උතුරු මැද පළාතේ උත්සව දෙකකට ලක්ෂ 150 ක් උතුරු මැද පළාත් සභාවේ පවතින දැඩි මුල්‍ය අර්බුදය මධ්‍යයේ පළාත් මහ ඇමතිවරුන්ගේ සම්මේලනයට සහ සවර්ණ සංඛ සම්මාන උළෙල සදහා රුපියල් ලක්ෂ 150 ක මුදලක් වියදම් කිරිමට පළාත් ප්‍රධාන අමාත්‍යාංශය ගෙන ඇති තිරණය සම්බන්ධයෙන් පළාත් සභාවේ උසස් නිලධාරිහු දැඩි මවිතය පලකර සිටිති. 20 April 2017
කුණු බැහැර කිරීමට විරුද්ධ වීම වරදක් වෙයි සියලු පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය බැහැර කිරීමේ සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි. 20 April 2017
කසල කළමනාකරණය අත්‍යාවශ්‍ය සේවාවක් - ඇමති පාඨලී කසල කළමනාකරණය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරීම මෙන්ම ලංකාවේ සියලූ ප්‍රධාන නගරවල කසල කළමනාකරණය එක් මධ්‍යම කසල කළමනාකරණ අධිකාරියක් යටතට ගෙනඒම ඒම වහාම කළ යුතුයැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ දී අද (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 20 April 2017
කිසිවක් නොකියා පිටව ගිය රන්ජන් මාධ්‍යවේදීන්ට පළ නොකියා පළා බෙදයි රන්ජන් රාමනායක හා ඉන්දික අනුරුද්ධ මහත්වරුන් අතර ගැටුමක් නිසා පසුගිය මාසයේ රටපුරා මහත් ආන්දෝලනයකට පත්වූ දිවුලපිටිය සම්බන්ධිකරණ රැස්වීමට අද 20 සවස පැමිණි සමාජ සුභසාධන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විනාඩි 10 ක් පමණ එහි රැඳී සිට කිසිවක් ප්‍රකාශ නොකර පිටව ගියේය. පසුගිය මස පැවති රැස්වීමේදී නියෝජ්‍ය ඇමතිවරයා හා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා අතර ගැටුමක් ඇතිවීමෙන් පසු මෙම රැස්වීම පැවත්වූයේ අද 20 පස්වරුවේය. 20 April 2017
කොළඹ කසල පුත්තලමට ගෙන යාම හොඳ වැඩපිළිවෙළක් - ඇමති පාඨලී කොළඹ කසල පුත්තලමේ අරුවක්කාලූහි පිහිටි හිරිගල් වලවල්වලට ගොස් දැමීමට පසුගිය රජය සියලූ කටයුතු සූදානම් කරතිබූ බවට ඇතැමුන් කරන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බවත්, මෙම වැඩපිළිවෙලට කැබිනට් අනුමැතිය ලබාගත්තේ පසුගිය ජනාධිපතිවරණයට මාස තුනකට පෙර දී බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 20 April 2017
සේපෑන්ග් නඩුව ක්වාලාලම්පූර් වෙත යැවීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි මැලේසියාවේ හිටපු ශ්‍රී ලංකා මහකොමසාරිස් අයි .අන්සාර් මහතාට එරට සිටි එල්ටීටීඊ දෙමළ ඩයස්පෝරා කණ්ඩායමක පිරිසක් විසින් එල්ල කළ ප්‍රහාරයට අදාළව සේපෑන්ග් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගය ක්වාලාලම්පූර් අධිකරණය වෙතට මාරු කරන්නැයි ඉල්ලා එම සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනා කළ ඉල්ලීම මැලේසියා මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි එරට පළවන ‘ෆ්‍රී මැලේසියා‘ පුවත්පත වාර්තා කරයි. 20 April 2017
වෘත්තියවේදීන්ට සවන් නොදීම බරපතලම ප්රශ්නයයි - ඇමති සුසිල් ප්‍රේමජයන්ත අපේ ප්‍රතිපත්ති සම්පාදකයන් ප්‍රතිපත්ති සැකසීමේ දී වෘත්තියවේදීන්ට සවන් නොදීම දැනට පවතින බරපතලම ප්රශ්නය යැයි විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය. ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේ දී සිදුවිය යුතු ප්‍රධානම කරුණ වන්නේ වෘත්තිකයන්ගේ සුරක්ෂීතතාව ඇති කිරීම බව ද හෙතෙම සඳහන් කළේය. විද්‍යා, තාක්ෂණ ඉංජිනේරු හා වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක බව වැඩි කරමින් ඉදිරියට ගෙන නොගියොත් රටක් ලෙස අපි අනාථ යැයි ද අමාත්‍යවරයා පැවැසීය. 20 April 2017
