IMG-LOGO

නිරෝධායන නිවසේදී ගැටුමක් ඇතිකරගත් තරුණයා රෝහලේදී පළා යයි

ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

පිලියන්දල කහපොල රෙජිඩෙල්වත්ත  ප්‍රදේශයේ නිරෝධායන නිවසක තරුණයින් දෙදෙනෙකු අතර වූ ගැටුමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්  කළ පුද්ගලයා  රෝහලෙන් පලාවිත් ඇති බවට වාර්තා වේ.

මෙම පුද්ගලයා 2 දා  සුවසැරිය ගිලන් රථයකින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවේ   කැස්බෑව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී  කාර්යාලයේ මහජන සෞඛ්‍යය  පරීක්ෂක නිලධාරීන්ගේ මැදිහත්වීමෙනි.

මෙම පුද්ගලයින් දෙදෙනා මත්ද්‍රව්‍ය ගැනීමට පුරුදු වූවන් වන අතර ඔවුන් මේ වන විටත් ගම පුරා ඔබ මොබ ඇවිදිමින් ගම්වාසීන් මහත් භීතියට ලක් කරමින් සිටිනා බවටද තොරතුරු වාර්තා වේ.

මේ අතර මොවුන් පාලනය කිරීම සඳහා ඉකුත්  (1)දා සිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාව මෙම නිවසට සැපයීමට   පිළියන්දල පොලිසිය පියවර ගෙන තිබුණි.

එසේම මෙම නිවැසියන්  නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමට නිකුත් (2) දා සිට අධිකරණ නියෝගයක්ද ලබා ගෙන තිබූ අතර මේ දක්වා ඔවුන් නිරෝධායන  මධ්‍යස්ථානයකට යොමු කිරීමට  පොලිසිය පියවර ගෙන නොතිබීම ගම්වාසීන්ගේ මහත් කුතුහලය උපදවන කාරණාවක් කාරණාවක්ම පත්ව තිබේ.

මෙම නිවස නිරෝධායනය නිවසක් බවට  නම්  කරනු ලැබූයේ  ඉකුත් 31දා කළුබෝවිල රෝහලින් වාර්තා වූ කොරෝනා ආසාදිතයා ප්‍රතිකාර ලැබූ පහ වාට්ටුවේ සිට ඉකුත් 28 දා රෝහලින් පිටව ගිය පුද්ගලයෙකු මෙම නිවසේ වාසය කරති.



අදහස් (5)

නිරෝධායන නිවසේදී ගැටුමක් ඇතිකරගත් තරුණයා රෝහලේදී පළා යයි

Athula lakmal Saturday, 04 April 2020 07:30 AM

පොලිස්පතිතුමනි, මොවුන්ව ආයුධ පෙන්නන්න රුගෙන යන්න.

:       0       120

PSR Saturday, 04 April 2020 07:59 AM

ඔබ මොබ නිදැල්ලේ ගමන් කරන ඔහු වෙඩී වැදි මියගියහොත් ගම්වාසීන් කලබල විය යුතු නොවෙ යැයි මට සිතේ...

:       0       67

lalithm Saturday, 04 April 2020 08:09 AM

ජනපතිතුමනි,පොලිස්පතිතුමනි, පිලිපීන ජනපතිතුමා අනුගමනය කරමු. මෙවැන්නන් පාලනයට වෙනත් මගක් නොමැත. අනික කුඩ්ඩන්, බේබද්දන් පාලනය කිරීම පව්ලේ අයට කරන්න පුළුවන් දෙයක් නොවේ.

:       0       82

RaveendraSaturday, 04 April 2020 08:29 AM

සහතික ඇත්ත ඇඩ්රස් නැතිවෙන්න දෙන එක දිය යුතුයි යන්න අප තරයේ විස්වාස කරන්නෙමු. මේ ලැබූ මහගු අවස්ථාවෙන් අප රටේ අනාගත වෙනුවෙන් එම තීරණ ගැනීම හුදෙක් සාමකාමී අහිංසක මහජතාවට පාලකයන් කරන දිර්ගකාලින ආයෝජනයකි.

:       0       0

Raveendra Saturday, 04 April 2020 08:26 AM

අප මෙය සදහන් කලේ මිට දින කීපයකට පෙර අනුරාධපුර සිරගෙදර ඇතිවූ සිද්ධිය සමග සංසන්දනය කර බව කීමට කැමැත්තෙමු. මෙවන් විෂබීජ කිසිදු සමාජයක නිදැල්ලේ හැසිරීමට ඉඩ නොදිය යුතු බවත් දුටු තැන වෙඩිතබා මරා දැමීම කල යුතුමය.. " වැඩි පිරිසකගේ ආරක්ෂාව වෙනුවෙන් " අර හිමිකම් මේ හිමිකම් ගැන කතාකරන ඩොලර් වලින් යැපෙන දේශද්‍රෝහින්ටද මෙය අදාල වේ . එමගින් ඕන එකටයි එපා එකටයි "තම හොම්බ " දමන එම තිරිසනුන්ද තම ක්‍රියා කලාපය ගැන දෙවරක් සිතීමට පෙලෙබෙනු ඇත.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 448 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 622 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 252 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site