(ටී.කේ.ජී.කපිල )
නීතිවිරෝධී ලෙස දුම්වැටි සහ ජංගම දුරකථන තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන ආ මෙරට ගුවන් මගීන් තිදෙනකු අද (21) උදෑසන කටුනායක ගුවන් තොටුපොලේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොවුන් තිදෙනා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28, 41 සහ 48 වයස් වල පසුවන්නෝ වෙති.
ඔවුන් රැගෙන ආ ගමන් මලු වල රුපියල් 16,50,000 ක් වටිනා ඩුබායි හි නිෂ්පාදිත දුම්වැටි 33,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 165 ක් සහ ලෝකයේ ජනප්‍රිය ජංගම දුරකථන වර්ගවල අනුකාරක ජංගම දුරකථන 35 ක් ද විය. එම දුරකථන වල වටිනාකම රුපියල් ලක්ෂ දෙකකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd