කොරෝනා පාලනයට ආධාර ලබාදීමේදී දේශපාලන ප්‍රචාරණ එපා
කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පීඩාවට පත් ජනයාට ආධාර ලබාදෙන ඇතැම් දේශපාලනඥයින්, එම ආධාර දීම් ඡායාරූප ගතකරමින් ජනමාධ්‍ය හා සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කිරීම යෝග්‍ය නොවන බවද, එලෙස කටයුතු නොකරන ලෙසද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද(04) ඉල්ලීමක් කළේය.