(ටී.කේ.ජී.කපිල )
චීනයේ සිට මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ චීන ජාතික ගුවන් මගීන් තිදෙනකු අද (28) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
මෙම චීන ජාතිකයන් තිදෙනාගෙන් දෙදෙනෙකු වයස අවුරුදු 39 සහ 27 හැවිරිදි කාන්තාවන් වන අතර, අනෙක් ගුවන් මගීයා 37 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
මෙහි රුපියල් 46,81,445 ක් වටිනා, කිලෝ ග්‍රෑම් 6 යි , ග්‍රෑම් 448 ක් බර මැණික් තොගයක් තිබූ අතර, ඒවායින් කිලෝ ග්‍රෑම් 4 යි ග්‍රෑම් 600 ක් ම රතු මැණික් කැට වීම විශේෂත්වයකි.
මීට අමතරව මෙම මැණික් තොගයෙහි ආරනූල් , රබහ , නිල් මැණික් , පද්මරාග සහ ඇපටයිට් වර්ගයේ මැණික් ද තිබූ බව රේගුව පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා නියම මැණික් නෙවේ. වෙනත් පාෂාණ විකිරණ මගින් වෙනස් කරලා හදන බොරු ඒවා. ඕවා ගෙනල්ල ලංකාවේ ඒවා වගේ වැඩි මුදලට විකුනනවා. එකයි මෙයාලා කරන්නේ. ලංකාවේ තියෙන නියම මැණික් වලට චිනේ ලොකු ඉල්ලුමක් තියෙනවා. එහෙම තියෙද්දී ඇයි චිනේ ඉදල ලංකාවට මැණික් අරන් එන්නේ? වෙන දෙයක් තියා බොරු දියමන්ති හදනවා චිනේ. ඒවා නියම දියමන්ති වලින් වෙනස් කරලා අදුන ගන්න කාටවත් බැහැ. ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.