(නාලක සංජීව දහනායක)
පළාත් පාලන මැතිවරණයෙන් ලැබූ ප්‍රතිළුල දෙස බැලීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වීමක් ගැන තම පක්ෂයට හිතන්නවත් නොහැකි යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (21) පැවැසීය.
එබැවින් ඉදිරියේ පැවැත්වෙන සියලූම මැතිවරණ සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරඟ කරන බවද ඔහු කීය.
මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මෙසේද පැවසීය.
ඒ නිසා අපිට එක්වීමක් ගැන හිතන්නවත් බැහැ. ඉදිරියේදී පැවැත්වෙන සියළුම මැතිවරණ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ අපි මහින්ද රාජපක්ෂප මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරඟ කිරීමට දැනටමත් තීරණය කර තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂයේත් පොදුජන පෙරමුණෙත් නායකයා මහින්ද රාජපක්ෂ මහතා පමණයි.
මේ ගමන යද්දී එල්ලවන පෞද්ගලික අපහාස හා උපහාස වලින් අපි සැලෙන්නේ නැහැ. ශ්රීලනිපය හා අපි වෙන්ව තරඟ කිරීමෙන් එක්සත් ජාතික පක්ෂය බලවත් වනවා යැයි කීම තනිකරම මිත්‍යාවක් වෙන්ව තරග කිරීම නිසා පළාත් පාලන මැතිවරණයෙන් අපි විශිෂ්ඨ ප්‍රතිඵලයක් ලැබුවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපි දේශපාලනය කරන්නේ පාක්ෂිකයන්ගේ සිතුම් පැතුම් වලට අනුකූලවයි. ඒ නිසා එක්ව තරග කිරීමෙන් තම පක්ෂෂයට පාක්ෂිකයන්ගේ නිසි අගයක් නොලැබෙන බවද කීය.
බත්තරමුල්ලල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ දී අද (21) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනයක් නැති අයට කියන්න තියෙන්නේ "නිවට ඇම්බැට්ටයා දැක්කාම එළුවත් රැව්ල පානවලු" කියන කතාව තමයි.
මොන බොරු කතාවක්ද? ඔබතුමාගේ පිලේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පුද්ගලයන්ගෙන් 80% ක්ම ශ්‍රීලනිප පාක්ෂිකයින්,.. ලබන ඡන්දේදි අනිවාර්යයෙන්ම ඔබතුමාලා බොරු ශ්‍රීලනිපෙ විරෝධයක් පෙන්වලා අපේ ඡන්ද අරන් අන්තිමට ශ්‍රීලනිපෙ සමග එකතුවෙලා හවුල් ආණ්ඩුවක් හදලා ඇමතිවරු 40-50 විතර දමාගෙන, හවුලේ රට කනවා...
අපි මේ දේ බලාපොරොත්තු වුනේ, 2015 මහමැතිවරණයේදී... එදා එහෙම කළා නම්, පැරදුණු අපේක්ෂකයෝ ජාතික ලැයිස්තුවෙන් ගේන්න ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ වගේම ටී.එන්.ඒ. එකට පිනට ලැබුණු විපක්ෂ නායකකම යන්නෙත් නැහැ. රනිල්ලාට, මෛත්රිලාට මෙහෙම නටන්න ලැබෙන්නෙත් නැහැ. අද ආණ්ඩුව කියන්නේ බටහිර තානාපතිවරු සහ ඉන්දියානු අතකොළුවක් පමණි. දූෂණයෙන් පිරිලා. කොටින්ම මහ බැංකුවට ගහපු ගැහිල්ලම ඇති. අද ඩොලරයට රුපියල් 160 ක් ගෙවන්න වෙලා. හාල් විතරක් නෙමෙයි, පොලුත් පිටරටින් ගෙනෙනවා. රටේ කිසිම සංවර්ධන වැඩක් කෙරෙන්නේ නැහැ. එ්ත් ආණ්ඩුව තවම පොරොන්දු දෙනවා. සැලසුම් හදනවා. නින්දෙන් නැගිටලා වගේ...
ජී එල් පීරිස් මහත්තයා විතරක් නෙමෙයි ලංකාවේ හැමෝම දන්නවා පොහොට්ටුවට ලැබුණු ඡන්ද වලින් සීයට අනූනමයක් ලැබුනේ මහින්ද මහත්තයට ඉතුරු සීයට එක අනික් හැමෝටම කියලා. ඉතින් මෙයාලා මෙහෙම පම්පෝරි ගහන්න ලැජ්ජාවෙන්න ඕනෑ.
එතකොට මහින්ද මහත්මය ශ්‍රී ල නි ප සාමාජිකයෙක් නොවේද ?