හර්ෂණ තුෂාර සිල්වා
ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (06) ඉතිහාසගත ලෙස පහළ ගියේය.
ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය අද (06) 199.40 ලෙස සටහන්ව තිබිණි.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 199.40 ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 193.35ක් ලෙසත් දැක්විණි.
ගෝලීය වසංගතයක් ලෙස නම් කර තිබෙන කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙන අතර ලොව මූල්‍ය වෙළෙඳපොළ මෙන්ම ගෝලීය බොරතෙල් මිල ගණන් ද පහත වැටෙමින් තිබේ.
මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 3 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4.9කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.
COMMENTS
අර , හාල්මස්සෙක්ව කරේ තියාගෙන පාර්ලිමේන්තු ගිය නිට්ටෑවගෙන් ඇහුවානම් දැන් මොකද රුපියලට වෙන්නේ කියල ..
බන්දුල ඇමති තුමාට ඕක කජ්ජක් නේ. සහයට උපදේශක කබ්රාල් ඉන්නවා. වියත්තු සෙට් එකෙනුත් උපදෙස් ලැබේවි... ඉක්මනට රුපියල ගොඩ දමාවි කොරෝනා ඉවර වුනාම. බිය නොවන්න.
කොවිඩ් 19 නිසා ලෝකයේ ආර්ථික අර්බුදයක් ඇති වීමේ ලක්ෂණ තිබුනත් තවම එහි බලපෑමක් නැහැ. ලෝක තෙල් මිල පහල යාමට සහ රුපියලේ අගය අඩුවීමට එක බලපාලා නැහැ. ඒක බොරුවක්. ලෝක තෙල් මිල අඩු වුනේ සෞදි සහ රුසියානු තෙල් වෙළඳ පොලේ ක්‍රියාකාරකම් නිසයි. එය තව ටික දවසකින් ඉහල යා හැකියි. එහෙත් ලංකාවේ රුපියල් අගය අඩුවී ඩොලරයට 200 ගෙවන්න වුනේ මේ රජයේ අමණ ආර්ථික වැඩ පිළිවෙල සහ මුල්‍ය අර්බුදය නිසා. යෝජනා සහ විදේශ සංචිත හිඟවීම නිසා. කොවිඩ් නිසාත් වටිනාකම් අඩුවෙයි. ඒත් දැන්ම නෙමේ. තව පසුවට.. කොයි අර බන්දුල ගුණවර්ධනගේ ආර්ථික පර්යේෂණ ඒකකය? අපිට මේවා දැනගන්න ලොකු ටෝක් ටිකක් දුන්නා නම් තමයි හොඳ. කටින් බතල හිටවනවට වඩා, ප්‍රයෝගිකව වැඩ කිරීම අමාරු බව උන්දැට දැන් තේරිලා ඇති. මිනිස්සුන්ට බොරු කියලා රවට්ටලා වැඩක් නෑ.
අනේ කොරෝන ,අනේ ආර්ථික ඔස්තාර් ?
මේ අමාරුකම අපේ වාසියට යොදාගන්න පුළුවන්, රට රිබූට් කරන්න, අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ ගෙනෙන්න පුළුවන්... යුද්ධය ඉවර වුන වෙලාවේ, සුනාමි ව්‍යවසනය වෙලාවෙත් ලංකාවට එහෙම වාසියක් ආවා... නමුත් නියම පල ප්‍රයෝජන ගත්තේ නෑ, අනවසර ඉඳිකිරීම් ඉවත් කරලා වෙරල තීරය ලස්සනට හදන්න වෙරල මායිම් හදන්න හොඳ අවස්තාවක් ලැබුණා.. ඒත් ඒක අපතේ ගියා, දැන් මේ ව්‍යවසනය ආවත් අපිට අලුත් චාන්ස් එකක් තියෙනවා, කිසිම කෙනෙක් ඒ දෙයට විරුද්ධ වෙන්නේ නෑ, මිනිස්සු බෙදා වෙන් කරන්නේ නැතිව එකතු කරලා එකමුතු කරලා මේ අමාරුවෙන් ගැලවෙන්න පුළුවන්, එත් ඒ ආණ්ඩුව කරවන එවුන්ට උවමනා කමක් තියෙනවා නම් විතරයි.
ලෝක ආර්තිකයට කෙසේ වෙතත් දුශිත දේසපාලුවන්ගේ පවුල්වල උන්ට නම් අවුලක් නෙතුවා. වෙඩිපුරම කෙරුවේ හොරකම්, වන්චා, දූෂණ වලින් ගසාකාපු එකනේ ?