මෝදිගේ ශ්‍රී ලංකා ගමනට ඉන්දියාවේ පක්ෂයක් විරුද්ධ වෙයි හින්දු ආගම මර්දනය කරමින් ශ්‍රී ලංකා රජය බෞද්ධ ජාතිකවාද ප්‍රතිපත්තියක් ගෙන යන බවත් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ බෞද්ධ උත්සවයකට සහභාගී වීමට විරුද්ධ වන බවත් ඉන්දියාවේ හින්දු මක්කල් කච්චි නායක අර්ජුන් සම්පත් මහතා පවසයි. 24 April 2017
කෝප් කමිටු සභාපතිවරුන් සාක්ෂි විමසීමට කැඳවයි කොප් කමිටුවේ හිටපු සභාපති ඩියු ගුණසේකර මහතා සහ ඉන් පසුව පත් කරන ලද කොප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහත්වරුන් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කි විමසීම සඳහා කැඳවීමට මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසම තීරණය කොට ඇති බව වාර්තා වේ. 23 April 2017
ඇමරිකානු නෞකාව ගිල්වා දමන්නට උතුරු කොරියාව සූදානම් තමන්ගේ යුද ශක්තිය තහවුරු කිරීමට අවශ්‍ය නම් ඇමරිකා එක්සත් ජනපදයේ යුද ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන යූ.එස්.එස්. කාල් වින්සන් නෞකාව මුහුදුබත් කිරීමට සූදානමින් සිටි බව උතුරු කොරියාව කියයි. උතුරු පැසිපික් සාගරයේ කෙරෙන යුද අභ්‍යාස සඳහා යූ.එස්.එස්. කාල් වින්සන් නෞකාවට තවත් ජපන් නාවික යාත්‍රා දෙකක් එක්වීමෙන් පසුව උතුරු කොරියාව මේ බව කියා සිටියේය. 23 April 2017
පොකිරිස්සන් ඇල්ලූ තිදෙනෙක් අත්අඩංගුවට නිලාවේලි පරවි දූපතට ආසන්න මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලූ ලාංකික ධීවරයින් 3 දෙනෙකු නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 23 April 2017
කසල ප්‍රතිචක්‍රිකරණය යන්ත්‍රය දියුණු කරන්න රාජ්‍ය අනුග්‍රහය ගම්පොළ දොළුවේ අඹකුඹුරේ පදිංචි විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න නිපදවූ කසල ප්‍රතිචක්‍රිකරණය කිරීමේ යන්ත්‍රය සංකල්පමය වශයෙන් ඉතා හොඳ එකක් බැවින් එය දියුණු කිරීම සඳහා වහා උපකාර කිරීමට තීරණය කළ බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා ලංකාදීපයට පැවැසීය. 23 April 2017
පේරාදෙණි සරසවියේ ආචාර්ය සුරවීරට අන්තර්ජාතික සම්මානයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු ආයතනයේ (IEEE) විද්‍යුත් සන්නිවේදන සංගමය විසින් සංවිධානය කරන සුවිශේෂ ජයග්‍රහණ හා සේවා ඇගැයීමේ උළෙලේදී පිරිනැමෙන ලෙනාඩ් ජී. ඒබ්‍රහම් සම්මානය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු අංශයේ ආචාර්ය හිමල් සුරවීර මහතාට හිමිවී තිබේ. 23 April 2017
ශ්‍රී ලන්කන් ආරක්ෂක ප්‍රධානියා නෙරපන්න නියෝග ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ නිලධාරීන්ට මරණ තර්ජන කළේ යයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආරක්ෂක අංශ ප්‍රධානියා වහාම එම තනතුරින් ඉවත් කරන ලෙස බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසම රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇත. 23 April 2017
ශ්‍රීලනිප දිස්ත්‍රික් සංවිධායකවරු 7 දෙනෙක් පත්වීම් ලිපි ලබති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව දිස්ත්‍රික් සංවිධායකවරු හත් දෙනෙක් ජනාධිපති නිලනිවසේ දී මෛත්‍රීපාල සිරිසේන ජනපති අතින් පත්වීම් ලිපි ලබාගත්හ. 23 April 2017
