ගල්කිස්ස හෝටල් වෙරළ සාදයේ දී 30 ක් අත්අඩංගුවට ගල්කිස්ස හෝටලයක් පිටුපස පැවැත්වූ වෙරළ සාදයක දී විවිධ මත්ද්‍රව්‍ය භාවිතා කළ බව කියන තරුණ තරුණියන් 30 දෙනෙකුට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. 20 August 2018
මත්පෙති විකිණු ඖෂධහල් හිමියෙක් අත්අඩංගුවට නීති විරෝධි ලෙස අලෙවිය සදහා මත්පෙති ළඟ තබාගෙන සිටි ඉබ්බාගමුව ප්‍රදේශයේ ඖෂධ හල් හිමි කරුවෙකු මත් පෙති තොගයක් ද සමඟ අත් අඩංගුවට ගත් බව ගොකරැල්ල පොලිසිය කියයි. 20 August 2018
අම්බලන්ගොඩ වරායෙන් මූදු ගිය ධීවරයින් 11 ක් අතුරුදන් මසුන් මැරීම සදහා අම්බලන්ගොඩ ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් එකොළොස් දෙනෙක් සහිත ධීවර යාත්‍රාවක් අනතුරකට ලක්ව අතුරුදන්ව ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය පවසයි. 20 August 2018
අගමැතිගෙන් අභියෝගයක් යහපාලන රජය යටතේ එක් මාධ්‍යවේදියකු හෝ ඝාතනය කර තිබේ නම් නම්කර පෙන්වන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සියඹලාණ්ඩුවේදී විවෘත අභියෝගයක් කළේය. 20 August 2018
වැලිගම හෝටලයක වෙඩි තැබීමක් වැලිගම ගුරුබැවිල ප්‍රදේශයේ හෝටලයක අද (20) අලුයම සිදු වු වෙඩි තැබීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් හය දෙනෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි. 20 August 2018
ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අභියෝගය බාරගන්නවා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට තමන්ට බාර දිමට එක්සත් ජාතික පක්ෂයත්, විපක්ෂ නායකත්වයත් තීරණය කළහොත් එම අභියෝගය බාර ගන්නා බවට හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් ඇමැති සරත් ෆොන්සේකා මහතා පැවසීය. 19 August 2018
චන්ද්‍රිකාටවත් මහින්දටවත් ආයෙ එන්න බෑ - විජයදාස කියයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉතාම පැහැදිලිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හෝ හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට නැවත ජනාධිපතිවරණයට තරඟ කළ නොහැකි යැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 19 August 2018
ඉන්දුනීසියාවේ තවත් භූමි කම්පාවක් ඉන්දුනීසියාවේ සංචාරක දූපතක් වන ලොම්බොක් දූපතට උතුරට හා ඊසන දිගට වන්නට වන මුහුදේ රික්ටර් මාපකාංක 7.2ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් සිදුව ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද භූ සමීක්ෂණ ආයතනය සඳහන් කරයි. 19 August 2018
කුඩා මෝටර් රථ අලෙවිය පහළ වැටෙයි කුඩා මෝටර් රථ අලෙවිය බින්දුවටම වැටී ඇතැයි මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසයි. 19 August 2018
බුදු දහම - බෞද්ධ සංස්කෘතිය අපහාසයට ලක් කිරීමේ නාට්‍ය තුනක් රාජ්‍ය මාධ්‍ය උපයෝගි කරගෙන බුදු දහම සහ බෞද්ධ සංස්කෘතිය අපහාසයට ලක් කිරීමේ වැඩ පිළිවෙළක් ජාතික සමගිය හා සංහිදියාව ඇති කිරීමේ කාර්යාංශය මගින් ආරම්භ කර ඇතැයි ආචාර්ය ඕමල්පේ සෝභිත දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක හිමියෝ අද (19) පැවසුහ. 19 August 2018
