පොළොන්නරුවේ ගොවින් 5000 කට ගොවි විශ්රාම වැටුප්
ගොවි විශ්රාම වැටුපට දායකවී සිටින පොලොන්නරුව දිස්ත්රික්කයේ ගොවීන් 5189 දෙනෙකු සඳහා රුපියල් දෙකෝටි පණස් නව ලක්ෂ හතළිස් පන්දහසක මුදලක් (25,945,000) තැපැල් කාර්යාල 103ක් මගින් අද(06) දිනයේදී ගෙවීමට පියවර ගත් බව පොළොන්නරුව දිස්ත්රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා ප්රකාශ කළේය.