තෙල් ටැංකි ඉන්දියාවට පැවරීමට විරෝධය දක්වමින් ඛණිජ තෙල් සමිති වර්ජනයක් චීන වරාය තෙල් ටැංකි 99 ඉන්දීය තෙල් සමාගමට (අයිඕසී) පවරා දීමට රජය ගෙන තිබෙන තීරණයට විරෝධය පළ කරමින් ඛනිජ තෙල් වෘත්තී සිමිති අද (23) මධ්‍යම රාත්‍රියේ සිට අඛන්ඩ වැඩ වර්ජනයක් කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී ජේ රාජකරුණා මහතා පවසයි. 23 April 2017
රත්හඳුන් කිලෝ 511ක් සමඟ සැකකරුවකු අල්ලයි ඉන්දියාවේ සිට ඩිංගි බෝට්ටු මංගි ලංකාවට ප්‍රවාහනය කරමින් තිබූ රත් හඳුන් කිලෝ ග්‍රෑම් 511ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 23 April 2017
හක්බෙල්ලන් 204 ක් සමග අයෙක් අත්අඩංගුවට කල්පිටිය කුඩාව කලපු තීරයේ,ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබුණු, මුහුදු හක් බෙල්ලන් 204 දෙනෙකු සහ සැක කරුවෙකු අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය කියයි. 23 April 2017
කටුගස්තොට කුණු කන්දත් අවදානම් තත්ත්වයේ මහනුවර මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක කැළි කසල බැහැර කිරීමට යොදා ගනු ලබන කටුගස්තොට ගොහාගොඩ තේක්කවත්තේ පිහිටි කුණු කන්ද ද අවදානම් තත්වයේ පවතින බවත් එමගින් දැඩි පරිසරික හානියක් සිදු වන බවත් ප්‍රදේශවාසීහු පවසති. 23 April 2017
තලේබාන් සංවිධානයට ආධාර කිරීම ගැන ඇමරිකානු රුසියානු මත ගැටුමක් ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානයට ආධාර කරන බවට නේටෝ සංවිධානය එල්ල කරන චෝදනා රුසියාව ප්‍රතික්ෂේප කරයි. ’’රුසියාව ඇත්ත වශයෙන්ම අන්තවාදී කණ්ඩායමට උදව් කරනවා’’ යැයි වොෂින්ටන් නුවරදී ජෙනරාල් කර්ටිස් ස්කැපරොටි පැවැසීය. 23 April 2017
තලේබාන් ප්‍රහාරයෙන් මියගිය පිරිස 140 ඉක්මවයි ඇෆ්ගනිස්තානයේ හමුදා කඳවුරකට කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 140 දෙනකුට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට බලධාරීහූ පවසති. හමුදා ඇඳුම්වලට සමාන ඇඳුමින් සැරසී පැමිණි තලේබාන් සාමාජිකයන් පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයිද මෙම ප්‍රහාරය මෑතකාලයේ ඇෆ්ගනිස්තානයට එල්ල වූ දරුණුතම ප්‍රහාරය යැයි ද එරට බලධාරිහු සඳහන් කළහ. 22 April 2017
කුණු ලොරිවලට පහර දුන් දෙදෙනකු වත්තලදී අත්අඩංගුවට කොළඹ නගරයේ එකතුවන කැළි කසළ මුතුරාජවෙළ බෝපිටිය රක්ෂිතයට රැගෙන ඒමට විරෝධය පාමින් කුණු ලොරිවලට පහර දුන්නැයි කියන දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 22 April 2017
මැරුණු රෙජී රණතුංගගේ අගේ මහින්ද මහත්තයාට අදවත් තේරුම් යාම ගැන සතුටුයි - අර්ජුන ”අපේ තාත්තා මිය යන විට සිටියේ මන්ත්‍රීකෙනෙක් හැටියට. ඒ කාලේ තාත්තට ඇමැතිකමක්වත් මහින්ද රාජපක්ෂ මහත්තයගෙන් ලැබුණේ නැහැ. එතුමා පාර්ලිමේන්තුවේ සිටියේ අන්තිම පේළියේ මාත් එක්ක. එවැනි නොසලකාහැරීමේ තත්ත්වයක් යටතේයි තාත්තා මිය ගියේ. 22 April 2017
කුණුවලට එරෙහිව කරදියානේ නිහඬ විරෝධයක් වේරහැර - කරදියාන කසළ අංගනයට කුණු රැගෙන ඒමට විරෝධය පා ප්‍රදේශවාසීහු නිහඬ උද්ඝෝෂණයක් වෙරහැර බොරුපන පාලම ආසන්න දී නිහඬ විරෝධයක් කළහ. 22 April 2017
