ඇඳිරිනීතිය පවතින අවස්ථාවේදී වස්ගමුව ජාතික වනෝද්‍යනයේ කුමාර ඇල්ල ප්‍රදේයේ පතල් හාරමින් සිටි 17 දෙනකු වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
කිරිඔය වන සත්ව අඩවිඅරක්ෂක කාර්යාල නිලධාරීන් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති අතර මැණික් ගැරීම සඳහා උපයෝගි කරගන්නා උපකරණ රැසක්ද අත්අඩංගුවට ගෙන ඇත.
තවත් සැකකරුවන් දෙදෙනකු පළාගොස්ඇතැයිද ඔවුන් සොයා විමර්ශන අරඹා ඇතැයිද වනජීවී නිලධාරීන් පැවසීය.
ප්‍රදේශයෙන් ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.
මෙම මෙහෙයුම සඳහා කිරිඔය වන සත්ත්ව අඩවි ආරක්ෂක චින්තක බණ්ඩාර, වන සත්ව අඩවි සහකාර කේ.සී සී ගයාන්, නියාමකවරුන් වන ඒ ටී සඳරුවන්,ඒ කේ එල් විජේකුමාර, ක්ෂේත්‍ර සහකාර ආර් එම් සෝමසිරි සහ සිව්ල් ආරක්ෂක නිලධාරී කේ ප්‍රේමතිලක යන මහත්වරු මෙම වැටලීම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගත් 17 දෙනා වනජීවී නිලධාරීන් විසිනු ඇප මත මුදාහැර ඇති අතර මෙ මස 27 වැනිදා ඔවුන්බකමූණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඇඳිරියේදී වස්ගමුව වනෝද්‍යානයේ කුමාරඇල්ලේ පතල් කැපු 17 ක් අත්අඩංගුවට