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ගැන එක්සත් ජාතින්ගේ ළමා අරමුදලට පැමිණිල්ලක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පසෙකලා දේශපාලකයන්ගේ වුවමනා එපා කම් ඉටු කරන ආයතනයක් බවට පත්ව ඇතැයි කියමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලට පැමිණිලි කර ඇත. 19 August 2018
ඔක්තෝම්බරයේ සිට දුම්රිය ගමන් ගාස්තු ඉහළට ඔක්තෝම්බර් 01 වැනිදා සිට දුම්රිය ප්‍රවේශ පත්‍රයක මිල 15% කින් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 19 August 2018
යුද ජයග්‍රහණය ගැන හිටපු හමුදාපති ෆොන්සේකා පොතක් ලියයි හිටපු හමුදාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා යුද්ධයේ සියලු තොරතුරු ඇතුළත් කර ග්රන්ථයක් ලිවීමට ආරම්භ කර තිබේ. 19 August 2018
රෙජිනෝල්ඩ්ගෙන් විග්නේෂ්වරන්ට පිළිතුරු ”පළාත් සභාව විසුරූ පසු උතුරු ආණ්ඩුකාරවරයා කිලිනොච්චියේ පන්සල් හදන්න යයි” යන සිරස්තලය යටතේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා 2018.07.30 දමිළ පුවත්පතකට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර ඇත. 19 August 2018
ඌව පළාත් මන්ත්‍රීවරුන්ගේ රුසියා ගමන ජනපති නියෝගයෙන් නවතී ඌව පළාත් සභාවේ ජනතා විමුත්ති පෙරමුණ මන්ත්‍රීවරුන් දෙදෙනා හැර අනෙක් මන්ත්‍රීවරුන් තිස් දෙදෙනාම රුසියාවේ සංචාරයක නිරතවීමට සැලසුම් කළද එම සංචාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් නතරවී ඇතැයි ඌව පළාත් සභාවේ සභා නායක මේජර් සුදර්ශණ දෙනිපිටිය මහතා අද (19) පැවසීය. 19 August 2018
කොමිසමේ නිර්දේශ ඉවත දැමීම ගැන පොලිස්පතිගෙන් අහයි ජාතික පොලිස් කොමිසමෙන් ලබාදෙන නිර්දේශ හා කි‍්‍රයා නොකිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසමින් ජාතික පොලිස් කොමිසම පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා වෙත ලිපියක් යොමුකළ බව පොලිස් කොමිසම් ආරංචි මාර්ග කියයි. 19 August 2018
කළමනාකරණ සහකාරවරුත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට සැරසෙති රාජ්‍ය කළමණාකරන සහකාර සේවාවට අදාළව ඉදිරිපත් කර ඇති ඉල්ලීම් ඉටු කිරීමට රජය අපොහොසත් වුවහොත් වෘත්තිය ක්‍රියා මාර්ගකට අවතීර්ණ වීමට රාජ්‍ය කළමණාකරන සහකාර නිලධාරින්ගේ සංගමය තීරණය කර ඇත. 19 August 2018
‘ටයිපින්‘ වත්තෙන් හොර සහතික ලංකාවේ සහ විදෙස් රටවල්හි රැකියා සහ අධ්‍යාපනය ලබා දීම සඳහා අවශ්‍ය සියලු සහතික පත් ව්‍යාජ ලෙස සැකසු බොරැල්ල වොඩ් පෙදෙසේ ටයිපින් වත්ත ප්‍රදේශයේ නිවසක් වටලා ව්‍යාජ සහතික, ස්කෑනර්, පරිගණක ඇතුළු උපකරණ තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 19 August 2018
පලාගිය ප්‍රා. සභා මන්ත්‍රී හෝමාගමින් අත්අඩංගුවට බන්ධනාගාර ගත කිරිමට නියෝග කිරිමෙන් පසු නවගමුව පොලිසියේ කොස්තාපල්වරයකු ආරක්ෂාව යටතේ හෝමාගම මුලික රෝහලේ රඳවා සිටියදී ඉකුත් 17 වැනි දා අත් මාංචු සමඟ පලාගිය අලව්ව ප්‍රාදේශීය සභාවේ 19 August 2018
මිල්ලණියේ කාන්තාවට වෙඩි තැබු පොලිස් සැරයන් රිමාන්ඩ් හොරණ මිල්ලණිය නිවසක් පිටුපස කාමරයක් තුළ දී දෙදරු මවකගේ හිසට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා අද (19) අධිකරණයට ඉදිරිපත් 19 August 2018
