හර්ෂණ තුෂාර සිල්වා
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල දිනෙන් දින වාර්තාගත අන්දමින් පහළ යමින් තිබේ.
ඉකුත් පෙබරවාරි මාසයේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු අඛණ්ඩව වාර්තාගත අන්දමින් පහළ යමින් තිබෙන රුපියලේ අගය අද (28) තවදුරටත් පහළ ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (28) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය 162.40ක් දක්වා තවදුරටත් ඉහළ ගියේය. එහි ගැනුම් අගය 159.20ක් ලෙස සටහන් විය.
ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව පසුගිය සිකුරාදා (24) එක්සත් ජනපද ඩොලරයේ අගය 162 සීමාව ඉක්මවා ගියේය. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය
සිකුරාදා 162.11ක් ලෙසත්, ඊයේ (27) 162.30ක් ලෙසත් අද (28) 162.40ක් ලෙසත් දැක්විණි.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අගෝස්තු 24 වැනිදා දක්වා කාලයේදී ශ්‍රී ලංකා රුපියල සියයට 4.9කින් අවප්‍රමාණය වී තිබේ.
පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.
අගෝස්තු 16 වැනිදා ඉන්දීය රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව පහළම අගය වාර්තා කළේය. කලාපයේ දුර්වලම කාර්යසාධනයක් පෙන්නුම් කරන මුදල් ඒකකය බවට පත්ව ඇත්තේ ඉන්දීය රුපියල යැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.
ගෝලීය වෙළෙඳපොළ තුළ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වෙමින් තිබෙන අතර ඊට සාපේක්ෂව අනෙකුත් මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය පසුගිය දින කිහිපයේම වාර්තා කර තිබිණි.
මේ අතර අගෝස්තු මාසයේදී පමණක් ශ්‍රී ලංකා රුපියලට එහි අගයෙන් සියයට 0.9ක් අහිමි වී ඇතැයි රොයිටර් පුවත් සේවයේ අද (28) වාර්තා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වෙමින් තියෙන්නේ අපි වගේ ආර්ථික සැලැස්මක් නැති රටවල් වල විතරයි. ස්ථාවර සහ හොද ආර්ථික සැලැස්මක් ඇති රටවල්වල පසුගිය අවුරුදු තුනේම වැඩි වෙනසක් වෙලා නැහැ. මේක ආණ්ඩුවේ පරිපාලනයේ වැරද්දක් මිස වෙන මොකවත් නොවෙයි.
රුපියලේ අගය පහලට යනවා කියන්නේ රට අගාදයට යනවා කියන එකයි. අර 62 විතරක් අගාදයට යනවානම් කමක් නැත ඔවුන් යන්නේ අපිවත් ඇදගෙන
කොමිස් ගහන්නයි හොරකම් කරන්නයි තමන්ගේ නම බෝඩ් ලෑලීවල ගහා ගන්නයි තියන උවමනාවට බිලියන ගණන් ණය අරගෙන හම්බංතොට වරාය මත්තල ගුවන්තොටුපල නෙළුම් කුලුණ සුරියවැව ක්‍රිඩාංගණය වගේ රටට වැඩක් නැති වයාපෘති වලින් මේරට විශාල ආර්ථික අගාදයකට ඇද දැමීමේ පාප කර්මයට අද මේ රට ගොදුරුවෙලා තියනවා. මේ ණය ගෙවා නිමකරන තුරු රනිල් නොවේ සක්‍රයා පුතා වයිමාටවත් මේ රට ගොඩ ගන්න බැරිවෙයි.