IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ආණමඩුව රෝහලේ කාර්ය මණ්ඩල කොටසක් ස්වයං නිරෝධායනයට

හිරාන් ප්‍රියංකර ජයසිංහ

ආණමඩුව කිවුල ප්‍රදේශයේ කාන්තාවක් කොරෝනා ආසාදිතයකු ලෙස සනාථ විමත් ඇය ප්‍රථිකාර ලබා ගත් ආණමඩුව මුලික රෝහල් කාර්ය මණ්ඩල කොටසක් කිවුල හා 9 බවුම ගම්මාන වල  නිවාස 15 ක පිරිස් ස්වයං නිරෝධායනයට යොමු කරන බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි අධිකාරිවෛද්‍ය ඒ.එච්.එම් .පද්මිනි අබේරත්න මහත්මිය මහත්මිය පවසයි.

මෙසේ කොරෝනා ආසාදිතයකු ලෙස සනාථ වි ඇත්තේ 28 හැවිරිදි එක් දරු මවක් බව සෞඛ්‍ය අංශ කියයි.

මෙම මුල්ලේරියාව කොරෝනා රෝහල වෙත 5 දින රාත්‍රියේම පිටත් කිරිමට හලාවත රෝහල කටයුතු කර තිබු බව කියයි.

මෙම කාන්තාව පුත්තලම 9 බවුම ප්‍රදේශයේ සැමියා සමග පදිංචිව ඇති බවත් පසුව සති කිපයක් ආණමඩුව කිවුල අංක 4 ගම්මානයේ සැමියාගේ මවගේ නිවසේ රැදි ඇති බවටත්  මේ වන විට සෞඛ්‍ය අංශ සනාථ කරගෙන තිබේ.

කොරෝනා ආසාදිත කාන්තාව ආණමඩුව මුලික රෝහල හා තවත් ස්ථාන කිපයකින් ප්‍රථිකාර ලබා ගෙන ඇති බවටත් සනාථ වෙමින් ඇති බවත් කියයි.

ඒ අනුව මෙම කොරෝනා ආසාදිත කාන්තාව ඖෂධ ලබා ගත් ආණමඩුව නගරයේ පාමසියක් පිලිබදවද තොරතුරු ලැබි ඇති බවත් ඒවට අමතරව කොට්ටුකච්චිය මැල්ලන්කුලම ප්‍රදේශයේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පිළිබදවත් තොරතුරු සනාථ වි ඇති බව සෞඛය අංශ පවසයි .

එම ස්ථාන සියල්ලම පිළිබදව නිසි තොරතුරු ලබා ගැනිමකින් පසු ස්වයං නිරෝධායන කටයුතු සදහා යොදවිමට කටයුතු කරන බව වාර්තා විය.

මේ අනුව අදාල කාන්තාව රැදි සිටි පුත්තලම පොලිස් වසමට අයත් 9 බවුම මධ්‍යම අට්ටවිල්ලුව හා කිවුල අංක 4 ගම්මාන වල නිවාස 15 ක් 6 දින දහවල් වන විට සනාථ කර ගැනිමේන් පසු එම නිවාස වල පදිංචිව සිටි සියලුම පුද්ගලයින් දින 14 ක ස්වයං නිරෝධායන කටයුතු වලට යෙදවිමට සුදානම් කල බව  ආණමඩුව සෞඛ්‍ය අධ්‍යක්ෂවරිය පවසයි.

මෙම කොරෝනා ආසාදිත කාන්තාව හලාවත මහ රෝහලේ කොරෝනා ඒකකයට ඇතුලත් කිරිමේන් පසුව ආසාදිත තත්වයේ පසුවන බවට සනාථ කරගෙන තිබේ.

මෙම තත්වයෙන් පසුව ආණමඩුව හා පුත්තලම  වෛද්‍ය නිළධාරි කාර්යාල වල  මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සියලුම පිරිස් දැනුවත් කරමින් අදාළ ප්‍රදේශවල සෞඛ්‍ය තත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම් ආරම්භ කර තිබුණි.

මේ අතර ආණමඩුව හා පුත්තලම පොලිස්ථාන වල පොලිස් නිළධාරින් ද මේ කටයුතු සඳහා සක්‍රිය දායකත්වය දක්වන ආකාරය දැක ගත හැකි විණි.




 



අදහස් (1)

ආණමඩුව රෝහලේ කාර්ය මණ්ඩල කොටසක් ස්වයං නිරෝධායනයට

ruwan Monday, 06 April 2020 09:50 AM

රෝහලට ලෙඩෙක් එනවිටම කොරෝනා මූලික රෝග ලක්ෂණ වත් පරීක්ෂා කරන්න පුලුවන්ද? එහෙම පරීක්ෂා කරන්න සීමිත සේවක මණ්ඩලයක් අවශ්‍ය ආරක්‍ෂිත ඇඳුම් සමග යොදවන්න පුලුවන්ද? නැතිනම් මෙසේ අනාරක්ෂිතව රෝගීන් පැමිණීමෙන් සෞඛ්‍ය සේවකයින් හා සේවය ලොකු ප්‍රශ්නයකට ඉදිරියේ දී මුහුණ දෙයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31527 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13868 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11072 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 157 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1074 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site