ස්වසන ආබාධයකින් පෙලුණු කත රෝහලට ගෙන එන්නටත් කලින් මරුට ශ්වසන ආබාධයකින් සහ උණ රෝගයකින් පෙළුණු නාවුල ප්‍රදේශයේ කාන්තාවක් ග්‍රාම නිලධාරීවරයාගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ මැදිහත්වීමෙන් 1990 ගිලන් රථයෙන් දඹුල්ල රෝහලට රැගෙන එමින් සිටියදී මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි. 06 April 2020
අපි අපේම වළ කපා ගනිමුද කොවිඩ්-19 රෝගය රට තුළ ක්‍රමයෙන් පැතිරෙද්දී සුපුරුදු ලෙස සෑම දෙයක්ම දේශපාලනීකරණය කිරීමේ හා වාර්ගික ඇසින් සියල්ල බැලීමේ ඇතැමුන්ගේ පුරුද්ද යළිත් හිස ඔසවන්නට පටන් ගෙන තිබේ. මෙය රෝගය පාලනය කිරීමේ බලධාරීන්ගේ උත්සාහයට බාධා විය හැකි තත්ත්වයකි. 06 April 2020
කොරෝනාවෙන් සුවය ලැබු 4 ක් ගෙදර යති කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් සිව් දෙනකු අද (6) පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 06 April 2020
සිංගප්පූරුවේ විදෙස් ශ්‍රමිකයන් 20,000ක් නිරෝධායනයට සිංගප්පූරුවේ සිටින විදේශීය ශ්‍රමිකයන් 20 000කට ඔවුන්ගේ නේවාසිකාගාර වලම රැඳී දින 14ක කාලයක් නිරෝධායනය වන ලෙස එරට රජය නියෝග කර ඇත. 06 April 2020
ඩෙටෝල් සමාගමෙන් මිලියන 3ක සනීපාරක්ෂක නිෂ්පාදන ඩෙටෝල් ආයතනය ප්‍රජා සත්කාර සේවයක් ලෙස රුපියල් මිලියන 3 කට අධික වටිනාකමකින් යුතු සනීපාරක්ෂක නිෂ්පාදන තොගයක් රජයේ රෝහල්වලට පරිත්‍යාග කර තිබේ. 06 April 2020
කොරෝනා නිසා ඉන්දීය පෙම් යුවළක් විඩීයෝ දුරකථන ඇමතුම්වලින් විවාහ වෙති වීඩියෝ තාක්ෂණය ඔස්සේ විවාහය සිදුකළ යුවලක් පිළිබඳව ඉන්දියාවේ මහරාෂ්ට්රා ප්‍රාන්තයෙන් වාර්තා වී ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවතපත වාර්තා කර සිටී. 06 April 2020
ජනපති කාර්ය සාධක බළකායේ තීරණ වලට බාධා වන සිද්ධි ගැන දන්වන්න අංකයක් අත්‍යවශ්‍ය සේවා සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය මඟින් ගනු ලබන තීරණවලට බාධා වන ආකාරයේ සිද්ධීන් වාර්තා වන්නේ නම්, ඒ පිළිබදව දැනුම් දීම සදහා විශේෂ දුරකතන අංකයක් රජය විසින් හදුන්වා දෙනු ලැබ තිබේ. 06 April 2020
ඌවේ අධ්‍යාපන විද්‍යා පිඨ කාර්ය මණ්ඩල දිනක වැටුප කෝවිඩ් අරමුදලට ඌව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ දිනක වැටුප ජාතික කෝවිඩ් 19 ජනාධිපති අරමුදලට අද (6) දින පරිත්‍යාග කළ බව ඌව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ උප පීඨාධිපති මූල්‍ය හා පාලන ඩී. එම්. රත්නපාල දිසානායක මහතා පැවසුවේය. 06 April 2020
වයිරසයෙන් ලොව පුරා 70,000ක් මියගිහින් ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් අද (6) පස්වරු 5.30 වනවිට ලොවපුරා මියගිය ගණන 70,000 ඉක්මවා ගියේය. 06 April 2020
ස්කොට්ලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය ඉල්ලා අස්වෙයි තමා විසින්ම පනවන ලද නියෝග කඩකිරීම හේතුවෙන් එල්ල වූ විරෝධය ස්කොට්ලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය කැතරීන් කෝල්ඩර්වුඩ්ට එම ධුරයෙන් ඉල්ලා අස් වීමට සිදුව ඇත. 06 April 2020
