේශීය රෝහලට රැගෙන ගිය බවත් පැය දෙකක් යනතුරු කිසිම වෛද්‍යවරයකු දරුවාගේ රෝගී තත්ත්වය පරීක්ෂා නොකළ බවයි.
පසුව එම දරුවා පේරාදෙණිය රෝහලට රැගෙන යන ලෙස පැවසූ නිසා ත්‍රී රෝද රථයකින් දරුවා පේරාදෙණිය රෝහලට රැගෙන යන අතරතුර මියගොස් තිබේ.
එම නිසා කුපිත වූ පිරිස් රෝහල වටකර ප්‍රහාර එල්ල කර රෝහලේ අභ්‍යන්තරයේ වෛද්‍ය උපකරණවලටද හානි කර තිබේ.
මෙම ස්ථානයට පැමිණි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ශාන්ති සමරසිංහ මහත්මියගේ නියෝජිතයා පැවසුවේ එම රෝහලේ සිටි වෛද්‍යවරුන් දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි මධ්‍යම පළාත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනුයුක්ත කරන බවත් මේ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් සිදුකරන බවත්යි.
රෝහලේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ගලහ පොලීසියට අමතරව ගම්පොළ හා අවට පොලිස් ස්ථාන වලින් ද නිලධාරින් කැඳවා ඇති බවත් විශේෂ කාර්ය බළකාය හා කැරලි මර්දන අංශයේ නිලධාරින් ද යොදවා ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවා මියගිය එක දුක් විය යුතු කරුණකි. දොස්තරවරුනි පුලුවන්නම් මෙවැනි රාජකාරිය පහර හරින දොස්තරලා ගෙදර යවන්න කියලත් වර්ජනය කරන්නකෝ. එතකොට රටේම ජනතාව ඔබලාට ප්‍රේම කරාවී.
මෙන්න මහජනතාව ගැන සිතන වෛද්‍යවරු
ලෝකයේ ප්‍රමිතිගතම සෞඛ්‍ය සේවය තියනවයි කියලා අඬබෙර ගහන රටේ ලෙඩකට බෙහෙත් ටිකක් ගන්න නම් ඉතින් මුදල් ගෙවලා පෞද්ගලික රෝහලකට යන්නම ඕනා. රජයේ රෝහල් වල වැඩ කරන නර්ස්ලා ගැන කතා කරලා පලක් නැහැ. එම රැකියාවට නුසුදුසු අය තමයි වැඩිපුර ඉන්නේ. ඒ වගේම සමුහ වශයෙන් රෝගීන්ව බැලීමට පැමිණෙන ජනතාවත් සීමා කරන්න ඕනා. මෙය රෝහල් කාර්ය මණ්ඩලයට විශාල කරදරයක්. වගේම රෝගීන්ටත් අපහසුවක්.
වැරැද්ද තනිකරම තියෙන්නේ දොස්තරලා අතෙයි. අඩුතරමේ nebulized (වාෂ්පීකරණය) කරලාවත් නැහැ. වෙනත් රෝහල් වලට මාරුකර යවා පලක් නැහැ. වැරදිකරුවන් අල්ලා හිරේ දැමිය යුතුයි. නොමිලේ ඉගෙන ගෙන මහජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන අයට අසරණ රෝගීන්ගේ ජීවිත ගැන මීට වඩා වගකීමක් තිබිය යුතුයි. මුදල මත රෝගීන්ගේ ජීවිතය තීරණය කරන ක්‍රමවේදය මේ රටින් තුරන් වන තාක්, ප්‍රමිතිගත නොමිලේ සෞඛ්‍ය සේවයක් මෙරටේ ස්ථාපිත නොවේ.
