IMG-LOGO

රැඳවියන් 2,961 දෙනෙකු ඇප මත මුදා හරිති

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
 
බන්ධනාගාර ගතව සිටි රැඳවියන් 2,961 දෙනෙකු මාර්තු මස 17 වනදා සිට අද (04) දක්වා ඇප මත මුදාහැර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පත් කෙරුණු විශේෂ කමිටුවේ නිර්දේශ මත අධිකරණ නියමයෙන් මෙම රැඳවියන් නිදහස් කර ඇති බව නිවේනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටී.
 
ඒ අනුව, දඩ ගෙවා ගැනීමට නොහැකි, ඇප ලබාදී තිබුණද ඇප කොන්දේසි සම්පූර්ණ කරගත නොහැකි, ඉතා සුළු වැරදි වලට සිරගතවූවන් හා දඬුවම් කාලයෙන් වැඩි කොටසක් අවසන් කර ඇති, ඉතා බරපතළ සෞඛ්‍ය ‍‍හේතූන්ගෙන් පීඩා විඳින දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතව සිටින්නන් සහ ඇප ලබාදීමක් හෝ චෝදනා ගොනුකර නඩු විභාගයක් සිදුකර නැති සිරකරුවන් පිළිබඳව මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ.
 
මුදා හරින ලද රැඳවියන් පිරිස අධිකරණය ලබාදී ඇති සහනය කඩ නොකර, පනවා ඇති කොන්දේසි ඉටුකරමින් යහපත් අන්දමින් සමාජයේ හැසිරිය යුතු බවට ද අවධාරණය කර ඇත.



අදහස් (0)

රැඳවියන් 2,961 දෙනෙකු ඇප මත මුදා හරිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 448 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 623 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 254 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site