ඔස්ට්‍රියාවේ කුඩා කඩ සාප්පු විවෘත කිරීමට යයි ‘ලොක්ඩවුන්’ සීමා ලිහිල් කිරීමේ අරමුණින් ලබන සතියේ සිට කුඩා කඩසාප්පු විවෘත කිරීමට තීරණය කළ බව ඔස්ට්‍රියාවේ චාන්සලර් සෙබස්තියන් කර්ස් පවසයි. 06 April 2020
සතොස ගබඩා සහයකවරයකු වැඩි මිලට භාණ්ඩ විකුණා අත්අඩංගුවට මාතර තිහගොඩ, ගල්බඩ සිල්ලර වෙළඳසැලක් පවත්වාගෙන යන ලංකා සතොස ගබඩා සහයකවරයකු සතොසින් ගෙන්වූ සැමන් සහ පරිප්පු, පාලන මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීමේදී පාරිභෝගික අධිකාරියේ මාතර දිස්ත්‍රික් වැටලීම් ඒකකය අද(06) අත්අඩංගුවට ගෙන තිබේ. 06 April 2020
ලංකාව පුරා ග්‍රාම නිලධාරීන්ට මුඛ ආවරණ-අත් ආවරණ ලබා දෙන්න දිවයින පුරා සියලූම ග්රාමනිලධාරින්ට මුඛ ආවරණ සහ අත් ආවරණ ලබා දෙන්නැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා එම අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී ඇත. 06 April 2020
ආසාදිතයන් සංඛ්‍යාව 178 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 178ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. 06 April 2020
ලිබියාවේ හිටපු අගමැති කොරෝනා වයිරසයෙන් මියයයි ලිබියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහමුද් ජිබ්රිල් මහතා කොරෝනා වෛරසය ආසාදනයෙන් මරණයට පත්වී ඇත. 06 April 2020
අත්‍යවශ්‍ය ඖෂධ රැසක් ඉන්දියාවෙන් ගෙන්වන්න යයි බෝ නොවන රෝග ඇතුළු දෛනික සෞඛ්‍ය සේවා සඳහා අවශ්‍ය ඖෂධ රැසක් ඉන්දියාවේ සිට හෙට (07) ආනයනය කරන බව රජය පවසයි. 06 April 2020
‘‘කොරෝනාට එරෙහි රජයේ වැඩපිළිවළෙහිදී අසාධාරණයක් වූයේ නම් සොයාබලනවා‘‘ කොරෝනා වයිරසය පැතිරයාම වැළැක්වීම සම්බන්ධයෙන් රජය ගෙන යන වැඩපිළිවෙළේදී යම් අයෙකුට අසාධාරණයක් හෝ අඩුවක් වී ඇත්නම් ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක වන බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(06) පැවසීය. 06 April 2020
අයර්ලන්ත අගමැති යළි සෞඛ්‍ය සේවයට එක්වෙයි අග්‍රාමාත්‍යධුරය හොබවන අතරවාරයේදී කොරෝනා වයිරසයට එරෙහි සටනට සහාය දෙමින් සතියකට වරක් වෛද්‍යවරයකු ලෙස කටයුතු කිරීමට අයර්ලන්ත අග්‍රාමාත්‍ය ලියෝ වරාද්කාර් තීරණය කර ඇත. 06 April 2020
‘ශ්‍රී ලංකාවට ගැළපෙන ආර්ථිකයක් හදනවා’ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් සමස්ත ලෝකයම මුහුණදී ඇති ආර්ථික හා සාමාජයීය තත්ත්වය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාවට ගැළපෙන ආර්ථික ක්‍රමවේදයකට යොමු වීමට දැනටමත් සැලසුම්කර ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(06) පැවැසීය. 06 April 2020
ඇඟළුම් ක්ෂේත්රයේ වැටුප් ගෙවීම අසීරු අභියෝගයක් ඇඟළුම් කර්මාන්ත ශාලාවල අප්‍රේල් වැටුප් හා අත්තිකාරම් නොගවීමට තීරණය කර ඇති සිද්ධීන් පිළිබදව පැමිණිලි ලැබෙමින් පවතින බව කම්කරු අමාත්‍යංශය කියයි. 06 April 2020
‘‘ගමට යා නොහැකිව සිටින පිරිස් වෙත අවධානය යොමුකරන්න‘‘ දෛනික වැටුප් මත ඉදිකිරීම් ක්ෂේත්රය ඇතුළු විවිධ සේවා සැපයීමට පැමිණ ගමට යාමට නොහැකිව සිටින පිරිස් වෙත අදාළ සේවාලාභීන්ගේ අවධානය යොමු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(06) පැවසීය. 06 April 2020