දොම්පෙට කසල ගෙනයාමට බාධා නොකරන්නැයි 10 දෙනකුට නොතීසි කොළඹ මහ නගර සිමාව තුළ දිනපතා එකතු වන කසළ බැහැර කිරිමට නම් කර ඇති දොම්පේ මාළිගාවත්ත ඒකාබද්ධ කසළ කළමණාකරණ මධ්‍යස්ථානය කුණු ගෙනයාමට බාධා නොකරන ලෙස තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍යය අමාත්‍යය ඩුලිප් විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග හා දොම්පේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලාන් ජයතිලක යන මහත්වරුන් ඇතුළු දස දෙනෙකුට පුගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නිලුපුලි ලංකාපුර මෙනෙවිය අද (21) නොතීසි නිකුත් කළාය. 21 April 2017
මහනුවර මැයි රැළියට බස් 2800 කින් පාක්ෂිකයින් 120,000 ක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දී පැවැත්වීමට නියමිත මැයි රැළියට දිවයින පුරා බස් රථ 2800 කින් පාක්ෂිකයින් 120,000 වැඩි පිරිසක් සහභාගී වන බව මධ්‍යම පළාත් මහ අමාත්‍ය සරත් ඒකනායක මහතා කියයි. 21 April 2017
සංචාරක මණ්ඩලයේ ණය රුපියල් බිලියනය ඉක්මවයි ජාත්‍යන්තර විකාශන ආයතන තුනකට රුපියල් මිලියන 500ක් පමණ ගෙවීමට තිබෙන හෙයින් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ප්‍රවර්ධන ව්‍යාපාර අකර්මණ්‍ය වී ඇතැයි වාර්තා වේ. ඊට අමතරව එම ආයතනයේ සේවා පවත්වා ගැනීමේ දී ඇති ගැටළු නිසා අමතර ණය රුපියල් මිලියන 600ක් පමණ ගෙවීමට ඇති බවත් ඩේලි එෆ්.ටී. පුවත් පත වාර්තා කරයි. 21 April 2017
ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය දීමේ නීති රීති දැඩිකෙරේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාවේ බහුතරයක් වෙසෙන ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීම තවත් අසීරු කෙරෙන ආකාරයට සංක්‍රමණ නීති දැඩිකිරීම සඳහා එරට රජය පියවර ගෙන තිබෙන බව ‘ද ඕස්ට්‍රේලියන්‘ පුවත්පත වාර්තා කරයි. එරට පුරවැසිභාවය අපේක්ෂා කරන්නන් මින් ඉදිරියට ඉංග්‍රීසි භාෂාව පිළිබඳව සහ ඔස්ට්‍රේලියානු සාරධර්ම පිළිබඳව දැනුවත්භාවය ඔප්පුකළ යුතු බව ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මහතා ප්‍රකාශ කරයි. 21 April 2017
ශ්‍රී ලාංකික ගෘහසේවිකාව ඩුබායි ගුවන්තොටේදී අත්අඩංගුවට වසර හතකට පෙර ගෘහසේවිකාවක් ලෙස සේවය කරමින් සිටියදී ඩුබායි හාම්පුතා සතු ඩිරාම් ලක්ෂ දෙකක් වටිනා භාණ්ඩ හා මුදල් සොරකම් කළ බව කියන ශ්‍රී ලාංකික ගෘහසේවිකාවක(35) යළි ඩුබායි හි ගෘහසේවය සඳහා ගියවිට ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ “ද නැෂනල්’ පුවත්පත වාර්තා කරයි. 21 April 2017
කරදියානේ උද්ඝෝෂණයට නියෝග 8 ක වාරණයක් කරදියාන කසල අංගනය ඉදිරිපිට දී කරදියාන කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් සෙනසුරාදා (22) සංවිධානය කර ඇති විරෝධතාවයට පොලිසිය කළ ඉල්ලීමක් අනුව නියෝග අටක් සහිත වාරණයක් පැනවීමට කැස්බෑව වැඩබලන මහේස්ත්‍රාත් සුනිල් වීරසිංහ මහතා අද (21) නියෝග කළේය. 21 April 2017