දොස්තරලගේ තම ඉල්ලීම් දිනාගැනීම සදහා කරන අසාධාරණ වැඩ වර්ජන සහ රජයේ රෝහල් වල රෝගීන්ට නිසිලෙස ප්‍රතිකාර නොකිරීම නිසා , අසාධාරණයට ලක්වුණ ජනතාවගේ සිත් තුල විශාල වෛරයක් ගොඩ නැගෙමින් පවතී, මෙම වෛරයේ රතුකට්ට පැන්න එක අවස්ථාවක් මේක, දොස්තරලගේ ප්‍රතිපත්ති ඉදිරියට වෙනස් නොකලොත් ඉදිරියට මැති ඇමතිවරුන්ට මෙන් පොලිස් ආරක්ෂාව සැපීමට සිදුවිය හැක. ධනවතුන්ට හදිසියකට තම දරුවා පුද්ගලික රෝහලකට ගෙනයන්න පුළුවන්, ඔවුන්ට යානා වාහන තිබෙනවා හදිසියකට එහෙට මෙහෙට යන්න, පිඩිතයට මේ මොකවත් නැත, අනේ දරුවෝ ඔබට නිවන් සුව ප්‍රර්ථනා කරනවා, මතු ආත්මෙක ඉපදෙනවා නම් දුප්පත් පොහොසත් සියලු දෙනාටම එක ලෙස සලකන කුහක දොස්තරලා නැති බටහිර රටක ඉපදේවා කියලා ප්‍රර්ථනා කරනවා
ආයේ කතා දෙකක් නැහැ අර මාෆියා සංගමයට සම්බන්ධ දොස්තරලා වෙන්න ඇති. රෝගීන්ට බෙහෙත් දෙනවට වඩා, දේශපාලන කටයුතු ඒ අයට වැදගත්නේ.
දෙමාපියන්ගේ නොසැලකිල්ලෙන් දරුවා මියගිය බවයි පෙනෙන්නේ. රෝහල් ගතකර පැය දෙකක් ඇතුලත වෛදය ප්‍රතිකාර නොලැබු නිසා දරුවා මියගියා යයි පැවසීම අතිශෝකයක්. ඒ පැය දෙක තුල ලබන ප්‍රතිකාර වලින් සුවය ලබන්න තරම් යහපත් සෞඛය තත්වයක මේ දරුවා සිටියා නම් මෙවැනී අකල් මරණයකට ඔහු ගොදුරු නොවනු ඇත.
රෝහලේ ගත කරලා තියෙන්නේ පැය 2 යි. මේ ළමයව උණ හැදිලා දවස් ගානක් ගෙදර තියාගෙන ඉදලා තියනවා. ගෝත්‍රිකයෝ වගේ ගල් ගහන්න ඉස්සෙලා වැරැද්ද කාගේද කියල හිතුවනම් හොඳයි නේද .
අපෝ දොස්තරලගේ නොසැලකිල්ල කියන්න එපා, උත්තම සංගමය වර්ජනය කරයි.
ලංකාවේ දොස්තරලගේ හිඟයක් තිබෙන බව අනිවාර්යයෙන් පිළිගන්න වෙනවා, වෛද්‍ය සිසුන් වැඩිපුර රජයේ විශ්ව විද්‍යාල වලට බඳවාගෙන උගන්වන්න රජයට මුදල් නැතිනම්, දොස්තරලා තම ආදායම් බදු නිසිලෙස ගෙවන්න කැමතිත් නැත්නම්, මුදල් ගෙවලා ඉගෙන ගන්න වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධ නම් , රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ගන්න පිඩිත පන්තියේ මිනිසුන්ට සිදු වෙන්නේ මේ වගේ මිය යන්න, නමුත් ඔවුන් තම අයිතිවාසිකම් දිනා ගන්න සටන් නොකර මිය යන්න කැමති වෙන එකකක් නැහැ, මෙහෙම ගියොත් පිඩිත පන්තියේ මිනිස්සු එකතුවෙලා සල්ලි තිබෙන මිනිස්සුන්ට පමණක් ප්‍රතිකාර ගන්න පුළුවන් පුද්ගලික රෝහල් , පුද්ගලික චැනල් කඩ වලට ගල්ගසා කුඩුකර විනාශ කරන දිනය වැඩි ඈතක නැහැ. දොස්තර සංගමය ඉදිරියට වර්ජන කරන්න යනකොට හොඳට හිතලා බලන්න.