විභාග ශාලාධිපතිගේ හදිසි පරීක්ෂාවෙන් සිසු සිසුවියන්ට බාධා මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගයට පෙනී සිටි හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිළ පාසලක ඊයේ (18) විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් විභාගය ලියමින් සිටින අවස්ථාවේ එම ශාලාවට පත්කර සිටි අතිරේක 19 August 2018
ත්‍රිරෝද රථ රියදුරන්ගේ අවම වයස 35 කීරීමේ යෝජනාවට මංගලගේ විරෝධය ත්‍රිරෝද රථයක් ධාවනය කිරීමේදී රියදුරුගේ අවම වයස අවුරුදු 35 ට සීමා කිරීමේ නීතීයට තමන් එකඟ නොවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 19 August 2018
ශ්‍රී ලන්කන් හිටපු ලොක්කෙක් ළඟදීම අත්අඩංගුවට පසුගිය රෙජීම සමයේ ශී‍්‍ර ලන්කන් ගුවන් සේවයේ සේවය කළ ඉහළ නිලධරයකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ. 19 August 2018
මුහුදේ පෙරළුණු යාත්‍රා දෙකෙහි ධීවරයින් 4ක් බේරාගනී මසුන් මැරීම සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රා දෙකක් පෙරළී යාමෙන් අතුරුදන් වී සිටි ධීවරයින් සිව් දෙනෙකුව වෙනත් ධීවරයින් පිරිසක් විසින් බේරා ගෙන විත් ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත. 19 August 2018
තහනම් පොලිතීන් වැටලීමට පොලිසියට බලය තහනම් පොලිතීන් වර්ග නිෂ්පාදනය කරන සහ අලෙවි කරන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීමේ කටයුතු පොලීසියටත් පැවරීමට මධ්‍යම පරිසර අධිකාරිය සූදානම් වෙයි. 19 August 2018
පිළිකා ඖෂධ ඇතුළු වෛද්‍ය උපකරණ 25ක මිල අඩු කිරීමේ ගැසට්ටුව ළඟදීම පිළිකා ඖෂධ ඇතුළු තවත් ඖෂධ සහ උපකණ 25 ක මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය ඉදිරි දෙසතිය තුළ ප්‍රකාශයට පති කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 19 August 2018
අපරාධ වැටලීම් වලින් වනජිවීයට කෝටි තුනක ආදායමක් වනජිවී අපරාධ වැටලීම් මගින් ගිය වසරේ දී රුපියල් තුන් කෝටි පනස් ලක්ෂයක ආදායමක් උපයා ගෙන ඇතැයි වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 19 August 2018
දුම්රිය වෘත්තීය සමිති ජනපති හමුවෙන්න යයි දුම්රිය රියැදුරු , නියාමක පාලක ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමණාකරුවන්ගේ වැටුප් තල සම්බන්ධ මතුවී තිබෙන ගැටලූව පිළිඳබව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයන් අතර තීරණාත්මක සාකච්ඡාවක් ලබන 23 වනදා පෙරවරුවේ පැවැත්වීමට නියමිතය. 19 August 2018
මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අහන්න යනබව ඒකාබද්ධය කියයි දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර දෙවරක් ජනාධිපති ධුරය දැරූ පුද්ගලයකුට ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත්විය හැකි දැයි යන්න ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත. 19 August 2018
හැටන්-නුවරඑළිය මාර්ගයේ ගමනා ගමනය එක් මං තීරුවකට සීමා කෙරේ හැටන්- නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ සෙන්ක්ලෙයාර් දිය ඇල්ල නැරඹුම් මධ්‍යස්ථානය අසළ පිහිටි කන්දක් එම ස්ථානයේ තිබු බස් නැවතුම්පොලද කඩාගෙන ප්‍රධාන මාර්ගයට කඩා වැටීම නිසා එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය එක් මං කීරුවකට සීමා කර ඇතැයි පොලීසිය පවසයි. 19 August 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026