IMG-LOGO

රැඳවියන් නිපැයූ ආරක්ෂිත කබා 500ක් රාගම රෝහලට

කවිතා සුබසිංහ 

මහර බන්ධනාගාර රැඳවියන් විසින් එක් දිනක් තුල නිෂ්පාදනය ලද ආරක්ෂිත කබා 500 ක් උතුරු කොළඔ ශික්ෂණ රෝහල වෙත භාරදීම මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතාගේ මූලීකත්වයෙන් මහර බන්ධනාගාරයේදී අද (4) සිදු කෙරිණි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකොන් මහතා සහ බන්ධනාගාර කොමසාරිස් කර්මාන්ත තුෂාර උපුල්දෙනිය මහතාගේ අනුමැතිය හා වැඩිදුර උපදෙස් මත මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතාගේ ඝෘජු අධික්ෂණය යටතේ මහර බන්ධනාගාරයේ මැහුම් පාඨමාලාව හදාරනු ලබන රැදවියන් විසින් මෙම සෞඛ්‍ය ආරක්ෂිත කබා නිෂ්පාදනය කර තිබේ.

මීට පෙරද රාගම රෝහල වෙනුවෙන් අවශ්‍ය මුහුණු ආවරණ 1000 ක් නිෂ්පාදනය කර ලබා දීමට එම රැදවියන් කටයුතු කර තිබිණ.

මහර බන්ධනාගාර රැදවියන් විසින් නිපදවන ලද මෙම ආරක්ෂිත කබා තොගය උතුරු කොළඔ ශික්ෂණ රෝහලේ වෛද්‍ය අසංක දිසානායක මහතා වෙත එම කබා තොගය ප්‍රදානය කළේය.

සමාජයෙන් වෙන්ම සිරගත වී සිටියද රට වෙනුවෙන් හදිසි ආපදා අවස්ථාවේ මෙම රැදවියන් විසින් ලබාදෙන මහගු දායකත්වය සියළු දෙනා අගය කල යුතු බවත් ඒ වෙනුවෙන් ඔවුන්ට මගපෙන්විම සිදුකල මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතා ඇතුළු මහර බන්ධනාගාරයේ සමස්ථ නිළධාරින් වෙත කොරෝනා වයිරසයට එරෙහිව සටන් කරන සියළුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙනුවෙන් ස්තුතිය පුද කරන බව වෛද්‍ය අසංක දිසානායක මහතා එම අවස්ථාවට එක් වෙමින් පැවසීය.



අදහස් (1)

රැඳවියන් නිපැයූ ආරක්ෂිත කබා 500ක් රාගම රෝහලට

kumara Saturday, 04 April 2020 12:38 PM

" සිරකරුවෝද මනුෂ්‍යයෝය...." ඔබ සැමට තෙරුවන් සරණ පතමී...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 448 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 623 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 254 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site