කුච්චවේලියේ පවුල් 19 ක් ආහාර අහේනියක ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පිහිටි කුබුරුපිටිය කුඩා ගම්මානයේ පදිංචිව සිටින පවුල් 19 ක් ට අයත් ජනතාව උග්‍ර ආහාර හිඟයකට හා දැඩි ආර්ථික දුෂ්කරතාවයකට මෙන්ම රාජ්‍ය නිලධාරි පීඩනයකට ලක්වී සිටිති. 19 April 2017
බ්‍රිතාන්‍ය විදේශ ඇමති ශ්‍රී ලංකා සංචාරය අත්හිටුවයි නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතව තිබූ බ්‍රිතාන්‍ය විදේශ කටයුතු හා පොදුරාජ්‍ය මණ්ඩල කාර්යාල කටයුතු පිළිබඳ අමාත්‍ය ආලෝක් ෂර්මා මහතා එම සංචාරය අත්හිටවූ බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය පවසයි. 19 April 2017
නීති විරෝධීව ගෙන්වූ කෝටි 12 ක භාණ්ඩ සහිත කන්ටේනර් දෙකක් අත්අඩංගුවට විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්ගේ භාණ්ඩ බව කියමින් නීති විරෝධීව මෙරටට ගෙන්වූ රුපියල් කෝටි 12 ක් පමණ වටිනා අධික බදු සහිත වෙළඳ භාණ්ඩ සහිත කන්ටේනර් දෙකක් ඔරුගොඩවත්ත රේගු අංගනයේ දී අත්අඩංගුවට ගත් බව රේගුව කියයි. 19 April 2017
කුණු කන්ද අනතුරේ වගකීම රජය බාරගනී මීතොටමුල්ල කුණු කන්ද පිළිබඳ ප්රශ්නය වසර ගණනාවක් තිස්සේ ඇදී ආ එකක් වුවත් පසුගියදා සිදුවූ අනතුරෙහි වගකීම රජය සම්පූර්ණයෙන් භාරගන්නා බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය. 19 April 2017
මීතොටමුල්ලේ මියගිය අය වෙනුවෙන් මඩකලපුවේ පිංකම් මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් මරණයට පත් වූවන් සිහිකිරීමේ පිංකම් මඩකලපුව දිස්ත්‍රික්කයේ නොයෙක් තැන්වල පැවැත්විණි. 19 April 2017
විදේශීය මත්පැන් බෝතල 182 ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී අද (19) කුරුදුවත්ත ප්‍රදේශයේදී විදේශීය මත්පැන් බෝතල් 182 ක් සමඟ සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. 19 April 2017
කරදියාන ප්‍රදේශවාසීහු කුණු ප්‍රතික්ෂේප කරති, කුණු ලොරි හරවා යවති කරදියාන කසල අංගනයේ අවට ප්‍රදේශවාසීහු කොලඹ කුණු කරදියානට රැගෙන ඒමට විරෝධය පළ කරමින් අද (19) විරෝධතාවයේ නිරත වුහ. 19 April 2017
ගමක් වෙනුවෙන් සටන් කළ කීර්තිරත්නගේ ඉරණම ’අපේ සංවිධානේ කැඳවුම්කරු කීර්ති අයියා. කීර්ති අයියාගේ පවුලේ කීප දෙනකුත් අතුරුදන් වෙලා.’ මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ව්‍යාපාරයේ සංවිධායක නීතීඥ නුවන් බෝපගේ මහතා එලෙස කීවේ පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී ය. ‘මීතොටමුල්ලේ කීර්ති අයියා’ කියූ සැනින් ඔහු කවුදැයි බොහෝ දෙනා දනිති. ඔහු නමින් කීර්තිරත්න පෙරේරාය. මීතොටමුල්ල කුණුකන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු වූයේ කීර්තිරත්න මහතාය. 18 April 2017
හිස නැති මළ සිරුර ගැන ඩී.එන්.ඒ පරීක්ෂණයකට නියෝග සාලියවැව - නීලබැම්ම කළාඔය රක්ෂිතයේ තිබූ පොලිස් කොස්තාපල්වරයකුගේ බවට සැක කෙරෙන මළ සිරුර සම්බන්ධව පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා ලවා පශ්චාත් මරණ පරීක්ෂණයක් හා ඩි.එන්.ඒ පරීක්ෂණයක් පවත්වන ලෙස පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා සාලියවැව පොලීසියට නියෝග කළේය. 18 April 2017
ඉන්දියාව ඉල්ලීමකින් තොරවම අපට උදව් කළා. - හිටපු ජනපති මහින්ද එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව කරන ලද යුද්ධයේදී ඉල්ලීමක් නොකරම ඉන්දියාව ශ්‍රී ලංකාවට උපකාර කළ බව ශ්‍රී ලංකා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. 18 April 2017