මීතොටමුල්ලෙන් ඉවත්වන පවුලකට 50,000 ක මාසික දීමනාවක් මීතොටමුල්ල කුණු කන්ද අවට අවදානම් කලාපයෙන් ඉවත් වන පවුල් සඳහා පූර්ණ වන්දියක් හෝ ස්ථිර නිවාසයක් ලබාදෙන තුරු මසකට රුපියල් පනස්දහසක් බැගින් දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. මෙම පවුල් වෙත භාණ්ඩ ප්‍රවාහනය සඳහා රුපියල් 10000ක් ලබාදීමට ද තීරණය කර ඇත.එමෙන්ම මාස තුනක් ඇතුළත නව නිවසක් හෝ තක්සේරු වන්දිය ලබාදීමට ද තීරණය වී ඇත. 21 April 2017
මාණික්කමඩු ආවාසය ඉදිකිරීමේ විරෝධතාව අදත් අම්පාර මාණික්කමඩු හි දිඝවාපි පරිවාර චෛත්‍යයේ නව ආවාස ගෙයක් හැදීමට මහා සංඝරත්නය කටයතු ආරම්භ කළ අතර ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව මෙයට විරෝධය පෑමත් සමගම පොලිසිය විසින් මහා සංඝරත්නය සමග සාකච්ඡා කොට එහි ඉදිකිරිම් කටයුතු දින 5කට පමණ කල් දමනු ලැබීය. 21 April 2017
ඉදි කිරීම් කෙරෙන තැන්වල ඩෙංගු මදුරු කීටයන් හමුවුවහොත් බලපත්‍රය මාසයකට තහනම් ඉදි කිරීම් සිදු කෙරෙන ස්ථානවල ඩෙංගු මදුරු කීටයන් හමු වුවහොත් බලපත්‍රය මසකට අත්හිටුවන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 21 April 2017
වගා බදු අරමුදලේ කෝටි 600 ට වුණදේ ගැන රජයෙන් විමසයි ජාතික රක්ෂණ භාර අරමුදල යටතේ පැවති වගා බදු අරමුදලේ රුපියල් කෝටි 600ට සිදුවුයේ කුමක්දැයි වහාම රජය ජනතාවට දැනුම් දිය යුතු බව සමස්තලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි. 21 April 2017
පෞද්ගලික ඉඩමකට කුණු දැමීම අධිකරණයෙන් තහනම් කරයි කොටිකාවත්ත සෝමාදේවි විදුහල පිටුපස අංගනයට කුණු බැහැර නොකරන ලෙස කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා කෝන්දේසි සහිත ආඥාවක් අද (21) නිකුත් කළේය. 21 April 2017
අලුත්ම ගැසට් පත්‍රය ජනතාවට පීඩාවක් - ජවිපෙ කියයි අපද්‍රව්‍ය බැහැර කරලීමට බාධා කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන බරපතල වැඩ සහිත සිර දඬුවම් පවා පැනවිය හැකි අයුරින් ජනාධිපතිවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය නිසා ජනතාව මහත් පීඩාවට ලක්විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. 21 April 2017
කසල බැහැර කිරිමට විරෝධය දැක්වුවන්ට නොතිසි පිළියන්දල කරදියාන කසල අංගනය වෙත කොළඹ මහ නගර සභාවට අයත් කසල මෙට්ට්‍රික් ටොන් 350 ක් බැහැර කිරිමට කැස්බෑව අධිකරණය දුන් නියෝගයට අනුව කසල බැහැර කිරිම පැමිණි ලොරි රථ වලට බාධා කරමින් කසල අංගනයේ තිබෙන උද්ඝෝෂණය මෙහෙය වු ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්රීි ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා ඇතුළු හත් දෙනෙකුට අප්‍රේයල් 24 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කෑස්බෑව ප්රලධාන මහේස්ත්රාහත් ගිහාන් රණවක මහතා අද (21) නොතිසි නිකුත් කළේය. එම නොතීසි පිලියන්දල පොලිසිය 21 April 2017
දින නවයක් වයසැති දරුවා ළිඳට වැටිලා දින දහනවයක් වයසැති දරුවකු ළිදකට වැටී මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට උපාධිධාරිණියක වන තත්ත්ව විශ්ලේෂිකාවක දරුවාගේ මව අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය කියයි... 01 January 2026