(රංජන් කස්තුරි )
දකුණු පළාතේ පැතිර යමින් පවතින වෛරස් උණ රෝගය පිළිබඳව සොයා බැලිම සඳහා තවත් විශේෂඥ වෛද්‍ය කණ්ඩායම එම ප්‍රදේශවලට අද (21) පිටත් කර යැවු බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
වසංගත රෝග තත්ත්වය සොයා බැලීම සඳහා කොළඹ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ කණ්ඩායමක් මීට පෙරද එම ප්‍රදේශවලට යවා සිටින අතර ඔවුන් ඒ පිළිබඳව අවශ්‍ය කටයුතු කරමින් සිටින බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
දකුණු පළාතේ පැතිර යමින් පවතින එම උණ රෝගය පාලනය කිරීම සඳහා ගතහැකි උපරිම ක්‍රියා මාර්ග ගනිමින් තිබෙන බවද එම අමාත්‍යංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණ කළඹන ඉන්ෆ්ලුවන්සාව කියලා මේ පත්තරේම තියෙන්නේ ඉතින් තවත් මොනවටද උණ මොකද්ද කියල හොයන්නේ, ඉන්ෆ්ලුවෙන්සාව නිවාරණයට ගතයුතු පියවර ගන්න.
අනුකම්පා සහගත හදවත් ඇති දොස්තර මහත්වරුන්ට හෙදියන්න්ට රෝහල් සේවකයන්ට, හොඳම වෙලාව වර්ජන තර්ජන කරලා තමන්ගේ ඔක්කොම ඉල්ලුම් ලබාගන්න. "කල දුටු කල ඉහගනු වල"