මේවාගෙ දේවල් වෙන්න ඉඩ තියෙන නිසා තමයි, වෛද්‍ය සභාවෙ සංයුතිය වෙනස් විය යුතුයි කියන්නෙ. දැන් තියෙන එක 'වෛද්‍යවරු වෙනුවෙන් වෛද්‍යවරු'.
අද රජයේ රෝහල් හැම එකම තියන තත්වේ ඕක තමයි , අපේ අයියාවත් අසනීපයක් හැදිලා කොළඹට නුදුරු රජයේ රෝහලකට ගෙනගියා , දවල් ගෙනිච්ච මනුස්සයව රෑ වෙනකන් දොස්තර කෙනක් බලල තිබ්බේ නැහැ , අපි පහුවදා උදේම ටිකට් කපලා පෞද්ගලික රෝහලකට ඇතුලත් කලා.
මේ දොස්තරලා මධ්‍යම පළාත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනුයුක්ත කරන එක නොව පරීක්ෂණ අවසන් වනතුරු සේවය අත් හිටුවීම නේද කල යුත්තේ? මේක ප්‍රමෝෂන් එකක් වගෙයි නේ.
සමහර හෙදියන් ගැබිණි මව්වරුන්ට බනින්නේ “අයෙත් ආවද අපිට කරදර කරන්න “ජාතිය වද නොවී තියේද ? හරියට නිකන් වැඩ කරනවා වගේ කතාව.
හොඳ ප්‍රවනතාවයක්. ඔහොම යං ... ඊලඟ ස්ට්‍රයික් එකේදිත් ඔහොමම සලකමු.
මේ අයට ගහල පන්නන්නම ඕන. පඩි අඩු කියල වැඩ වර්ජන කරන්න පුළුවන් එත් ළමයෙකුට බෙහෙත් ටිකක් දෙන්න දන්නේ නැහැ .........
දොස්තරලගේ ඊළඟ වැඩවර්ජන පෙළපාලියට ජනතාව සංග්‍රහ කරන්නේ අලුත් විදියකට බව මගේ අදහසය , ලංකාවේ ඇති නැති පරතරය විශාල ලෙස වැඩි වී ඇත . අවාසනාවකට සමාජවාදී කියන පක්ෂත් දොස්තර සංගමය සමඟ එකඟව ඔවුන්ගේ මල්ල තර කිරීම සදහා කරන වැඩ වර්ජන උද්ෙඝා්ෂණ වලට සහය දක්වමින් සිටි , ආණ්ඩුව මෙම වර්ජන වලදී නිද්‍රාශිලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පෙනේ , අන්තිමට තැලෙන්නේ පිඩිත පන්තිය බව පෙනේ , ඔවුන්ගේ පීඩනය වැඩි වී පුපුරා යාමට වැඩි කාලයක් නොමැති බව පෙනේ . ජනබලය ඔය සැම බලයකට වැඩිය වැඩි බවට ඉතිහාසය සාක්ෂි දරන බව පෙනේ
ඔය කියලා තියෙන්නෙ nebulization ගැනත්.. සේලයින් දුන්නම ඔක්කොම හරි වගේ නෙබුලයිස්වත් කරලා නෑලු.. දොස්තරලාට වඩා දන්න පණ්ඩිතයො හින්දා නිකන් ළමයෙක් මරාගත්තා.. පව්
