(ජේ.කේ.එල්. චාමින්ද)
දකුණු පළාතෙන් ඉකුත් පැය 24ක කාලය තුලදි නව කොවිඩ් ආසාදිත රෝගින් 1352 දෙනෙකු වාර්තා වි ඇති බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.
ප්‍රජාව අතුරින් නව කොවිඩි ආසාදිත රෝගින් 1288 දෙනෙකු වාර්තා වි ඇති අතර රෝහල්වලින් රෝගින් 64 දෙනෙකු වාර්තා වි ඇත. ගාල්ල දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් ආසාදිත රෝගින්594 දෙනෙකු හා මාතර දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් ආසාදිත රෝගින් 317 දෙනෙකුණු වාර්තා වි ඇත.
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වි ඇති නව කොවිඩ් ආසාදිත රෝගින් සංඛ්‍යාව 377 දෙනෙකි. මේ වනවිට දකුණු පළාතෙන් කොවිඩ් ආසාදිත රෝගින්45133 දෙනෙකු වාර්තාවි ඇති බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.