විනීතා එම් ගමගේ
කැලණි ගඟට මීටර් 100 ආසන්නයේ කඩුවෙල වෙලේ හන්දියේ පහත් බිමක දමා ඇති වැසිකිලි අපද්‍රව්‍ය බවුසර් කිහිපයක් නිසා බියගම හා අඹතලේ ජල පවිත‍්‍රාගාර දෙකට සැපයෙන ජලය දුෂණය වීමේ අවදානමක් පවතිතැයි මධ්‍යම පරිසර අධිකාරිය කියයි.
පෞද්ගලික සමාගමකට අයත් මෙම ඉඩමට ඉකුත් 16 වැනිදා ගලි බවුසර් තිහක පමණ ප‍්‍රමාණයක් ගෙනැවිත් දමනු ලැබ ඇත්තේ එකී සමාගමේ අනුබද්ධ තවත් සමාගමක් විසිනි.
ඉදිරි දිනවල දී මහවැසි ඇද හැලූනහොත් මෙම අපද්‍රව්‍ය කැලණි ගඟට මුසුවීම වැළැක්විය නොහැකි වනු ඇති බවත් ඊට පෙර මෙම අපද්‍රව්‍ය ඉවත් කිරීමට සියලූ පියවර ගත් නමුත් මෙතෙක් එය සිදුව නැති බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස් අමරසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
මෙම ඉඩමට කිසිදු අපද්‍රව්‍යක් මුදා හැරිම තහනම් කරමින් අධිකරණය මගින් ලබා දී ඇති නියෝගයක් ක‍්‍රියාත්මක වෙමින් පවතිද්දි මෙම අපද්‍රව්‍ය තොග ගෙනැවිත් දමා ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
මධ්‍යම පරිසර අධිකාරියට එවැනි අවස්ථාවක අපද්‍රව්‍ය ඉවත් කිරීමට බලතල නැති බැවින් සිද්ධිය අධිකරණයට වාර්තා කළ බව ද ඔහු සදහන් කළේය.
මේ වනවිට ප‍්‍රදේශයේ දුඟද හමන බවත් පොලිසිය මගින් මේ සම්බන්ධව අධිකරණය වෙත වාර්තා කර ඇති අතර අධිකරණය මේ පිළිබද අවශ්‍ය ක‍්‍රියා මාර්ග ගන්නැයි පළාත් පාලන කොමසාරිසවරයා වෙත නියෝග කර ඇතැයි ද සභාපතිවරයා කීය.
එසේ වුවත් දින 22 ක් ගතවන තුරුත් ඒ සම්බන්ධ නිසි ක‍්‍රියාමාර්ග ගෙන නැති බව කී අමරසිංහ මහතා පවතින තත්ත්වය යටතේ කැලණි ගඟේ පානීය ජලය පිළිබද ප‍්‍රශ්නයක් ඇති වීමෙන් වැළැක්වීමට යෙදිය හැකි උපක‍්‍රම පිළිබදව සොයමින් සිටින බවත් කියා සිටියේය.
COMMENTS
මහත්තයෝ මේවා ගැන මෙ වෙලාවෙ ප‍්‍රකාශ නිකුත් කර කර ඉදලා වැඩක් නැහැ. වුවමනා පියවරවල් නොපමාව ගන්න. අපි මැරෙන්නේ කොරෝනාව නිසා නොවෙ... පාචනය හැදිලා...
රජය අපහසුවට පත් කිරීමේ සැලසුමේ කොටසක්...
පරිසර අධිකාරියට බලයක් නැහැ, අධිකරණය නියෝගයක් දීල, පලාත්පාලන කොමසාරිස් අක්‍රියයි. මොනවටද මේ රාජ්‍ය ආයතන තිබිල ඇති පලේ, මෙච්චර හානියක් කරලා තියෙන කොම්පැනි කාරයෙකුට කියල මේ ජරාව අස්කරවන්න බැරි නම්? හදිසි නීතිය යටතේ හමුදාවටවත් කියමුද?
මෙම ක්‍රියාව පිටිපස කාලකන්නි දේශපාලුවෙක්ගේ හස්තයක් තිබෙන හැඩයි. මොන රටේ වුවත් දේශපාලුවෝ ලෝකයේ තිබෙන සදහටම තුරන් කලයුතු භයානකම වසංගතයකි. ගරු අධිකරණ නියෝග පවා නොතකා හැසිරෙන මෙම අයාතනයේ සියලු අධ්‍යක්ෂකවරු එකිනෙකා හා පොදුවේ සමුල ඝාතනයක් සැලසුම්කිරීම පිළිබඳව දණ්ඩ නීති සංග්‍රහය යටතේ අධිකරණයට ඉදිරිපත් කලයුතුවේ. .
මෙම අපවහන දේවල් සදහාත් වහාම බැහැර කිරීමේ නීති අත්‍යාවශ්‍ය වේ. මල සිරුරු මුලුමනිම්ම ආදාහනය කරන්න නම් මෙයටද එම නීති යෙදීමට බැරි කිමද? මෙම ඉඩමට ගලි බවුසර් තිහක පමණ ප‍්‍රමාණයක් ගෙනැවිත් දමනු ලැබ ඇත්තේ ඒවා (dumping) ලෙස සලකාය.. එම නිසා ඊවා පොලිස් බාරයට ගැනීම හැකි විය යුතුය...
වහාම මෙම සමාගමේ හා අනුබද්ධ සමාගමේ අධ්‍යක්ෂකවරුන් සහ ඔවුනගේ පවුලේ අය ගෙනවිත් මෙම ඉඩම අසල තාවකාලික කූඩාරමක රඳවන්න. එවිට යසට අපද්‍රව්‍ය ටික රැගෙන යාමට ඔවුන්ම පිලිවෙලක් යොදාවි.
රටේ නීතියක් කියා දෙයක් නැතිද? අනික මෙවැනි දෙයකට මොන නීතිද? වගකිවයුතු අය දන්නව නම් පොලිසිය තියෙන්නේ පොල් ගාන්න නොවෙයි කියා අපිට නම් තේරෙනවා. දශ ලක්ෂ කීයකට බොන්න දෙන වතුරටද මේ වින කරන්නේ? ආයුධ හොයන්න යන්නත් ඕනේ නැතිවෙයි.
මේ හැමදෙයින්ම පෙනීයන්නේ ඇමතිවරු, මන්ත්‍රීවරු යනු තවදුරටත් මේ රටට අවශ්‍ය පිරිසක් නොවන බවයි. ජනපති සමග හමුදාව පමණක් රට ගෙනයාමට ප්‍රමාණවත්.
ලංකාවෙන්ම වැඩියෙන්ම පෝසතාගේ තවත් වික්‍රමයක්ද?
අගෙයි අගෙයි.කොරෝනාවත් එක්ක කොළරාවත් ආවම තමා වැඩේ සම්පුර්ණ.
මේ වගේ වැඩ වලට ආයතන ප්‍රධානීන්ට පුද්ගලික අපරාධ නඩු පවරන්න ඇමෙරිකාවේ නීති ගෙනත් තිබුනා.ලංකාවටත් එම නීති ගෙන ආ යුතුයි. හදිසි පරිසර දුෂණයට හමුදාව සම්බන්ධ කර ගත යුතුයි. වියදම ආයතනයෙන් අයකර ගැනීමට.........