( සුජිත් හේවාජුලිගේ)
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී තිබේ.
එමෙන්ම ජලගැල්මෙන් විපතට පත් වුවන් මුදා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය දෙන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
මේ අවස්ථාවේදී මුල්‍ය ප්‍රතිපාදන ප්‍රශ්නයක් කර නොගන්නා ලෙසත් ජනතාවට සියලු සහන පහසුකම් කඩිනමින් සැපයිමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදේම විකුණගෙන කන රටක විපතට පත්වූවන්ට සහන සලසන්නේ තව මොකක් විකුණලාද? අනේ හිටං...
ලංකාවේ මහජනතාව විපතට පත්වුණේ 2015 ජනවාරි 8 වැනිදායි. ඒ විපතින් ගොඩ එන්න නම් මේ නිවට පිංගුත්තර නරුම රැළම එලවා දැමිය යුතුයි. අහිංසක ජනතාවට මේ කරන විපත ඔබලාටම වන්දි ගෙවන්නට සිදුවන බව දැන ගත යුතුය. නමුත් මිනිසත්කම දන්නා පිරිස අසරණයාට පිහිටවන බවද කිව යුතුයි.
අනේ ඔව්... සාලාවේ මිනිස්සුන්ටයි, කුණු කන්දට ගෙවල් දොරවල් නැති වෙච්ච කට්ටියටයි ඔයා සහන සලසපු විදිය අපි දැක්කනේ. සිංහල මිනිසුන්ගේ පවට ජනාධිපති වෙලා, සිංහල මිනිසුන්ටම උගුල් අටවන ඔයා මේ ගමන දෙන සහන ගැනත් අපිට හිතා ගන්න පුළුවන්...
මෙයා කියනකම් හිටියේ...