(චමිල් රෑපසිංහ)
පිණ්ඩපාතයෙන් දානමය අවශ්‍යතාවය පිරිමසා ගන්නා මෙහෙණින් වහන්සේලා 20 ක් පමණ භාවනායෝගිව සිටින උඩුනුවර වට්ටප්පල වෙබ්ලිවත්ත ඉසිපතන ආරණ්‍යය සේනාසනයට වෙලම්බඩ පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු පොලිස් නිලධාරින් පිරිසක් විසින් ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමක් අද (04) සිදුකෙරිණි.
මේ දිනවල පවතින ඇදිරි නීති තත්ත්වය හේතුවෙන් පිණ්ඩපාතයේ යෑමට හැකියාවක් නොමැති බවත් ආරණ්‍යය සේනාසනයට කිලෝ මීටර් 3 ක් පමණ දුරක් පැමීණීමට යුතු බත් එම නිසා දායක පිරිස් හට පැමිණිමට නොහැකි තත්වයක්ද පවතින බවත් ඉසිපතන ආරණ්‍යය සේනාසනයේ ප්‍රධාන මෙහෙණින් වහන්සේ වන අස්වැද්දුමේ සුදේශිකා මෙහෙනින් වහන්සේ පැවසුහ.
ආරණ්‍යය සේනාසනයට අසල දායක දායිකාවන්ගෙන් දානමය කටයුතු ලැබුණත් මෙහෙනින් වහන්සේලා විශාල ප්‍රමාණයක් සිටින නිසා මේ දිනවල දානමය කටයුතු සඳහා දැඩි අපහසුතාවයක් පවතින බවත් ඉසිපතන ආරණ්‍යය සේනාසනයේ ප්‍රධාන මෙහෙණින් වහන්සේ සඳහන් කළහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු!... සාදු!! .. සාදු!!!
සාධූ! සාධූ! සාධූ!
හරිම හොඳ පින්කමක් පොලිසියේ මහත්තුරු කරලා තියෙන්නේ. මිනිස්සුන්ට දානේ දෙන්න යන්නත් විදිහක් නැති හින්ද මේ වෙලාවේ මෙහෙණින්නාන්සේලා වෙනුවෙන් කරලා තියෙන්නේ ඉතා උතුම් ක්‍රියාවක්. ලොකු පන්සල් වලින් හුඟක් ප්‍රසිද්ධිය දීල කොරෝනා අරමුදලට මුදල් දුන්න බව ඇත්ත වුනත් මේ වගේ ඈත පිටිසර පන්සල් ගැනත් සොයා බැලුව නම් හොඳයි නේද? අන්තිම පන්සලට පිහිටට හිටියේ පොලිසිය.
මෙවන් සත්පුරුෂයන් දකින්න ලැබීමත්, මෙවන් ක්‍රියා උතුම් දැකගන්න ලැබීමත් මහා වාසනාවක් .... සාදු! සාදු! සාදු!
මේ පොලිසියේ මහත්වරුන්ට කවදාවත් වරදින්නේ නැත. මේ මහා පුණ්‍යකර්මයට ඔවුන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයටත් දෙමාපියන්ටත් විශාල පිනක් ලැබෙනු ඇත.
එක්රැස් වී ෆොටෝ ගැනීමෙන් වළකින්න. ඩෙංගු මර්දනයට මේ හොදම වෙලාව....
අපට වැරදුන තැනක් ඇත. එය නිවැරදි කර ගනිමු මේ රට මේ විපතින් ඉක්මනින්ම මිදෙනු ඇත. මේ මිහිතලය අපට පමණක් නොව සතා සිව්පාවටත් අයිති සේ සලකා දැන්වත් කටයුතු කරමු පරිසරයට ආදරය කරමු... අසීමිත ආශා පසුපස හඹායන තරඟය පාලනය කරමු පන්සිල් රකිමු.
පාලිත තෙවරක් පෙරුම, රන්ජන් අල්පොන්සෝ මේ ස්ථානවලට නොයන්නේ මේ මෙහෙනියන්ගේ චන්දය අයත් වන්නේ වෙනත් දිස්ත්‍රික්කයකට නිසාද? අනේ වාසේ.