(එස්. ඩි. කොඩිකාර සහ අජිත් ලංකාතිලක)
අකුරැස්ස ,මලිදුව කොහු ගොඩ ග්‍රාම නිලධාරී වසමේ කොවිඩ් -19 ආසාදිතයකු අද (05) හඳුනා ගැනීමත් සමගම එම ප්‍රදේශයට ඇතුළුවන කොහුගොඩ පහළ මලිදුව මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා එම ප්‍රදේශය හුදෙකලා කිරීමට අද (05) අකුරැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ උපදෙස් පරිදි අකුරැස්ස පොලිසිය කටයුතු කළහ .
(42) හැවිරිදි කොවිඩ් -19 ආසාදිත පුද්ගලයාගේ බිරිඳ ඇතුළු දරුවන් තිදෙනා ද සෙම් පටල පරීක්ෂාවක් සඳහා මාතර කඹුරුගමුව ලැබීම රෝහල වෙත යොමුකර බව අකුරැස්ස පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.ඒ. ප්‍රේමරත්න මහතා පැවසී ය .
මෙම දරු තිදෙනා අතර වයස අවුරුදු එක හමාරක කුඩා දරුවකු සිටින බව ද සෞඛ්‍ය බලධාරීහු පැවසී ය .
ඊට අමතරව එම පුද්ගලයා ඇසුරු කළ සහ ප්‍රදේශය අවට ආගිය නිවාස අටක පුද්ගලයන් ස්වයං නිරෝධානය සඳහා යොමු කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .
මෙම පුද්ගලයා ඉකුත් (24) වන දින සිය නිවසට පැමිණ ඇති අතර මේ වන විට මෙම පුද්ගලයා ආගිය තැන් සෞඛ්‍ය බලධාරීන් විසින් සොයා බලා ඉදිරි කටයුතු සිදු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසීය .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අකුරැස්ස මලිදුව ගම්මානය හුදෙකලා කරයි
Douglas Sunday, 05 April 2020 03:08 PM
ඉක්මනින්ම සුවපත් වෙන්න කියා සිතනවා. කරුණාකර කුඩා දරුවාගේ මුහුණ පෙනෙන ෆොටෝ එක ඉවත් කරන්න.
banda Sunday, 05 April 2020 03:31 PM
නිරෝදයනේ ඉදල ගෙදර ගිහින් දවස් 6 කට පස්සේ කොරෝන හැදෙන රටක මේවා බොරු වැඩ.
wije Sunday, 05 April 2020 04:23 PM
එතකොට අර මතුගම නවුත්තුඩුව ගමත් හුදෙකලා කරානම් හොදයි නේද?
Nuwan Sunday, 05 April 2020 08:57 PM
අනේ මේ පුංචි දරුවෝ මොන වරදක් කලාටද මෙහෙම වෙන්නේ.