විශාඛාපට්නම්හි අනතුරකින් ශ්‍රී ලාංකිකයෙක් මරුට ඉන්දියාවේ ආන්ද්රාප්රදේශ් ප්‍රාන්තයේ විශාඛාපට්නම් නගරයේ සිදුවු රිය අනතුරකින් ලොරියක ගමන් ගත් ශ්‍රී ලාංකික තරුණයෙකු බරපතල තුවාල ලබා මියගොස් ඇතැයි ද හින්දු පුවත්පත වාර්තා කරයි. මෙලෙස මිය ගොස් ඇත්තේ සුබ්‍රමනියම් ගනේෂ් නැමැති විසි හය හැවිරිදි පුද්ගලයෙකි. 20 April 2017
කිරිඳිවැල ජනතා විරෝධය හමුවේ කුණු ලොරි හරවාගෙන යති කිරිදිවැල මාළිගාවත්ත කසළ කළමණාකරන මධ්‍යස්ථානයට කොළඹ නගරයේ කසළ ලොරි 10ක් රැගෙන ඒමට විරෝධය පළ කළ පිරිසට මීට ටික වේලාවකට පෙර පොලිස් ප්‍රහාරයක් එල්ල විය. පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළ ද ප්‍රදේශවාසීන් පළවා හැරීමට නොහැකි විය. අවසානයේ කුණු ලොරි ආපසු හරවාගෙන යෑමට සිදු විය. 20 April 2017
කෝටි 200 ක අකුණු සන්නායකය කොල්ලකෑ සැකකරුවන් 24 තෙක් රිමාන්ඩ් නාරාහේන්පිට පවිත්‍රතා ඩිපෝවේ සවිකර තිබූ රුපියල් කෝටි 200 කට අධික වටිනාකමකින් යුත් අකුණු සන්නායකය කොල්ලකෑ බව කියන යුද හමුදා සාමාජිකයන් දෙදෙනා සහ ව්‍යාපාරිකයින් සිව් දෙනා ඇතුළු සැකකරුවන් නව දෙනකු ලබන 24 තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා අද(20) නියෝග කළේය. 20 April 2017
ග්ලයිෆෝසෙට් ලීටර 32,000 ක් අත්අඩංගුවට ශ්‍රි ලංකාවට ආනයනය කිරිම සම්පුර්ණයෙන්ම තහනම් කර තිබෙන ග්ලයිෆෝසෙට් රසායනික ද්‍රව්‍ය ලීටර 32,000 ක් චීනයේ සිට ගෙන්වා තිබියදී රේගු නිවාරණ අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 20 April 2017
ශ්‍රී ලාංකික ධීවරයන් 7 දෙනකු නිදහස් කරයි ඉන්දීය මුහුදු සීමාවේ දී නීතිවිරෝධි ලෙස මසුන් මැරීමේ චෝදනාවට එරට බලධාරීන්ගේ අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් හත් දෙනා ඉන්දීය මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිදහස් කළ බව ප්‍රෙස් ට්‍රස්ට් ඕෆ් ඉන්දියා පුවත්සේව වාර්තා කරයි. 20 April 2017
මීතොටමුල්ලේ කුණු ගෙන එතියි ජා ඇල - මීගමුව සීරුවෙන් මීතොටමුල්ලේ කුණු ටොන් 300 පමණ ප්‍රමාණයක් රැගත් රථ (ඩ්‍රම්ට්‍රක්) ජාඇල පමුණුගම ප්‍රදේශයට පැමිණ කුණු බැහැර කිරීමට සූදානමක් ඇතැයි ලද තොරතුරු මත එය වළක්වාලීමට ප්‍රදේශවාසීහු අද (20) දෑලතුර ඇල ඉවුර සිට බලාසිටි නමුත් පස්වරු 2.00 වනතුරුත් කුණු රැගත් රථ නොපැමිණියේය. 20 April 2017
ජය කන්ටේනර් ටර්මිනල් වෙතින් මිලියන 77 ක ලාභයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් (කොළඹ තෙල් බැංකුව) සමාගමේ පසුගිය වසරේ ලාභය 2015 වසරට සාපේක්ෂව 113%කින් වර්ධනය වී ඇතැයි වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. 20 April 2017
රුපියලේ අගය තවත් පහළ බසී ආනයනකරුවන්ගෙන් ඩොලරය සඳහා පවතින ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙන බව ව්‍යාපාරිකයෝ පවසති. ඇමරිකානු ඩොලරය සඳහා අඟහරුවාදා පැවති රුපියල් 152.15/25 අගය බදාදා (19) වන විට 153.40/50ක දක්වා පහළ බැස තිබිණ. 20 April 2017
මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගැනත් සාකච්ඡා එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම නිමිත්තෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ත්‍රිකුණාමල වරායේ තෙල් ටැංකි සංවර්ධනය කිරීම සඳහා වූ යෝජනා ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිත ය. එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම නැරඹීම සඳහා මෝදි මහතා මැයි 12 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය. ඔහු දින දෙකක් ශ්‍රී ලංකාවේ සිටිනු ඇත. 20 April 2017
රණවිරු දිනයේ හමුදා පෙලපාළි, වෙඩිමුර වෙනුවට යාපනය පිරිසිදු කරයි මැයි 08 වැනි දාට යෙදෙන රණවිරු දිනය නිමිත්තෙන් උතුරු පළාත කේන්ද්‍රකර ගනිමින් යාපනය නගරයේ අපිරිසිදු වී ඇති ස්ථාන පිරිසිදු කිරීමේ වැඩසටහනක් කරන බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පවසයි. රණවිරු දිනය නිමිත්තෙන් හමුදා ස්මරණ උත්සවය මැයි 08 වැනිදා පලාලි හීදී පවත්වන බවත් කයිතඩි වැඩිහිටි නිවාසයට හා ළමා නිවාසයට ආහාර වේලක් ලබාදීමටත් නියමිත බවත් පළාත් ආණ්ඩුකාරවරයා කියයි. 20 April 2017
වයිකෝ 27 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් 2009 දී ඉන්දීය රජයට එරෙහි කැරලි ගැසුවා යැයි කියන චෝදනාවට රිමාන්ඩ් භාරයේ සිටි තමිලාන්ඩුවේ එල්.ටී.ටී.ඊ. හිතවාදී දේශපාලනඥයකු වූවයි. ගෝපාලස්වාමි හෙවත් වයිකෝ ලබන 27 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කිරීමට ඉන්දීය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇතැයි ‘ද හින්දු‘ පුවත්පත වාර්තා කරයි. 20 April 2017
ආණ්ඩුවේ ප්‍රධාන ආයතනවල ඉහළ තනතුරු රැසක වෙනස්කම් ඉදිරි සති දෙක තුළ ආණ්ඩුවේ ප්‍රධාන ආයතනවල ඉහළ තනතුරු රැසක වෙනස්කම් සමගින් රජයේ කටයුතුවල වෙනසක් කරන බව ජනපති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට පැවසීය. අද පෙරවරුවේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ. 20 April 2017
උතුරු මැද ප්‍රධාන ඇමති ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවයි උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි තනතුරේ රාජකාරි ආවරණය කිරිම සදහා සුදුසුකම් නොමැති නිළධාරියෙකු දේශපාලන හිතවත්කම් මත පත් කිරීම සම්බන්ධයෙන් වන නඩුවකට අදාළව උතුරු මැද ප්‍රධාන ඇමතිවරයා ඇතුළු පිරිසකට මැයි 24 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. 20 April 2017
මුහමාලෙයිහිදී ආයුධ තොගයක් සොයාගනී යුද සමයේදී යුද හමුදා ප්‍රහාර හමුවේ පසු බසින ලද කොටි සංවිධානයේ බවට සැකකෙරෙන ආයුධ තොගයක් යාපනය මුහමාලෙයිහීදී සොයාගත් බව පලෙයි පොලිසිය කියයි. 20 April 2017
ආපදා කළමනාකරණයට ජපානයෙන් විශේෂඥ කණ්ඩායමක් විශේෂඥ සහන කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට ජපාන රජය කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය පවසයි. 20 April 2017
බ්‍රිතාන්‍යයේ හදිසි මහමැතිවරණයට පාර්ලිමේන්තුවේ අනුමැතිය හදිසි මැතිවරණයක් කැඳවීම සඳහා බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ කළ යෝජනාවට අද (19) එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය. මැතිවරණය පැවැත්වීම සඳහා බි්රතාන්ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක බහුතරයක කැමැත්ත අවශ්‍ය විය. 19 April 2017
