(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (19) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 267 දෙනෙකු වන කොරෝනා ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති අතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 2050 දෙනෙකුත් හමුව ඇත.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෙබ් අඩවියෙහි සදහන් අන්දමට දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආශ්‍රිතව හමුවීම දිවුලපිටිය - 260 ක්, බියගම - 206 ක්, මහර - 205 ක්, දොම්පෙ - 198 ක්, ජාඇල - 165 ක්, මිනුවන්ගොඩ - 157 ක්, කැලණිය - 148 ක්, මීරිගම - 94 ක්, වත්තල - 84 ක්, රාගම - 81ක්, අත්තනගල්ල - 65 ක්, මීගමුව - 64 ක්, කටාන - 43 ක් සහ සීදූව කොට්ඨාසයෙන් ආසාදිතයින් - 13 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
පැය 24 ක කාලය තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 70 දෙනෙකු හමුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකකින් - 52 ක්, බියගමින් - 12 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව හය දෙනෙකු වශයෙනි.
වෙබ් අඩවියෙහි සදහන් අන්දමට පැය 24 ක් තුල දිස්ත්‍රික්කයෙහි රෝහල් වෙත ආසාදිතයින් 437 දෙනෙකු ඇතුලත් කොට ඇති අතර සැක සහිත රෝගීන් 52 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇත. දිස්ත්‍රික්කයේ රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 449 දෙනෙකි.
ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 29,964 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගම්පහින් ආසාදිතයන් 2050ක් වාර්තා වෙයි
ගුණපාල - මාකිලංගමුව Thursday, 19 August 2021 10:58 AM
කොරෝනා වැඩි උනත් ලවුඩ්ස්පීකර් වලින් කරන ආගමිකවතාවත් නම් එපා.. කණක් ඇහෙන්න නෑ.. මල කරදරේ