(ඩයනා උදයංගනී)
වැසි තත්ත්වයේ යම් අඩුවක් පැවතියත් ප‍්‍රධාන ගංගා ගණනාවක ජල මට්ටම තවමත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
නිල්වලා, ගිං, කළු, කැලණි, මහවැලි ගංගා සහ අත්තනගලූ, මා ඔයවල මෙසේ ජල මට්ටම ඉහළ යමින් තිබෙන බව වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජල විද්‍යා) ඉංජිනේරු ආර්.එම්.එම්.ආර් අලවතුවල මහතා පැවසීය.
මේ හේතුවෙන් නිල්වලා ගඟට ආසන්න මාතර, කඩවත් සතර, තිහගොඩ, මාලිම්බඩ, කඹුරුපිටිය, අකුරැස්ස, පිටබැද්දර, ගිං ගඟ ආසන්න බද්දේගම, බෝපෙ පෝද්දල, වැලිවිටිය, දිවිතුර, නාගොඩ, නියාගම, තවලම, නෙලූව, කළු ගඟට ආසන්න කලූතර, දොඩම්ගොඩ, මිල්ලනිය, මදුරාවල, හොරණ, පාලින්ද නුවර, බුලත්සිංහල, ඉංගිරිය, කිරිඇල්ල, කුරුවිට, ඇලපාත, රත්නපුර, කැලණි ගඟ ආශ‍්‍රිත කොළඹ, කැලණිය, කොලොන්නාව, බියගම, කඩුවෙල, හංවැල්ල, දොම්පේ, රුවල්වැල්ල, දෙහි ඕවිට, දැරණියගල, මහවැලි ගඟ ආසන්න නාවලපිටිය හා පේරාදෙණිය, අත්තනගලූ ඔය ආශි‍්‍රත මීගමුව, ජාඇල, කටාන, මිනුවන්ගොඩ, ගම්පහ, අත්තනගල්ල, මා ඔය ආසන්න පන්නල, දිවුලපිටිය යන ප‍්‍රදේශයන්හි ගං වතුර ඇතිවීමේ අවදානමක් පවතින බව ද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සල්වලදී, රණවිරු සැමරුම්වලදී වගේ ගංවතුරෙන් අනාථ වුණු අසරණයින් ඉස්සරහදීත් "වොයිස් කට්" දේශපාලනය නම් කරන්න එපා...