(මහේෂ් කිර්තිරත්න)

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන්මාතලේ දිස්ත්‍රික්කයේ  කොවිඩ් ආසාදිතයින් ගණන 11573 දක්වා ඉහළ ගොස් ඇති අතර පසුගිය පැය 24 කාලය තළ රෝගින් 532ක් හමුවි ඇති බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත මරණ සංඛ්‍යාව 228 දක්වා ඉහළ ගොස් ඇති බවද දිස්ත්‍රික්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

ඒ අනුව  උකුවෙලින් රෝගින් 2166ක් දඹූල්ල මහ නගර සිමාවෙන් රෝගින්  978 ක් ගලේවෙලින් රෝගින් 1044ක් රත්තොටින් රෝගින් 1297ක් නාඋලින් රෝගින් 724ක් ද දඹුල්ලෙන් රෝගින් 781 ක්ද මාතලෙන් රෝගින් 860ක්ද මාතලේ මහ නගර සිමාවෙන් රෝගින් 693ක්ද යටවත්තෙන් රෝගින් 989 ක්ද පල්ලේපොලින් රෝගින් 576 ක්ද අඹනන්ගගකෝරලයෙන් රෝගින් 526 ක්ද විල්ගමුවේ රෝගින් 553ක්ද ලග්ගලින් රෝගින් 386ක්ද වාර්තා වි තිබේ..

මේ වන විට දිස්ත්‍රික්කය පුරා පවුල් 1051ක  පුද්ගලයින් 2633දෙනෙකු නිරෝධානයට ලක් කර ඇති බවද සෞඛ්‍ය සේවා කාර්යාලය කියයි.