මීගමුව බන්ධනාගාරයේදීත් කුඩු බෙදලා මීගමුව බන්ධනාගාරයේ සිටින රැඳවියකුට අමුත්තන් පෙන්වීමේ කාමරයේ දී හෙරොයින් සහ ගංජා අඩංගු පැකට් පහක් ලබාදීමට තැත් කළ සැකකරුවකු බන්ධනාගාර නිලධාරින් අත්අඩංගුවට ගෙන පොලිසියට බාර දී තිබේ. 18 April 2017
කුණු ප්‍රශ්නයට මාස 3න් විසඳුමක් දෙන්න ශාන්ත බණ්ඩාර සූදානම්ලු කුණු කසල ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ක්‍රමවේදයන් සොයා බලන්නට විදේශ සංචාරවලට ගිය අයගේ ප්‍රමාණය සලකන විට එම ප්‍රශ්නයට මෙතෙක් කල් විසඳුම් නොලැබුණේ ඇයිදැයි ප්‍රශ්නයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි. 18 April 2017
මීතොටමුල්ලේ දේපල හානිවූවන්ට නීති ආධාර නොමිලේ දෙන්න නීතිඥ සංගමය සූදානම් ප්‍රාදේශීය දේශපාලනඥයින් විශාල වශයෙන් මුදල් උපයා ගන්නා මීතොටමුල්ල කුණු කන්ද නිසා ප්‍රදේශයේ මහජනයාට තවදුරටත් පීඩාවන් වීම වැළැක්වීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ සෘජු මැදිහත්වීමෙන් කුණු බැහැර කිරීම සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් ඇති කළයුතු යැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ යූ.ආර්.ද සිල්වා මහතා පවසයි. 18 April 2017
බ්‍රාහ්මණවත්තේ සීවලී හිමියෝ අපවත්වෙති ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී බ්‍රාහ්මණවත්තේ සීවලී හිමියෝ (82) අද(18) අපවත් වූහ. 18 April 2017
අලුත්ම පරිගණක වෛරසයකින් ප්‍රවේසම් වන්න’යි අවවාද ඊ-තැපෑලක (email) ස්වරූපයෙන් මේ වන විට පරිගණක වෛරසයක් අන්තර්ජාලයේ ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනතුරු අඟවයි. 18 April 2017
කොළඹ කුණු මාළිගාවත්තට එපා යැයි විරෝධතා කොළඹ නගරයේ කසල දොම්පේ මාළිගාවත්ත රක්ෂිතයේ කසල කළමණාකරණ මධ්‍යස්ථානයට රැගෙන ඒමට විරෝධය පළ කිරිම සඳහා ප්රදේශවාසිහු අද (18) විරෝධතාවයක නිරත වුහ. 18 April 2017
කුණු කන්දේ ඛේදවාචකයෙන් පැන යන්න දේශපාලනඥයින්ට බෑ මීතොටමුල්ලේ කුණු කන්දේ ඛේදවාචකයෙන් මඟහැර යන්නට දේශපාලකයින්ට කිසිසේත්ම ඉඩදෙන්නේ නැතැයි පුරවැසි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු අකලංක හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරයි. 18 April 2017
මඩකළපුව - කොළඹ දුම්රියට ගල් ගැසීමෙන් මගියකුට තුවාල මඩකලපුවේ සිට කොළඹ දක්වා ගමන් ගත් මීනගයා දුම්රියට සඳුදා(17) මඩකලපුව තිරායිමඩුවේ දී ගඩොල් ප්‍රහාරයක් සිදුව ඇතැයි ද මගියෙකු තුවාල ලබා ඇතැයි ද පොලිසිය පවසයි. 18 April 2017
මෝරා සපා කෑමෙන් දිය මත ලිස්සා ගිය තරුණිය මරුට බටහිර ඕස්ට්‍රේලියාවේ සර්ෆින් ක්‍රීඩාව සඳහා ප්‍රසිද්ධ ස්ථානයක් වන එස්පරන්ස්හි දී සර්ෆින් ක්‍රීඩාවේ යෙදෙමින් සිටි 17 හැවිරිදි තරුණියක මෝරකුගේ ප්‍රහාරයට ලක්ව මියගොස් ඇතැයි වාර්තා වේ. 18 April 2017
කොළඹ කුණු කරදියානට මීතොටමුල්ල කුණ කන්ද නාය යාමෙන් පසු කොළඹ නගරයේ එකතුවන කුණු දිනකට මෙට්‍රික් ටොන් 350 බැගින් කරදියාන කසල අංගනයට බැහැර කිරීමට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ මහ නගර සභාවට අවසර දුන්නේය. 18 April 2017
කුණු කන්දේ අතීතය, වර්තමානය සහ අනාගතය ගැන ඇමති පාඨලී කියයි මැයි පළමු වැනිදා (1) සිට නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම්වලට කුණු බැහැර කිරීම තහනම් කරමින් නාගරික සංවර්ධන අධිකාරිය විසින් නියෝගයක් නිකුත් කරන ලදි. මෙම නියෝගය නිකුත් කරමින් විශේෂ කරුණු පැහැදිළි කිරීමක් කළ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේ දශක දෙකක් තිස්සේ දිග්ගැසෙන කුණු ප්රශ්නය විසඳන්න බලධාරීන් මැදිහත් වූ සෑම අවස්ථාවකම එය වැළකී ගියේ දේශපාලන සහ ජනතා විරෝධතා නිසා බවයි. 18 April 2017