මීගමුව රෝහලේ සංකේත වර්ජනයක් ප්‍රමාණවත් හෙද කාර්ය මණ්ඩලයක් නොමැතිවීමෙන් මීගමුව දිස්ත්‍රික් රෝහලේ අර්බුදකාරි තත්වයක් හට ගෙන ඇතැයි කියමින් මීගමුව රෝහලේ හෙද කාර්ය මණ්ඩල ප්‍රධානින් ඇතුළු හෙද පිරිසක් අද(19) සංකේත විරෝධතාවයක් ක්‍රියාත්මක කළහ. 19 April 2017
සංචාරක ටිකට්පත්වලින් වංචා කළැයි ප්‍රවර්ධන නිලධරයා රිමාන්ඩ් උඩවලව ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරයකයන්ට අලෙවි කරන ටිකටිපත් මගින් දින තුනකදී රුපියල් 1 23729.25 ක මුදලක් වංචාකළැයි එම වනෝද්‍යානයේ සංචාරක ප්‍රවර්ධන නිලධාරියකු ලබන 24දා තෙක් රිමාන්ඩ් කිරිමට වැල්ලවාය වැඩබලන මහේස්ත්‍රාත් මාලනි තෙන්නකෝන් මහත්මිය අද(19) නියෝග කළාය. 19 April 2017
‘කොළඹ හඳුනාගත් ස්ථානවලට කුණු දැමීම ගැන බයවෙන්න එපා‘ - ආපදා කළමනාකරණ ඇමැති කොළඹ නගරයේ කුණු බැහැර කිරීම සඳහා මේ වන විට ස්ථාන හඳුනාගෙන ඇති බවත් එම ස්ථාන වෙත කුණු බැහැර කිරීම සිදුකරන්නේ නව තාක්ෂණික හා සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුව වන අතර කසල ප්‍රතිචක්‍රීකරණ ක්‍රමවේදයන් ද අනුගමනය කරන බවත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය. 19 April 2017
පොල් ගෙඩියක් ඇහිලුවාට වෙඩි තබා මරයි පන්නල හෙන්ඩියාගල දී අනවසරයෙන් පොල් වත්තකට ඇතුළු වී පොල් අහුලමින් සිටි අයකු (27) පොල්වත්තේ මුරකරු තැබූ වෙඩිපහරකින් මියගොස් ඇතැයි පොලිසිය කියයි. 19 April 2017
රෝස් ඉල්ලා අස්වෙයි එජාප කටාන ආසන සංවිධායිකා බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී රෝස් ප්‍රනාන්දු මෙනවිය ඇය විසින් දරනු ලබන සියලු පක්ෂ තනතුරු වලින් ඉල්ලා අස්වු බවට සඳහන් ලිපියක් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ පක්ෂ මූලස්ථානය වෙත ලිඛිතව දන්වා යවා ඇතැයි අද(19) කටාන එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති විශේෂ පුවත්පත් සාකච්ජාවක දී පැවසුවාය. 19 April 2017
කොටිකාවත්තේ කුඹුරකට කුණු දැම්මා යයි පරීක්ෂණයක් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව මගින් කොටිකාවත්ත සෝමාදේවි විද්‍යාලය පිටුපස පිහිටි ‘කජුගහ කුඹුර’ නැමැති කුඹුරු ඉඩමකට අනවසරයෙන් කුණු බැහැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගේ පැමිණිල්ලකට අනුව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වැල්ලම්පිටිය පොලීසිය අද (19) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත. 19 April 2017
ශ්‍රී ලාංකික ධීවරයන් 7 ක් ඉන්දීය අත්අඩංගුවේ ඉන්දීය මුහුදු සීමාවේදී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතු නිරත වූ ශ්‍රී ලාංකික ධීවරයින් හත්දෙනෙකු ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය විසින් අද (19) අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දියාවේ ‘‘ ද හින්දු ’’ වෙබ් අඩවිය වාර්තා කරයි. 19 April 2017
දින නවයක් වයසැති දරුවා ළිඳට වැටිලා දින දහනවයක් වයසැති දරුවකු ළිදකට වැටී මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට උපාධිධාරිණියක වන තත්ත්ව විශ්ලේෂිකාවක දරුවාගේ මව අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය කියයි... 01 January 2026