(ජයන්ත සමරකෝන්)
බස්නාහිර පළාත් සභාවේ නව සභා ශාලාවට ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පුටු පමණක් මිලදී ගන්නා ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා පළාත් සභාවේ ප්‍රධානීන්ට අද (19) උපදෙස් දී ඇත.
මෙම පුටු දේශීය වශයෙන් මිලදී ගැනීම මාස 2 ක් ඇතුළත සිදුකර දැනට සභා ශාලාවේ ප්‍රයෝජනයට ගන්නා පුටු නව ශ්රවනාගාරයට යොදා ගන්නා ලෙසද අද (19) පළාත් සභාවේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමින් ආණ්ඩුකාරවරයා මේ බව දැනුම්දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ටික 1977 සිට කළා නම් අපි අද කොපමණ දියුණු මිනිස්සුද? දේශීය නිෂ්පාදන නවතා දමා, පිටරටින් භාණ්ඩ ගෙන්වීම නිසා අපේ නිෂ්පාදන නැතිවුණා. රුපියල බාල්දු වුණා. කරුණාකර ලක්ෂ 83ක දොරක් හදන්න දෙන්න එපා. ඒවා අනවශ්‍ය වියදම්. 83ට සාපේක්ෂව සුළු මුදලකට තේක්කවලින් දොරක් දාගන්න පුළුවන්...
ඔය ටික 1977 සිට කළානම් අපි අද කොපමණ දියුණු මිනිස්සුද? දේශීය නිෂ්පාදන නවතා දමා පිටරටින් භාණ්ඩ ගෙන්වීම නිසා අපේ නිෂ්පාදන නැතිවුණා. රුපියල බාල්දු වුණා. කරුණාකර ලක්ෂ 83නේ දොරක් හදන්න දෙන්න එපා. ඒවා අනවශ්‍ය වියදම්. 83 ට සාපේක්ෂව සුළු මුදලකට තේක්කවලින් දොරක් දාගන්න පුළුවන්...
අනේ මේ මන්ත්රීලාට දේශීය නිෂ්පාදිත පුටුවල වාඩිවෙන්න පුහුණුවත් දෙන්න. නැත්නං, කොන්දෙ අමාරු හැදේවි. එහෙම කොන්දෙ අමාරු හැදුණත්, සිංගප්පූරු එළිසබෙත් රෝහලට ගියොත්, තවත් ලොකු වියදමක්...
අනේ මේ මන්ත්රීලාට දේශීය නිෂ්පාදිත පුටුවල වාඩිවෙන්න පුහුණුවත් දෙන්න. නැත්නං, කොන්දෙ අමාරු හැදේවි. එහෙම කොන්දෙ අමාරු හැදුණත්, සිංගප්පූරු එළිසබෙත් රෝහලට ගියොත්, තවත් ලොකු වියදමක්...
අර දොරේ ප්‍රශ්නෙට මොකද කොරන්නේ, දොරේ? මහ ඇමැතිගෙන් එ්කේ වියදම කප්පාගත්තොත් නරකද? කොහොම වුණත් එ්කේ වියදම තක්සේරු කරලා බැලුවොත් හොඳයි. කවුරු හරි ගතමන්ට් එකක් ගහපුබව ෂුවර්!
ඇත්තටම ලංකාවේ තියෙන BOI ප්‍රොජෙක්ට් වලටත් ඕකම කරන්න ඕනේ. සියලුම බදු අයින් කළාම හැමෝම ගෙනෙන්නේ පිටරට දේවල්. ලංකාවේ තියෙන ටයිල් කැටයක්වත් ගන්න උනන්දු වෙන්නේ නැහැ. බිලියන ගාණක් සල්ලි පිට යනවා. ලංකාවේ හදනවානම් පිටින් ගෙනෙන්න බැරි වෙන්න නීති දාන්න ඕනේ...
ලක්ෂ්මන් නිපුණආරච්චිට පින්සිද්ද වෙන්ට මේ විනාශය නවතා ගත්තා.
ඔබ අවංකව කිසිම බලපෑමක් නැතුව රටේ මහජනතාව ගැන හිතලා කළා නම් ඔබට තුති. මට මතක හැටියට මෙය ඉස්මතු කලේ ජනතා විමුක්ති පෙරමුණ. සහෝදරයා ඔබටත් තුති.
පුදුම පුටු කතවක්නේ යන්නේ. වෙන ප්‍රශ්න නැත්ද රටේ. මොලේ තියෙන කෙනාට පුටුවම ඕන නැහැ. පැදුර එලලා දුන්නත් වැඩේ කරයි.
අත ළග තියෙන මොරටුව අමතක උනානේ
මහා ඇමතිය සමඟ ඔය වැඩ සටහනට සම්බන්ධ සියල්ලෝ හිරේ දාන්න නීති නැද්ද? කෝටි ගණනක වංචාවක් නැත්නම් නාස්තියක් නේ වෙන්න ගියේ. පුටු කේස් එක ඉවර වෙද්දී දැන් දොරවල් කේස් එකක්. දොරෙන් ඔහොම නාස්ති කරලා නම් මුළු ගොඩනැගිල්ලේම ගැහිල්ල කොපමණ ඇත්ද? ක්‍රිකට් බෝඩ් එකේ එකාට ට්‍රාන්සර් එකක් හරි දුන්න, මහා ඇමතිය මෙච්චර වැඩ කරලත් නිදහසේ. මහා ඇමති කම තියා කම්කරු රස්සාවක් වත් දෙන්න නොවටී........
මේ අයම පුටු ප්‍රශ්නයක් ගෙනල්ල මේ අයම විසදගත්ත. 2015 ඉදන්ම මේ අයම ප්‍රශ්න ගෙනල්ලා මේ අයම විසදනවා මිසක් රටේ , ජනතාවගේ ප්‍රශ්න විසදන්න කාලය ඉතිරි වෙලා නෑ
අණ්ඩුකාරතුමනි !! කරුණාකර ඔය වටිනා මොලටික තියාගන්න හමස් පෙට්ටි ටිකකුත් ඇනවුම් කරන්න ඉඩදෙන්න. මළ ජුලියයි වෙන්නේ මොළ ටික තැලිලා.