IMG-LOGO

සමෘද්ධි නිලධාරියාගේ රාජකාරියට බාධා කළ දෙදෙනා රිමාන්ඩ්

(ඉන්දික අරුණ කුමාර)
 
 නාඋල , අඹන සමෘද්ධි බැංකුවට අනුයුක්තව,අඹන -  මොරගහමඩ වසමේ රාජකාරි කළ සමෘද්ධි නිළධාරිවරයෙකුට පහරදිමට සම්බන්ධ  සැකකරුවන් දෙදෙනා  ලබන 08 වෙනිදා දක්වා රක්ෂිත බණ්ධනාගාර ගත කිරිමට නාඋල ප්‍රධාන මහේස්ත්‍රාත්  නාලක සංජීව වීරසිංහ මහතා අද (04) නියෝග කළේය.
 
මෙලෙස රක්ෂිත බණ්ධනාගාර ගතවූයේ නාඋල - අඹන, මොරගහමඩ ලිපිනයේ පදිංචි පි.ජි.බණ්ඩාර මැණිකේ (43) සහ එම ලිපිනයේම පදිංචි දිලීප් පුෂ්පකුමාර (23) නැමති දෙදෙනායි.
 
 සමෘද්ධි නිලධාරිවරයාට බැන තර් ජනය කිරිම,රාජකාරියට බාධා කිරිම,සාපරාධි බිය ගැන්වීම හා පහරදීම යන චෝදනා යටතේ නාඋල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක යු.පී.ජි.කේ. රත්නායක මහතා විසින් අධිකරණයට කරුණු වාර් තා  කළේය.
 
රජය මගින් මහජනතාවට ලබාදීම සදහා නිර් දේශ කල රැපියල් පන් දහසේ දීමනාව වසම් මට්ටමින් ලබාදීමට ක්‍රියා කිරිමේ දී අඹන - මොරගහමඩ ප්‍රදේශයේ දී තමන්ට පහරදීමක් සිදුකල බව සදහන් කරමින් වසම්භාර සමෘද්ධි නිලධාරිවරයා නාඋල පොලිසියට ඊයේ (03) පැමිණිළි කර තිබිණි.
 
ඒ අනුව අදාල සැකරැවන් නාඋල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන නාඋල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිනි.පහරකෑ සමෘද්ධි නිලධාරිවරයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ ශ්‍යාමලි විජේරත්න මහත්මිය පෙනිසිටියාය.

පහරකෑමට ලක්වුයේ නාඋල ප්‍රාදේශීය ලේකම් කෝඨාශයේ අඹන සමාද්ධි බැංකුවට අනුයුක්තව මොරගහමඩ වසමේ රාජකාරි කළ සිසිර බණ්ඩාර හේරත් (49) යන අයයි.ඔහු මේ වන විට  බකමූණ රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරැව පොලොන්නරැව රෝහලට මාරැකර යවා ඇතැයි නාඋල පොලිසිය කියා සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලිසිය වැඩිදුර පරික්ෂණ ආරම්භ කර තිබේ.
 



අදහස් (2)

සමෘද්ධි නිලධාරියාගේ රාජකාරියට බාධා කළ දෙදෙනා රිමාන්ඩ්

srinath Saturday, 04 April 2020 09:57 AM

හිතාදර ලංකාදීප ඔබ මෙහි විත්තිකරුවන්ගේ නම් ප්‍රකාශයට පත් කිරීම ගැන සතුටු වේ. එලෙසම හැකිනම් සෞක්‍ය නිලධාරීන් හට බාධා කල අයගේ නම් ප්‍රසිද්ධ නොකරන්නේ කිමද?

:       0       10

සනත් වීරකෝන් Saturday, 04 April 2020 10:56 AM

රාජකාරියට බාධා කිරීම සහ ඒ වේලාවේදී පහරදීම ඇප ලබාදීමට නොහැකි බරපතල වරදක් කියලයි සලකන්නෙ. ඊට අමතරව ඔහුට බරපතල තුවාල සිදුවෙලා තියෙනවනම් පහරදීම සිදූකල දෙදෙනාට අවුරුදු දෙකක්වත් හිරේ ලගින්නට සිදූවෙනව...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 448 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 622 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 253 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site