ගලහරෝහලේ සිදුවූ දරුවාගේමරනය ගැන. සංක්ෂිප්තව. 1- ගලහ රෝහල වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ සුලු සේවකයන් කීපදෙනෙකු සිටින ප්‍රාදේශීය කුඩා රෝහලකි. හෙදියන් හෝ නේවාසික ප්‍රතිකාර පහසුකම් නැත. 2- අදාල දරුවා උදේ 9.05 ට රෝහලට රැගෙන එන්නේ වලිප්පුව හෙවත් ෆිට් එකක් සහිතවය. 3-මෙවැනි ෆිට් එකකට දෙන පලමු (ඩයසිපෑම් PR) ඖෂධය ගුද මාර්ගයෙන් ඇතුලු කරන එකකි. අදාල ඖෂධය ලබාදුන් පසු, විනාඩි 5-10 පමන කාලයක් ඇතුලත ප්‍රතිඵල ලබාදේ. 4- ඉන්පසු පියවර වන්නේ, රෝගියාගේ ශ්වසන මාර්ගය අවහිර නොවන ලෙස විවේකීව නිරීක්ෂණය සදහා රදවා ගැනීමයි. හදිසි තත්‍වය මේ අවස්තාව වනවිට අවසන්ය. 5- උදෑසන 9.10 වන විට හදිසි අනතුරක් සිදුවී බරපතල තුවාල ලබා පැමිනෙන රෝගීන් දෙදෙනෙකු මූලික ප්‍රතිකාර වලින් පසුව රෝහලේ එකම ගිලන් රථයෙන් මහනුවර බලා ක්ෂනිකව පිටත් කර හැරේ. 6-මේ අතරවාරයේ යාබද රෝහලකින් ගිලන් රථයක් ගෙන්වාගෙන, දරුවා පේරාදෙණිය ලමා රෝහලට පිටත්කර හැරීමට කටයුතු සූදානම් වේ. 7- ෆිට් එකට ලබාදෙන ඖශධයේ ඉතාම සුලභ සංකූලතාවක් වන්නේ, ශ්වශන ක්‍රියාවලිය තාවකාලිකව අකර්මණ්‍ය වීමයි. තේරෙන භාශාවෙන් කියනාවනම්, හුස්ම ගැනීම නැවතීමයි.
8- සුදුසුකම් ලද වෛද්‍යවරයකු එවැනි අවස්තාවක ක්‍රියාත්මක වන ආකාරය හොදින් පුහුණු වී ඇති අතර, ගලහ රෝහලේ වෛද්‍යවරයාද මේ අවම පහසුකම් සහිත මේ අවස්තාවේ වහාම කෘත්‍රිම ශ්වසනය ලබාදීම (Ventilation and CPR) ආරම්භක කර ඇත. 9- මෙවැනි අවස්ථා වෛද්‍යවරයකුට ඉතා හුරුපුරුදු අතර, දරුවාගේ කෘත්‍රිම ස්වසනය විනාඩි කීපයක් පවත්වාගෙන ගියවිට, එය යතා තත්වයට පත්වේ. 10- නූගත් පිරිස, අදාල කෘත්‍රිම ශ්වසනය ලබාදෙන අවස්තාවේ බලහත්කාරයෙන් දරුවා ත්‍රීරෝද රථයක දමාගෙන පලාගොස් ඇත. මේ අවස්තාවේ දරුවාට ස්වාභාවිකව හුස්ම ගැනීමට හැකියාවක් නොමැති නිසා, විනාඩි කීපයකින් මරණයට පත්වීම වැලැක්විය නොහැක.
නිමල් මේ තේරෙන භාෂාවෙන්ම කියලා තියෙන්නේ, දොස්තරලා ළමයාගේ හුස්ම ගැනීම නැවැත්වුවා යයි කියන එක. දෙමව්පියන් නම් කියන්නේ කිසිදුන් ප්‍රතිකාරයක් කල නොමැති බවයි. එත් නිමල්ගේ කතාවෙන් පෙනෙන්නේ, දොස්තරට කිසියම් අතපසුවීමක් සිදුවී තිබෙන බවයි. අතපසුවීම කෙසේ වෙතත් නොදන්නා කම හා නොවැදගත් කම නම් පෙනෙන්න තිබෙනවා.