රවී සහ මහේන්ද්‍රන් ගැන ලිපිගොනු තවම බාරදී නැතිලු
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම පවත්වාගෙන ගියැයි කියන ලිපි ගොනු දෙක කොමිසමට ඉදිරිපත් කරන ලෙස එම සමාගමට නියම කොට තිබුණත් මේ වනතුරු අදාළ ගොනු කොමිසමට බාරදී නැතැයි කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසුරිය මහතා පැවසීය.