මැග්නිෆිකා නෞකාවේ සිටි ශ්‍රී ලාංකික සූපවේදියා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට ඉතාලිය බලා යාත්‍රා කරමින් තිබූ එම්.එස්.සී මැග්නිෆිකා නැමැති මගී නෞකාවේ කාර්ය මණ්ඩලයේ සුපවේදියෙක් වශයෙන් කටයුතු කළ අනුර බණ්ඩාර හේරත් නැමැති ශ්‍රී ලාංකික තරුණයා අදාල නෞකාවට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට කොළඹ වරාය ආසන්නයට පැමිණි තිබියදී නාවික හමුදාව සහ කොළඹ වරයායේ නිලධාරීන් එකව අද (06) පෙරවරු 6.00 ට පමණ තරුණයා අදාල නෞකාවෙන් පිටතට ගෙන දින 21 ක කාලයක් සඳහා බූස්ස නාවික හමුදා කඳවුරේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකළ බව නාවික හමුදාව කියයි. 06 April 2020
නුවරඑළියේ වෛද්‍යවරුන්ගේ දිනක වැටුප කොවිඩ් 19 අරමුදලට නුවරඑළිය දිස්ත්‍රික්කයේ වෛද්‍යවරු තම දිනක වැටුප ජාතික කොවිඩ් 19 ජනාධිපති අරමුදලට පරිත්‍යාග කිරීමට පියවර ගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය හර්ෂ ජයරත්න මහතා කීය. 06 April 2020
පුත්තලම ගම් දෙකක පිරිස් ස්වයං නිරෝධායනයට පුත්තලම පොලිස් වසමට අයත් 9 බවුම හා කිවුල ප්‍රදේශයෙන් කොරෝනා අසාධිත කාන්තාවක් හමු වීමෙන් පසුව ඇය සබඳතා පැවැත් වූ බව කිය නිවාස කිහිපයක පිරිස් ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ. 06 April 2020
දිස්ත්‍රික්ක 6 ක ඇඳිරිනීතිය දිගටම කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට බලපවතින ඇඳිරි නීතිය, අප්‍රේල් 9 වැනිදා උදෑසන 6.00ට ඉවත්කර එදිනම යළි සවස 4.00ට පනවන බව රජය දැනුම්දෙයි. 06 April 2020
නැවත දැනුම්දෙනතුරු මූදූ නොයන්න හලාවත ධීවරයෝ තීරණය කරති ඇදිරි නීතිය පවතින අවස්ථාවේදී මසුන් මැරීම සදහා යාමට රජය විසින් අවසර ලබා දුන්නත් අද( 06) සිට නැවත දැනුම් දෙන තුරු රැකියාවේ නිරත නොවීමට තීරණය කර ඇති බව හලාවත ප්‍රදේශයේ ධීවරයින් සදහන් කරයි. 06 April 2020
‘‘ඩොලර් බිලියන 514 සහන පැකේජයක් ක්‍රියාත්මක කරනවා‘‘ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 514 ක (යෙන් ට්‍රිලියන 56) ක සහන පැකේජයක් ක්‍රියාත්මක කරන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ප්‍රකාශ කරයි. 06 April 2020
ජපානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන්න යයි කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ අවදානමත් සමඟ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ රට තුළ ‘හදිසි නීතිය’ ප්‍රකාශයට පත් කරනු ඇතැයි එරට පුවත් සේවා අද (6) වාර්තා කළේය. 06 April 2020
ඇඳිරිනීතිය ආරම්භ වුවත් ජනතාව තවමත් දිගු පෝලිම්වල ඇඳිරිනීතිය අද පස්වරු 2.00 ට යළි පැනවුවද බෙලිඅත්ත නගරයේ වෙළෙඳසැල් අසල පස්වරු 2.00 පසුවීමෙන් අනතුරුවද දිගු පෝලිම් දක්නට හැකිවිය. 06 April 2020
ටින් මාළු - පරිප්පු වැඩි මිලට අලෙවි කළ වෙළඳුන් 33 කට වැඩවරදී පාලන මිලට වඩා පරිප්පු ටින් මාළු අලෙවි කළ වෙළඳුන් 33 දෙනෙකු අස සහ ඊයේ කොළඹ දිස්ත්‍රික්කයේ සිදුකළ වැටලීම් වලදී පාරිභෝගික අධිකාරිය මගින් නීතියේ රැහැනට හසුකරගෙන ඇත. 06 April 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026