(ආරියරත්න රණබාහු)
පළාත් සභා සීමානිර්ණ වාර්තාව සකස් කිරීම සඳහා ඇස්තමේන්තු මුදල රුපියල් ලක්ෂ 212 ක් වුවත් ඊට වැය කළේ රුපියල් ලක්ෂ 160ක් පමණක් යැයි පළාත් සභා සීමානිර්ණ කමිටුවේ සභාපති හිටපු මිනුම්පති කනගරත්නම් නවලිංගම් මහතා පැවසීය.
නවලිංගම් මහතා වැඩිදුරටත් කියා සිටියේ සාමාජිකයන් පස් දෙනෙකුගෙන් යුතු මෙම කමිටුව සඳහා ඇස්තමේන්තු ගත කළ මුදල රුපියල් ලක්ෂ 212ක් බවත් එහෙත් තම කමිටුව අරපරිස්සමින් වියදම් කිරීම හේතුවෙන් ඉන් රුපියල් ලක්ෂ 15ක් ඉතුරු කර ඒ මුදල මහා භාණ්ඩාගාරයට යැවූ බවත් ය.
ඒ අනුව කමිටුව සඳහා වැය වූ මුළු මුදල රුපියල් ලක්ෂ 160ක් යැයි කමිටු සභාපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම විහිළු කතාවක්නේ ලක්ෂ 160ක් වියදම් කරලා කිසිම වැඩකට නැති ලියවිල්ලක් බාරදීලා තව ලක්ෂ 15ක් ඉතිරි කරපු එක ගැන කියනවා.
මේක මේ කමිටුවේ වැරුද්දක් හෝ අඩුපාඩුවක් නොවේ. රටේ ප්රධාන දේශපාලන පක්ෂ යයි කියා ගන්නා කණ්ඩායම් රටට කොපමණ හිතකර තීරණයක් වුවද තමන්ට දේශපාලන වශයෙන් අවාසි නම් එයට විරුද්ධ වෙන පිරිස් නිසා තමයි මේ පාඩුව රටට උනේ.
පොඩ්ඩක් ඉන්න. කාටද ගණන් වැරදුනේ? වියදම ලක්ෂ 160 යි. මහා භාණ්ඩාගාරයට ආපසු යැවූ මුදල ලක්ෂ 15 යි . එකතුව ලක්ෂ 175 යි. ඇස්තමේන්තු මුදලින් ඉතිරි මුදල වන ලක්ෂ 37 මෙම කොමිටු අර මුදලට බැර කර නැද්ද? ඉතිරි මුදලට මොකොද උනේ? පොදු ජනයාගේ හිත සුව පිණිස පොඩි පැහැදිලි කිරීමක් කලොත්?
කමිටුවේ ඉන්න උගත් මහත්වරු වැඩේ නීතියට හරියට කළා. නමුත් දියවන්නාවේ ඉන්න අය එයට අකමැතියි. මොකද එය අවාසි නිසා. ඊට පස්සේ අර උගත් මිනිස්සුන්ට මේ අය අපහස කරනවා.
හිටපු මැනුම්පතිතුමාට උගත්කමින් සම කරන්න පුළුවන් කෙනෙක් ඔය 225 හේම ඉන්නවාද? ඒ මගේ එක කාලෙක බොස්...