IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


මුලතිව් කඳවුරේ නිරෝධායනය අවසන් කළ 203ක් පිටව යති

සිතුම් චතුරංග

දඹදිව වන්දනාවෙ ගොස් මෙරටට පැමිණ මුලතිව් ගුවන් හමුදා කඳවුරේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නි‍රෝධායනය අවසන්කළ පුද්ගලයින් 203 දෙනකු අද(06) නිවෙස් වෙත පිටත්ව ගිය බව ගුවන් හමුදාව පවසයි.

කොරෝනා වයිරසය ව්‍යාප්තවීම හේතුවෙන් ඉන්දියාවේ ගුවන්තොටුපලවල් වසාදැමීමත් සමඟ මෙම පිරිස ඉන්දියාවේ නවදිල්ලි හි නුවර රැදී සිටි අතර පසුගිය 22 වැනිදා ඔවුන් විශේෂ ගුවන් යානාවකින් මෙරටට රැගෙනවිත් සිටියහ.

සාර්ථකව නිරෝධායනය අවසන්කළ පිරිස අතර භික්ෂූන් වහන්සේලා පස්නමක් වන බවද පැවසීය.

එම පිරිස නිරෝධායනය සඳහා මුලතිව් ගුවන් හමුදා කඳවුර වෙත යොමු කළ අතර ඒ අනුව දින 14 නිරෝධායනය අවසන් කිරීමෙන් අනතුරුව පිටව ගිය බවද පැවසීය.

උතුරු පළාතේ ගුවන් හමුදා කඳවුරු තුලින් සාර්ථකව නිරෝධායනයවූ තෙවන කණ්ඩායම ලෙස මෙම පිරිස පිටව යන බව ගුවන් හමුදාව සඳහන් කළේය.

පිටව යන පිරිස වෙත ගුවන් හමුදාව විසින් ප්‍රවාහන පහසුකම්ද ලබාදී තිබූ අතර ඔවුන් තවදුරටත් දින 14 ක කාලයක් නිවෙස්තුල ස්වයං නිරෝධායනය වන ලෙසට උපදෙස් ලබාදී ඇතැයිද ගුවන් හමුදාව වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

මුලතිව් කඳවුරේ නිරෝධායනය අවසන් කළ 203ක් පිටව යති

banda Monday, 06 April 2020 08:38 AM

පව් අහිංසකයෝ ගෙදර ගියාම තමා මේ ගොල්ලට කොරෝන හැදෙන්නේ . මොකද මේවට නම දාන්න ඕන කොරෝන බෝ කරන මද්‍යස්ථාන කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31527 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13868 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11072 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 157 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1074 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site