වයස 18-30 අතර අයට එන්නත ලබන මස දෙවැනි සතියේ සිට වයස 18- 30 අතර පුද්ගලයන්ට කොවිඩ් එන්නත ලබාදීම ලබන මස දෙවැනි සතියේදී අරඹන බව වසංගත රෝග විද්‍යා අංශයේ වැඩබලන ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි. 22 August 2021
දකුණෙන් ආසාදිතයන් 1352 දකුණු පළාතෙන් ඉකුත් පැය 24ක කාලය තුලදි නව කොවිඩ් ආසාදිත රෝගින් 1352 දෙනෙකු වාර්තා වි ඇති බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි. 22 August 2021
දික්ඔය රෝහලේ වෛද්‍යවරු හතරක් ඇතුළු 20කට කොරෝනා හැටන් දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් හතර දෙනකු ඇතුළු 20 දෙනකුට කොවිඩ් 19 වයිරසය අසාදනය වි ඇති බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙක් පැවසිය. 22 August 2021
මහනුවර පෙරහරට ආ කලාකරුවන් 45කට කොරෝනා මහනුවර ඇසළ පෙරහැර සඳහා කතරගම දේවාලය නියෝජනය කරමින් සහභාගි වූ නැටුම් කණ්ඩායමක සිටි කලාකරුවන් 76 දෙනකුට සිදුකළ ඇන්ට්ජන් පරීක්ෂාවකදී එහි සිටි කලාකරුවන් 45 දෙනකුට කෝවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි තිබෙන බව සෞඛ්‍ය වෛද්‍ය අංශ තහවුරු කරයි . 22 August 2021
අද දින ආසාදිතයන් 3844ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 1,090 දෙනකු අද(21) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 3,884 කි. 21 August 2021
කොරෝනා මරණ 198 කොවිඩ් ආසාදිතවූ තවත් 198 දෙනකු ඊයේ (20) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කළේය. 21 August 2021
කොරෝනා ආසාදිතයන් 2785ක් කොරෝනා ආසාදිත තවත් රෝගීන් 2,785 දෙනකු අද (21) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 21 August 2021
ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකට කොරෝනා ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය එච්.එම් සෝමරත්න මහතාට කොවිඩ් වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරු වූ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි. 21 August 2021
ඩෙල්ටා විකෘතිවලින් එන්නත්වලට බලපෑමක් නෑ මෙරට භාවිත කරන එන්නත්වලට ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිවලින් බලපෑමක් නොමැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය. 21 August 2021
ගම්පහින් ආසාදිතයන් 1941ක් වාර්තා වෙයි ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් අද (21) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 1941 හමු වෙද්දී කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 1,00,685 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත. 21 August 2021
නිට්ටඹුවේ ග්‍රාම නිලධාරීන් හතරකට කොරෝනා නිට්ටඹුව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් සිව් දෙනකු කොරෝනා ආසාදිතයන් බවට පත්ව ඇතැයි අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි . 21 August 2021
කොරෝනා මරණ 195ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 195 දෙනකු ඊයේ (19) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (20) තහවුරු කළේය. 20 August 2021
පොලොන්නරුවෙන් ආසාදිතයන් අද 402ක් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් අද දින කොරෝනා ආසාදිතයන් 402 වාර්තා වී ඇතැයි පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ,විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව් .එස්.කුමාරවංශ මහතා ප්‍රකාශ කළේය. 20 August 2021
කොරෝනා ආසාදිතයන් 2825 වාර්තා වෙයි කොරෝනා ආසාදිත තවත් රෝගීන් 2,825 දෙනකු අද (20) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3,77,973ක් දක්වා ඉහළ ගොස් ඇත. 20 August 2021
රට තුළ ඩෙල්ටා වයිරසය සීඝ්රයෙන් පැතිරෙයි කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලබාගෙන ජාන විශ්ලේෂණ පරීක්ෂණවලට ලක් කෙරුණු කොරෝනා ආසාදිතයන්ගේ සාම්පල 88 කින් 84 කම ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය තිබී හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. 20 August 2021
රාජකීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක පුතාත් සහිරා රග්බි ක්‍රීඩක පියාත් කොරෝනාවට බිලි කොළඹ රාජකීය විදුහලේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම එම විදුහල් ක්‍රිකට් කමිටුවේ සාමාජිකයකුව සිටි සුල්කි මොහොමඩ් සහ ඒ මහතාගේ පියා වන මරදාන සහිරා විදුහලේ ප්‍රබල රග්බි ක්‍රීඩකයකු වූ ඊබ්‍රහිම් හමීඩ් යන මහත්වරු ‘කොවිඩ්’ ආසාදිතව දින දෙකක් තුළ මරණයට පත්ව තිබේ. 20 August 2021
ජාතික රෝහලේ වාට්ටු ලිපිකාරිනියක් කොවිඩ් වැළඳී මියයයි කොළඹ ජාතික රෝහල් කාර්ය මණ්ඩලයේ සේවිකාවක් ද කොවිඩ් ආසාදනය වීමෙන් මියගොස් ඇත. එහි වාට්ටු ලිපිකාරිනියක් ලෙස සේවය කළ මතුගම පදිංචි ගීතිකා විජේසූරිය මහත්මිය මෙසේ කොවිඩ් ආසාදනයවීමෙන් මරණයට පත්ව ඇති අතර ඇය 52 හැවිරිදි දෙදරු මවකි. 20 August 2021
ගම්පහින් ආසාදිතයන් 2424ක් වාර්තා වෙයි ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව අද (20) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 2424 දෙනෙකු හමුව ඇති බවත් මින් 266 දෙනෙකු වන වැඩිම පිරිසක් මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි. 20 August 2021
දකුණෙන් ආසාදිතයන් 1292ක් දකුණු පළාතට අයත් ගාල්ල මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනෙන් ඉකුත් 24 පැයේ කොරෝනා ආසාදිතයින් 1292 දෙනකු හඳුනාගෙන ඇතැයි දකුණු පළාත් කොරෝනා මර්ධන මෙහෙයුම් මැදිරියේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි. 20 August 2021
කොරෝනා මරණ 186ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 186 දෙනකු ඊයේ (18) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (19) තහවුරු කළේය. 19 August 2021
කොරෝනා ආසාදිතයන් 3793ක් වාර්තා වෙයි කොවිඩ් වයිරසය ආසාදිතයන් 3,793 ක් අද (19) දිනයේ හඳුනාගත් බව සෞඛ්‍ය අංශ නිවේදනය කළේය. 19 August 2021
කලවාන සතොස වහයි කොරෝනා ආසාදනය වූ සේවකයන් තිදෙනකු වාර්තා වීම හේතුවෙන් කලවාන සතොස ආයතනයක අද (19) වසා දැමිමට පියවර ගත් බව එහි කළමණාකාරීත්වය ප්‍රකාශ කළේය . 19 August 2021
ගම්පහින් ආසාදිතයන් 2050ක් වාර්තා වෙයි ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (19) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 267 දෙනෙකු වන කොරෝනා ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති අතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 2050 දෙනෙකුත් හමුව ඇත. 19 August 2021
’’ඩෙල්ටා වයිරසය පිට පළාත්වලට තවමත් ලොකුවට රිංගා නෑ’’ ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය දිවයිනේ පිට පළාත්වල වසංගත ආකාරයෙන් තවමත් පැතිර ගොස් නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. 19 August 2021
මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ ‘කොවිඩ්’ ආසාදිතයකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතා ‘කොවිඩ්’ ආසාදිතයකු බව තහවුරු වී තිබේ. 18 August 2021
කොවිඩ් මරණ 170ක් කොවිඩ් ආසාදිතවූ තවත් 170 දෙනකු ඊයේ (17) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (18) තහවුරු කළේය. 18 August 2021
කොවිඩ් ආසාදිතයන් තව 2,428ක් කොරෝනා ආසාදිත තවත් රෝගීන් 2,428 දෙනකු අද (18) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 18 August 2021
හෝමාගම රෝහලේ වෛද්‍යවරුන් 8 ක් ඇතුළු 27 කට කොරෝනා කොරෝනා රෝගීන් සඳහා ම වෙන්කර තිබෙන හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් 8 දෙනෙක් ඇතුළු 27 කුට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි එම රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පැවසීය. 18 August 2021
මාතලේ කොරෝනා අසාදිතයින් 11,573 ක් දක්වා ඉහළට කොවිඩ් වසංගත තත්වය හේතුවෙන්මාතලේ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් ගණන 11573 දක්වා ඉහළ ගොස් ඇති අතර පසුගිය පැය 24 කාලය තළ රෝගින් 532ක් හමුවි ඇති බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය කියයි. 18 August 2021
කොරෝනා ආසාදිත වූ වෛද්‍යවරයකු මරුට රාගම රෝහලේ සේවය කළ වෛද්‍යවරයකු කොවිඩ් ආසාදිතව එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) උදෑසන මියගොස් තිබේ. 18 August 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026