ඇමරිකානු නාවික හමුදා ගැන චීනයත් රුසියාවත් තොරතුරු සොයති ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් උතුරු කොරියාවට අයත් මුහුද දෙසට එවා ඇති නාවික හමුදා බලඇණිය පළවා හැරීම සඳහා චීනය සහ රුසියාව බුද්ධි තොරතුරු එක්රැස් කරන යාත්‍රා යවා ඇතැයි බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් පුවත්පත වාර්තා කරයි. 18 April 2017
අනුර සේනානායක 27දා දක්වා තවදුරටත් රිමාන්ඩ් රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අප්‍රේල් 27 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා නියෝග කළේය. 18 April 2017
කුණු කන්ද නාය යාමෙන් මිය ගිය පිරිස් සොයා මෙහෙයුම් දිගටම මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් මිය ගිය පිරිස් සොයා අද (18) දිනයේත් මෙහෙයුම් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 18 April 2017
හිස නැති මළ සිරුරක් සාලියවැවදී හමුවෙයි සාලියවැව - නීලබැම්ම ප්‍රදේශයේ තිබී හිස නැති මළ සිරුරක් හමු වු බව සාලියවැව පොලීසිය කියයි. එම ස්ථානයේ තිබී පොලිස් කොස්තාපල් වරයකුගේ හැදුනුම්පතක් හා පිස්තෝලයක් හමුවී ඇති බවද පොලිසිය පවසයි. 18 April 2017
ප්‍රාදේශීය සභා ලේකම්ට කැත්තකින් කොටන්න ගිය රියදුරු අත්අඩංගුවට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාට සභාව තුළදී කැත්තකින් පහර දීමට උත්සාහ කළ බව කියන එම සභාවේම සේවය කරන අනියම් ආදේශක රිය සහායකවරයෙකු අත්අඩංගුවට ගත් බව හලාවත පොලීසිය කියයි. 18 April 2017
උතුරු කොරියාවෙන් හිතුවක්කාර ප්‍රකාශයක් ජාත්‍යන්තර විවේචන කොතරම් එල්ල වුවද ඇමෙරිකා එක්සත් ජනපදය හා උතුරු කොරියාව අතර යුදමය අර්බුදකාරී තත්ත්වය තව තවත් වර්ධනය වුවද ඉදිරියටත් මිසයිල අත්හදා බලන බව උතුරු කොරියාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු බී.බී.සී පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය. 18 April 2017
ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 16.5 ක ණයක් ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් කුවේට් ඩිනාර් මිලියන 5ක් (ආසන්න වශයෙන් ඇ.එ.ජ.ඩොලර් මිලියන 16.5ක) වූ අතිරේක ණය මුදලක් පිරිනැමීමට අරාබි සංවර්ධනය සඳහා කුවේට් අරමුදල(KFAED) පියවර ගෙන ඇත. 17 April 2017
ජෙලිග්නයිට් කූරු 55ක් කින්නියාහිදී අත්අඩංගුවට නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් සහ ත්‍රිකුණාමලය දිසා දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ සෝදිසි කිරීමකදී අද (17) කින්නියා ප්‍රදේශයේදී ජෙලිග්නයිට් කූරු කිලෝග්‍රෑම් 7.425 ක් (කූරු 55ක්) සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගන්නා ලදී. 17 April 2017
මවගේ මරණයෙන් කම්පනයට පත් හැරී කුමරු පහර දීමට පෙළඹෙයි වසර විස්සකට පෙර මියගිය තම මවගේ අභාවයෙන් ඇති වූ ශෝකය පාලනය කරගැනීමට වෛද්‍ය උපදෙස් ලබාගත් බව බ්‍රිතාන්‍ය හැරී කුමරු ලන්ඩන් නුවර ඩේලි ටෙලිග්රාෆ් පුවත්පතට ප්‍රකාශ කළේය. 17 April 2017
දින නවයක් වයසැති දරුවා ළිඳට වැටිලා දින දහනවයක් වයසැති දරුවකු ළිදකට වැටී මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට උපාධිධාරිණියක වන තත්ත්ව විශ්ලේෂිකාවක දරුවාගේ මව අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය කියයි... 01 January 2026