IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


වැඩිමිලට භාණ්ඩ විකුණන්නන් ගැන දන්වන්න අංකයක්

(තිලකරත්න දිසානායක)

ජංගම රථ මගින් වියළි ආහාර ද්‍රව්‍ය අධික මිල ගණන් යටතේ අලෙවි කිරීම් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින්  පරීක්ෂාවන් කිරීමට පියවර ගෙන ඇති අතර වැඩි මිලට අලෙවි කිරීම් සම්බන්ධයෙන් 1977 අංකයට දැනුම් දෙන ලෙසට පාරිභෝගිකයින්ට දැනුම්දී සිටී.

පවතින ඇදිරි නීති තත්ත්වය හේතුවෙන් ජනතාව අතරට ගොස් ජංගම රථ මගින්  වියළි ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේදී ඇතැම් වෙළඳුන් අධික මිල ගණන් යටතේ අලෙවි කරන බවට පාරිභෝගිකයින් ගෙන් ලැබෙන පැමිණිලි මත මෙසේ පරීක්ෂාවන් සිදු කිරීමට පියවර ගෙන ඇති බව පාරිභෝගික සේවා කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන අංශ ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා සදහන් කරයි.

විමර්ශන ඒකකය මගින් අද (5) දිනයේ ගම්පහ, අත්තනගල්ල, නිට්ටඹුව සහ පස්යාල යන ප්‍රදේශයන්හිදී පරීක්ෂාවන් සිදු කරමින් වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම් සම්බන්ධයෙන් වෙළඳුන් දැනුවත් කිරීමට පියවර ගත් බවත් ඉදිරියේදී වැඩි මිලට අලෙවි කරනු ලබන වෙළඳුන්ට දැඩිව නීතිමය පියවර ගන්නා බවත් විමර්ශන ප්‍රධානී වරයා කීය. 

පරිප්පු කිලෝවක් රුපියල් 65 ක් , සැමන් (ග්‍රෑම් 425) ටින් එකක් රුපියල් 100 ක් සහ බී ලුනු කිලෝවක් රුපියල් 150 ක් වශයෙන් පාලන මිලක් නියම කර තිබියදී ඇතැම් ජංගම රථ වෙළඳුන් විසින් පරිප්පු කිලෝවක් රුපියල් 240 ක්, බී ලුනු කිලෝවක් රුපියල් 200 ක් වැනි මිල ගණන් යටතේ අලෙවි කරනු ලබන බවට පාරිභෝගිකයින් විසින් පැමිණිලි කර තිබු බව විමර්ශන ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා පැවසූ අතර පාලන මිලට වඩා වැඩියෙන් භාණ්ඩ අලෙවි කිරීම් සම්බන්ධයෙන් අදාල ජංගම අලෙවි රථයේ ලියාපදිංචි අංකයද සමග 1977 යන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටින බවද කීය.

ගම්පහ දිස්ත්‍රික්කයේ ජංගම වෙළඳ රථ පරීක්ෂාවට ලක් කිරීම පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක සහ ගම්පහ දිසාපති සුනිල් ජයලත් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි එම  අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන අංශ ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතාගේ මෙහෙයවීම යටතේ විමර්ශන නිලධාරීන් වන හෂාන් කළුබෝවිල,  දිලීප කරුණාරත්න, අරුණ ශාන්ත,  ඉෂාර හෝමපාල , මාලිංග ගුණසේකර සහ රවිදු කුෂාන් යන මහත්වරුන් විසින් සිදු කර ඇත. 
 



අදහස් (5)

වැඩිමිලට භාණ්ඩ විකුණන්නන් ගැන දන්වන්න අංකයක්

DASTHA Sunday, 05 April 2020 01:47 PM

කෙසේ ඔප්පු කරන්න ද? ගෙවල් පැත්තේ ඉන්න කට්ටියට විතරක්ම විකුණන කොට.. බිලක් ද නිකුත් නොකරන කොට... අනේ මන්දා...

:       0       32

Roshan Sunday, 05 April 2020 03:37 PM

ඔක්කොටම කලින් 1977 ට හෝ 0117755481, 0117755482 යන දුරකථන අංක වලට ප්‍රතිචාර නොදැක්වීම පිලිබඳ කාටද පැමිණිලි කරන්න ඕන? රුපියල් 100/= ට පාලන සිල්ලර මිල තියෙන සුදු සීනි දැන් පිටකොටුවේ තොග වික්කේ 115/= ට. රුපියල් 88 - 95/= ත් අතර තිබුන සහල් තොග මිල දැන් 100 - 105/=ත් අතර. බී ලූනු තොග මිල දැන් 145 - 150/=යි. රුපියල් 87/=ට පාලන මිල තියෙන පාන් පිටි දැන් පිටකොටුවේ තොග මිල 86 - 87/=. ඕක කියන්න මම ඉහත දුරකථන අංක වලට කථා කරා. බැරිම තැන ජනාධිපති ලේකම් කාර්යාලය මගින් පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිට පැමිණිලි කරා. දැන් දවස් පහක් වෙනවා කිසිම දෙයක් කරල නෑ.

:       0       0

wije Sunday, 05 April 2020 04:11 PM

දැනුම් දෙන්නනම් පුළුවන් හැබැයි අපේ රහස්‍ය බාවය ආරක්ෂා කරනවා නම්. එහෙම නොවුනොත් කළුකඩ කාරයෝ අපිව මරාගෙන කනවා...

:       0       0

priyanka Sunday, 05 April 2020 04:54 PM

1977 ට මම කතා කළත් වොයිස් මෙල් ගිහින් කට් වෙනවා.

:       0       3

Asanka Sunday, 05 April 2020 08:55 PM

අදාල ජංගම අලෙවි රථයේ ලියාපදිංචි අංකයද සමග 1977 යන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31527 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13868 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11072 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 157 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1074 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site